තාජුදීන් සිරුරු කොටස් අතුරුදහන් වීම; ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරීක්ෂණයක්

ඝාතනය කෙරුණු වසීම් තාජුදීන්ගේ සිරුරු කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් එවකට කොළඹ අධිකරණ වෛද්‍ය ප්‍රධානී වෛද්‍ය ආනන්ද සමරසේකර වගකිවයුතු බව සෞඛ්‍යය අමාත්‍යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සෞඛ්‍යය අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ, තාජුදීන්ගේ ශරීර කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්ෂණයක් සිදු කළ බවයි.
එම පරීක්ෂණය අනුව තාජුදීන්ගේ සිරුරු කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානී ආනන්ද සමරසේකර වගකිවයුතු බව සනාථ වී ඇති බව කියා සිටි සෞඛ්‍යය ලේකම්වරයා වෛද්‍ය සමරසේකර මේ වන විට විශ්‍රාම ගොස් ඇති නිසා ඔහු සම්බන්ධයෙන් රහස් පොලිසිය හරහා ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවයි අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව අදාළ ලිපිය නඩු ගොනුවට ඇතුළත් කළ මහේස්ත්‍රාත්වරයා හිටපු අධිකරණ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හරහා පරීක්ෂණයක් පවත්වන බවත් දැනුම් දුන්නේය.
අද(24) නඩු විභාගය අද කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ තාජුදීන් ඝාතනයට අදාළව දැනට සොයා ගනු ලැබ ඇති වීඩියෝ දර්ශන වැඩිදුර පරීක්ෂා කිරීම කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරය වෙත යොමු කර ඇති බවයි.
එමෙන්ම සැක කටයුතු දුරකථන ඇමතුම් කිහිපයක් ගැනත් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය කියා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ලබන මස හත් වෙනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.





