ඩෙංගු නිසා කින්නියා පාසල් වසා දැමෙයි

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමත් සමඟ කින්නියා ප්‍රදේශයේ පාසල් හැටහයක් වසා දැමීමට සිදු වූ බව කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ අහමඩ් ලෙබ්බේ පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අද (මාර්තු 15) පටන් දින තුනක කාලයක් එම පාසල් වසා තබන බව සඳහන් කළේය.

'ඩෙංගු රෝගය කින්නියා ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිරයාම නිසා අපි කලාපයට අයත් පාසල් හැටහයක් තාවකාලිකව වසා තැබුවා.ශිෂ්‍යයන් සහ ගුරුවරුන්ට ඩෙංගු හැදිලා තියෙනව.ඔවුන්ගේ පැමිණීම අඩුවුනා.ඒ නිසා අපි ඉහල නිලධාරීන් සමඟ කතාකරලා දවස් තුනක් පාසල් වසා දැමීමට තීරණය කළා' කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝගය දරුණු අතට හැරීමත් සමඟ ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන මැදිහත් වීමෙන් මහා පරිමාණයේ පරිසර පිරිසිදුකිරීමක් අද(15) ක්‍රියාවට නැංවුනි.

කින්නියා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී දොස්තර අබ්දුල් හලීම් සමීන් බීබීසියට අදහස් දක්වමින් දහසකට අධික ඩෙංගු රෝගීන් සිය රෝහලට වාර්තා වූ බව කියාසිටියේය.

'පසුගිය මාස දෙකක කාලය තුලයි ඩෙංගු පැතිරෙන්න පටන්ගත්තේ.අද වෙනකොට අපේ රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 1072 විතර හඳුනාගෙන තියෙනව.දැන් කින්නියා මූලික රෝහලේ ඩෙංගු රෝගීන් 113 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා' වෛද්‍යවරයා පවසයි.

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

රෝගය හිටිඅඩියේ දරුණු අතට හැරීමට හැරීමට හේතුව කුමක්දැයි ප්‍රශ්නකළ විට එහි පවතින තත්වය විස්තර කළ වෛද්‍ය අධිකාරී දොස්තර අබ්දුල් හලීම් සමීන් කුඩා භූමි ප්‍රදේශයක් තුළ විශාල ජනකායක් වාසය කිරීමත් මහජනතාව පරිසරය පවිත්‍රව පවත්වා නොගැනීමත් ඊට හේතු වී ඇතිබව පෙන්වා දුන්නේය.