ඇමෙරිකානු නියෝජිතවරයෙක් ශ්‍රී ලංකාවේ

ඡායාරූප මූලාශ්‍රය, U.S. Embassy Colombo, Sri Lanka
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, දේශපාලන නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් හමු වී මානව හිමිකම් සහ සංහිඳියාව සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.
ඔහු අඟහරුවාදා උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ආචාරිනී දීපිකා උඩගම හමු වී සාකච්ඡා කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබා දෙන බවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහතික වූ බවත් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.




