ආසියානු කුසලාන මුල් තරඟයේ ජය ලංකාවට

ආසියානු ටෙස්ට් රටවල් හතර සහ ඇෆ්ඝනිස්තානය තරඟාවලියට එක් වී සිටිති

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු ටෙස්ට් රටවල් හතර සහ ඇෆ්ඝනිස්තානය තරඟාවලියට එක් වී සිටිති

බංග්ලාදේශයේ ෆතුල්ලා නගරයේදී ආරම්භ වූ ආසියානු කුසලාන ශූරතාවලියේ සමාරම්භක තරඟයේදී පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලකුණු 12 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු හයකට ලකුණු 296 ක් රැස් කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් පකිස්තාන කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත්තේ ලකුණු 284 ක් පමණයි.

ලහිරු තිරිමාන්න ශතකයක් රැස් කිරීමත් ලසිත් මාලිංග කඩුලු පහක් දවා ගැනීමත් තරඟයේ කැපී පෙනුන සිදුවීම්.

ආසියානු කලාපයේ ටෙස්ට් රටවල් හතර සහ ඇෆ්ඝනිස්තානය මෙම තරඟාවලියට එක් වී සිටිති.

එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉහලම ස්ථානයක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, මාර්තු මාසයේ ආරම්භ කෙරෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලිය ඉලක්ක කර ගනිමින් තරඟාවලියට මුහුණ දෙන බව කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා සඳුදා බීබීසී සංදේශයට කියා සිටියේය.