ක්‍රිකට් නීති: සචිත්‍ර නිසා කරළියට ආ 'මෑන්කාඩ්' දැවී යාම' අශ්වින් නිසා යළිත් කතාබහට

2014 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයකදී ද ජොස් බට්ලර් මෙම ආකාරයට දැවී ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, cricket australia

ඡායාරූප ශීර්ෂ වැකිය, 2014 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයකදී ද ජොස් බට්ලර් මෙම ආකාරයට දැවී ගියේය.

පන්දුව මුදා හැරීමට පෙර, පන්දුවට පහර නොදෙන අන්තයේ (non-striker's end) සිටින පිතිකරුවෙකු සීමා ඉරෙන් ඉදිරියට යන අවස්ථාවකදී ඔහු කඩුල්ල බිඳ දවා ගැනීම සම්බන්ධයෙන් යළි කතාබහක් ඇති වී තිබේ.

ඒ, පසුගිය දා IPL තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් අතර පැවති තරගයකදී රවිචන්ද්‍රන් අශ්වින් විසින් ජොස් බට්ලර් එසේ දවා ගනු ලැබීමත් සමගය.

එහිදී ජොස් බට්ලර් දැඩි ආවේගශීලී ප්‍රතිචාරයක් පළ කළ අතර, බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ප්‍රවීණයින් ද එම දවා ගැනීම "ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක්" බවට චෝදනා කර තිබිණි.

රවිචන්ද්‍රන් අශ්වින් ජොස් බට්ලර් දවා ගත් අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, cricket australia

ඡායාරූප ශීර්ෂ වැකිය, රවිචන්ද්‍රන් අශ්වින් ජොස් බට්ලර් දවා ගත් අවස්ථාව

සචිත්‍ර, අශ්වින්, වෝල්ෂ් සහ පොලාර්ඩ්

එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවෙකු වන ජොස් බට්ලර් මෙවැනි ආකාරයකට දැවී ගිය දෙවන අවස්ථාව මෙයයි.

2014 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයකදී ද ජොස් බට්ලර් මෙම ආකාරයට දැවී ගියේය.

බට්ලර් එසේ දැවී ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වන සචිත්‍ර සේනානායක විසින් කඩුල්ල බිඳ දැමීම හේතුවෙනි.

සචිත්‍ර සේනානායක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර, රවිචන්ද්‍රන් අශ්වින් ද මෙවැනි ආකාරයට දවා ගැනීමක් සිදු කිරීමට උත්සහ කළේ, පළමු වරට නොවේ.

2012 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයක් අතරතුර ලහිරු තිරිමාන්න එසේ දවා ගැනීමකට අශ්වින් උත්සහ දැරීය.

එහෙත්, නායක විරෙන්දර් ශෙවාග් සහ සචින් ටෙන්ඩුල්කාර්ගේ මැදිහත් වී එම දවා ගැනීම අනවශ්‍ය බව දන්වා සිටීම නිසා ලහිරු තිරිමාන්නට යළි පන්දුවට පහර දීමට අවස්ථාව හිමි විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

කෙසේ වෙතත්, 'මෑන්කාඩ්' දැවී යාමක් මගින් තරගය ජය ගැනීමට තිබූ අවස්ථාවක් කර්ට්නි වෝල්ෂ් ප්‍රතික්ෂේප කිරීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරගයෙන් පරාජය වීමට ද සිදු විය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ අතර, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර බාබඩෝස් කණ්ඩායමේ නායක කයිරන් පොලාර්ඩ් පන්දු යවමින් සිටියදී ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් පමණක් අවශ්‍ය වී සිටි ගයනා කණ්ඩායමේ පිතිකරු අසාද් ෆුඩාඩින් එලෙස දවා ගැනීමට හැකියාව තිබියදී ඔහුට අවවාද කිරීමක් පමණක් කළේය.

කයිරන් පොලාර්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, cricket australia

එම තරගයෙන් කයිරන් පොලාර්ඩ් ප්‍රමුඛ බාබඩෝස් කණ්ඩායමට පරාජය වීමට ද සිදු විය.

'මෑන්කාඩ් දැවී යාම' ලෙස මෙය හඳුන්වන්නේ ඇයි?

මෙම දවා ගැනීමේ ක්‍රමයේ ඉතිහාසය 1947 වසර දක්වා ඈතට විහිදී යයි.

'මෑන්කාඩ් දැවී යාම' ලෙස හඳුන්වන්නේ, 1947 වසරේදී ඉන්දීය පන්දු යවන්නෙකු වූ විනූ මෑන්කාඩ් විසින් මේ ආකාරයට ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වූ බිල් බ්‍රවුන් දවා ගැනීමෙන් පසුය.

විනූ මන්කඩ්

ඡායාරූප මූලාශ්‍රය, Wikipedia

ඡායාරූප ශීර්ෂ වැකිය, විනූ මෑන්කාඩ්

"ක්‍රීඩාවේ ජීව ගුණයට බාධාවක් නොවේ"

මේ සම්බන්ධයෙන් ෂේන් වෝර්න්, ඩේල් ස්ටේන්, මයිකල් වෝන් ආදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් විවේචන එල්ල කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරව කටයුතු කරන මාලිබෝන් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වන ෂේන් වෝර්න් පවසා ඇත්තේ, "නායකයෙකු මෙන් ම සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස රවිචන්ද්‍රන් අශ්වින් පිළිබඳව කනගාටු වන" බවය.

මේ අතර, එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මයිකල් වෝන් සඳහන් කර තිබුණේ, "අශ්වින්, බට්ලර් දවා ගැනීමට පෙර අනතුරු ඇඟවීමක් කර තිබුණා නම් එය ගැටලුවක් නොවන" බවය.

කෙසේ වෙතත්, "ක්‍රිකට් ක්‍රීඩාවේ නීති අනුව ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය" බව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සහ ක්‍රීඩාවේ ජීවගුණය සම්බන්ධ භාරකරු ලෙස ක්‍රියා කරන මාලිබොන් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

එම නිවේදනයේ දැක්වෙන්නේ, "පන්දුව යැවීමට පෙර සීමා ඉරෙන් ඉදිරියට යාමෙන් වාසියක් ලබා ගැනීමට උත්සහ කරන පිතිකරුවෙකු දවා ගැනීම, ක්‍රීඩාවේ ජීව ගුණයට බාධාවක් නොවන" බවය.

"පන්දු යැවීමට පෙර සීමා ඉරෙන් ඉවතට යන පිතිකරුවෙකුට ඒ පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කළ යුතු බවට ක්‍රිකට් නීතිවල සඳහන් නොවන" බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවත් කියවන්න.