ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නියඟයෙන් ලක්‍ෂ හයක් පීඩාවට
ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් ලක්ෂ හයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අනුරාධපුරය, කිලිනොච්චිය, වව්නියාව, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 13කට මෙම නියඟය තදින් බලපා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සංදේශයට ප්‍රකාශ කළේය.
කළු ගඟට කරදිය
මේ අතරතුර කළු ගඟේ ජලයට කරදිය එක්වීම හේතුවෙන් එහි ලවණභාවය ඉහලගොස් බීමට නුසුදුසු පත්වයට පත්ව ඇති බවද ඔහු පැවසීය.
මේ හේතුව නිසා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.
මේ පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියාසිටියේ කළු ගඟේ ජල මට්ටම පහළ බසිනවිට මුහුදු ජලය ගඟට ගලා එන බවය.
නියඟයෙන් පීඩාවට පත්වූවන් පිළිබඳව දුරකථන අංක 117 ඔස්සේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි අතර එය දවසේ පය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනු ඇත.