ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා එන අලුත් නීති මෙන්න

cricket ball

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා නවතම නීති කිහිපයක් යෝජනා කිරීමට එංගලන්තයේ මාලිබොන් (Marylebone) ලෝක ක්‍රිකට් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් පිරිසකගෙන් සමන්විත අදාළ කමිටුව විසින් යෝජනා කරනු ලැබූ නීති අතර පන්දු වාරයක් අවසන් වීමෙන් පසු ඊළඟ පන්දු වාරය ආරම්භ කිරීමට ගත වන වේලාව පරීක්ෂා කිරීමට කාල මාපකයක් භාවිත කිරීම සහ සෑම ටෙස්ට් ක්‍රිකට් තරගයකට ම එක ම ප්‍රමිතියකින් යුත් පන්දු භාවිත කිරීම යන යෝජනා ද වේ.

මාලිබොන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club) ලෝක ක්‍රිකට් කමිටුව යෝජනා කර ඇත්තේ, මේ වසරේ අළු බඳුන තරගාවලියත් සමග ඇරඹෙන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එක් ප්‍රමිතියකින් යුත් පන්දු භාවිත කළ යුතු බවටය.

මෙම ලෝක ක්‍රිකට් කමිටුව යනු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීති යෝජනා කළ හැකි ස්වාධීන මණ්ඩලයකි.

Test

මේ වන විට ටෙස්ට් තරග සඳහා එකිනෙකට වෙනස් සන්නාම තුනකට අයත් රතු පැහැති පන්දු භාවිත කෙරේ.

එංගලන්තයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි ටෙස්ට් තරග සඳහා භාවිත කරන්නේ ඩියුක්ස් (Dukes) සමාගමේ පන්දුය. ඉන්දියාවේදී එස්ජී (SG) පන්දු භාවිත කරන අතර සෙසු සියලු රටවල භාවිත වන්නේ, කූකබරා (Kookaburra) පන්දුය.

ඔස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝර්න් සහ එංගලන්තයේ හිටපු නායක මයික් ගැටිං ද ඇතුළත් මෙම කමිටුව පැවසුවේ, "පිත්ත සහ පන්දුව අතර සමබරතාව අතිශය තීරණාත්මක" බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ටෙස්ට් තරගවල කාලය නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා මෙසේය.

  • ටෙස්ට් තරගවල නිපන්දුවකට පසු නිදහස් පහරක් (Free hit) ලබා දීම.
  • පන්දු වාරයක් අවසන් බව දැනුම් දීමෙන් පසු තත්පර 45ක් තුළ ඊළඟ පන්දු වාරය ආරම්භ කරනවා ද යන්න පරීක්ෂා කිරීම.
  • කාලගණකයේ 0 සටහන් වීමට පෙර පන්දු වාරය ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවවාද කිරීම.
  • එම තත්ත්වය දිගින් දිගට ම පැවතියහොත් පන්දුවට පහර දෙන ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 5ක් ලබා දීම.
  • කඩුල්ලක් බිඳ වැටුණු පසු යළි තරගයට සූදානම් වීමට ගත කරන කාලය ගණනය කිරීම.

නිපන්දුවකින් පසු නිදහස් පහරක් ලබා දීම සීමිත පන්දු වාර තරගවලදී මේ වන විටත් ක්‍රියාත්මක වේ.

ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන රැස්වීමකදී කාල ගණකය පිළිබඳ යෝජනාව හඳුන්වා දීමට කමිටුව අදහස් කරයි. මේ අතර, ටෙස්ට් තරග සඳහා එකම ප්‍රමිතියකින් යුත් පන්දුවක් භාවිත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබන මැයි මාසයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්පසු එම යෝජනා සම්බන්ධ නිර්දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ මහා සභා රැස්වීමකට ඉදිරිපත් කර ටෙස්ට් ක්‍රීඩා කරන රටවල අනුමැතියට යොමු කළ හැකිය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය පරිපාලන ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වුව ද, ක්‍රීඩාවේ නීති සහ ක්‍රීඩාවේ ජීවගුණය සම්බන්ධ භාරකරු ලෙස ක්‍රියා කරන්නේ මාලිබොන් ක්‍රිකට් සමාජයයි.

ටෙස්ට් ක්‍රීඩාවේ පවත්නා නීති අනුව සම්පූර්ණ එක් දිනකදී පන්දු වාර 90ක් යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් නියමිත පන්දු වාර ගණන සම්පූර්ණ කිරීම සඳහා අතිරේක පැය භාගයක කාලයක් හිමි වේ.

පෙබරවාරි මාසයේදී එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගය කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තහනම් වූයේ, මන්දගාමී පන්දු යැවීම හේතුවෙනි.

එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගය කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තහනම් වූයේ, මන්දගාමී පන්දු යැවීම හේතුවෙනි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගය කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තහනම් වූයේ, මන්දගාමී පන්දු යැවීම හේතුවෙනි

මාලිබොන් ක්‍රිකට් සමාජය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, පන්දු යැවීමේදී වැඩිපුර කාලය ගත කිරීම නිසා එංගලන්ත, ඔස්ට්‍රේලියා, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් ලෝලීන්ගෙන් 25%ක ප්‍රතිශතයක් ටෙස්ට් තරග නැරඹීමට නොයන බවය.

එම සමීක්ෂණයේදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ, ඔවුන් වැඩි ම ප්‍රිය කරනුයේ ටෙස්ට් තරගවලට බවය.