'දේශපාලන බෝම්බයක් ගැන බැසිල්-එජාප සාකච්ඡාවක්'

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ "දේශපාලන බෝම්බයක්" පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සහ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා චෝදනා කරයි.
ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
"ඒ පිළිබඳ මට විස්තර තියනවා. සාකච්ඡා කරපු තැන් තියනවා. ඒ පිළිබඳ විස්තර තව මාසෙකින් මම ලබල දෙනවා," ඔහු පැවසීය.
තමන් කරන චෝදනාවට බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරවු කිරීමට තමා සූදානම් බවත් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බැවින් ඔහුට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණයේ යම් සංශෝධන සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එම සාකච්ඡාවේදී පොරොන්දු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එස්බී දිසානායක සහ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරුන් සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක් ද මාධ්‍ය හමුවට එක් වී සිටියහ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සාමාජික කාඩ් පත ලබාගත්තේය.







