අමරදෙව් වියොවින් තැවෙන ලක්දන

ඡායාරූප මූලාශ්‍රය, fb
'හෙළයේ මහා ගාන්ධර්වයාණන්' යනුවෙන් පිදුම් ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වීමෙන් ශෝකයට පත් ශ්‍රී ලාංකික රසික ජනතාව ඔහු ට තම හදපිරි ගෞරවය සහ ආදරය පුද කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඡයාරූප, කවි පබැඳුම් සහ විවිධාකාරයේ වැකි පළකරමින් සිටිති. පහත පළවන්නේ එසේ අන්තර්ජාල සමාජ මධ්‍යජාලා ඔස්සේ බෙදාහැර තිබුණු නිර්මාණ අතරින් අප ඇස ගැසුණු කිහිපයක් පමණි.
හේෂාන් සිගේරා නම් රසිකයෙක් තම ආදරණීය ගායකයා පිලිබඳව මෙසේ සටහන් කොට තිබුණි. අමරදේවයන් දෙව්ලොවට යන බවකි ඒ මගින් අඟවා තිබුණේ.

ඡායාරූප මූලාශ්‍රය, fb
රන්සර බණ්ඩාර තම හදපිරි ප්‍රණාමය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ අමරදේවයන්ගේ ඡයාරූපයක පසෙකින් කවියක්ද සටහන් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, fb
සංගීතවේදී අමරදේවයන්ගේ වියෝව ගැන ෆේස්බුක් සටහනක් තබන කැලණිය විශ්වවිද්‍යාලය සඳහන් කරන්නේ "ඔබ අපෙන් සමුගත්තද අප ඔබෙන් සමුනොගන්නා බව ලියා තබමින්. තවත් බොහෝ පිරිස් ලියා තිබුණු අයුරින් මේ මහා සංගීතවේදියාගෙන් 'ගිමන් හරින්නැයි' ඉල්ලීමක් ද ඒ මගින් සිදුකරයි.

ඡායාරූප මූලාශ්‍රය, fb
ජනප්‍රිය ගයන ශිල්පී කසුන් කල්හාර තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ 'අවසන් ප්‍රදීපාගාරයද නිවීගිය බවයි'

ඡායාරූප මූලාශ්‍රය, fb
මේ අතර අමරදේවයන් සතුවූ යහපත් ගුණාංග පිළිබඳවද බොහෝ දෙනෙක් තම අදහස් පළ කර තිබුණි. මේ එවන් නිර්මාණයකි.

ඡායාරූප මූලාශ්‍රය, fb
කිත්සිරි ජයවීර නම් රසිකයෙක් අමරදේව ගාන්ධර්වයාණන් වෙත මෙසේ තම ගෞරවය පළ කර තිබිණි, මහගම සේකරයන්ගේ ගීත රසික හදවත් තුළ රඳවා රැගෙන ආවේ අමරදේවයන් බවයි එම නිර්මාණයෙන් කියැවෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, fb
අමරදේවයන් ගෙන් සිදුවූ මෙහෙය ශ්‍රී ලංකික සහෘදයන් වෙත සිහිගැන්වීමට සහ තම මිතුරන් දැනුවත් කිරීමටද ඇතැම් නිර්මාණ මගින් උත්සාහ කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, fb
අමරදේවයන්ගේ වියෝවින් ශෝකවන්නේ සිංහල රසික රසිකාවියන් පමණක් නොවේ. මේ සිෆානි පාතිමා තම ශෝකය පළ කළ ආකාරයයි.

ඡායාරූප මූලාශ්‍රය, fb
ප්‍රවීණ කලාකරුවෙකු වන ඉන්ද්‍රනාත තේනුවර වසර 38 ක සබැඳියාව සිහිකරමින් ...

ඡායාරූප මූලාශ්‍රය, fb
ආචාර්ය අමරදේවයන්ගේ ගීත වල පදවැල් ඇසුරින්ම තෝරාගත් යෙදුම් ඔස්සේ තම හද පිරි ප්‍රණාමය පුදකරන තවත් නිර්මාණයක්.

ඡායාරූප මූලාශ්‍රය, fb
තවත් අයෙකු පවසන්නේ පණ්ඩිත් අමරදේව, මහා සංගීතඥ කේමදාසයන් සහ මහගම සේකර ශූරීන් දෙව්ලොවදී එක්වී ඇති බැවින් දෙව්ලොව මැවෙන අසිරිය පිළිබඳවයි.

ඡායාරූප මූලාශ්‍රය, fb








