ඇෆ්ඝනිස්තානය ලෝක ක්‍රිකට් කුසලානයට

ඉතිහාසයේ පළමු වතාවට ඇෆ්ඝනිස්තානය ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලැබුවේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා නුවරදී කෙන්යාවට එරෙහිව පැවැත්වුණු තරඟයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් අත් කර ගැනීමත් සමඟයි, 2015 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට ඇෆ්ඝනිස්තානය සුදුසුකම් ලැබුවේ.
මේ සමඟම 2015 පෙබරවාරි 18 වැනි දින ඇෆ්ඝනිස්තානය බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ලෝක කුසලාන තරඟයට මුහුණ දීමට නියමිතයි.
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය ඇෆ්ඝනිස්තානය සමඟ මූලික වටයේදී තරඟ වැදීමට නියමිත අනෙක් කණ්ඩායම්.
ඇෆ්ඝනිස්තානය මීට කලින් කිහිප වතාවක්ම විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයට තරඟ වැදුණේය.
පසුගිය වසරේ සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම හමුවේ ප්‍රබල පරාජයකට මුහුණ දීමත් සමඟම තරඟාවලියෙන් ඉවත්ව ගියේය.




