ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කීත් නෝයර් ප්‍රහාරය : තවත් සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැර ගෙන යෑම සහ පහර දීම සම්බන්ධයෙන් සැකපිට තවත් හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊයේ (පෙබ 18) අදාළ අපරාධය සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූණි.
ඒ අනුව කීත් නෝයර් පැහැර ගෙන යෑම සහ පහර දීම සම්බන්ධයෙන් මේ වන විට හමුදා නිලධාරියෙකු ඇතුළුව සෙබළුන් පස්දෙනකු සැකපිට අත්අඩංගුවේ පසු වෙති.
මීට වසර නවයකට ඉහතදී පැහැර ගැනීමකට ලක් වූ 'ද නේෂන්' පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී තිබිණි.
කීත් නෝයර් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය දැඩි ලෙස විවේචනය කරමින් ලිපි ලිවූ මාධ්‍යවේදියෙකි.
ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු විදෙස්ගත විය.
මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුණි.