ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කර ජයපැන් බොමින්

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කර ජයපැන් බොමින්

සීමිත ඕවර තරඟාවලීන් වැනි 'ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලියක්' සඳහාත් ICC ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ අරමුණෙනි.

යෝජිත 'ටෙස්ට් ක්‍රිකට් ශූරතා කුසලානය' සඳහා දැනට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි ප්‍රධාන රටවල් නවය සහභාගී කරවීම ICC සැලැස්මයි.

2019 වසරේ ආරම්භ කෙරෙන මෙම ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලිය වසර දෙකක් තිස්සේ පැවැත්වෙන අතර අවසාන මහා තරඟය 2021 වසරේ ගිම්හාන සමයේ දී ලන්ඩන් නගරයේ පැවැත්වීමට නියමිතයි.

ප්‍රකාශිත සැලැස්ම අනුව, ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලිය නියෝජනය කරන රටවල් තරඟාවලීන් හයකට සහභාගී විය යුතු අතර එයින් තරඟ තුනක් සිය රට තුළදීද තවත් තරඟ තුනක් වෙනත් රටකදී ද ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

යෝජිත ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලිය 2019 පටන් 2021 දක්වා පැවැත්වෙනු ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, යෝජිත ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලිය 2019 පටන් 2021 දක්වා පැවැත්වෙනු ඇත.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් පැවැත්වුන දීර්ඝ සාකච්ඡාවන්හිදී විකල්ප වැඩ පිළිවෙලවල් සහ අත්හදා බැලීම් එම ක්‍රීඩාවේ පැවැත්මට මහෝපකාරී වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගත යුතු බව පැහැදිලි විනැයි ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පවසයි.

දැනට සැලසුම් කර ඇති පරිදි ටෙස්ට් ශූරතා තරඟාවලිය ආරම්භ වන්නේ 2019 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුවයි.

ටෙස්ට් ශූරතා කුසලානය සඳහා පැවැත්වෙන හැම තරඟාවලියක්ම අවම වශයෙන් තරඟ දෙකකින් යුක්ත වනු ඇත.

එහෙත් එම තරඟාවලීන් 'අළු බඳුන' මෙන් තරඟ පහක් බවට පත් කරනු ලැබීමට ද ඉඩකඩ ඇත.

එසේම ඒවා දවස් පහේ තරඟ හැටියට සැලසුම් කෙරෙයි.

එම තරඟාවලීන්හි දී ඉහළම ස්ථාන හිමි කර ගනු ලබන කණ්ඩායම් දෙක 2021 වසරේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.

සිම්බාබ්වේ, ඇෆ්ඝනිස්තාන් සහ අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් මෙම සමාරම්භක තරඟාවලියට සහභාගී කර නොගනියි.

ඇෆ්ඝනිස්තානය ටෙස්ට් ක්‍රිකට් වරම ලද අලුත්ම රටවල් දෙකෙන් එකකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝනිස්තානය ටෙස්ට් ක්‍රිකට් වරම ලද අලුත්ම රටවල් දෙකෙන් එකකි

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ අරමුණෙන් දිවා- රාත්‍රී තරඟ දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය සහභාගී වූ දිවා - රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා එක්සත් අරාබි එමීරයේ පැවැත්වුණි.

දවස් හතරේ තරඟ

දවස් පහක් එක දිගට ක්‍රීඩා කරන ටෙස්ට් ක්‍රිකට් තරඟ ක්‍රීඩාලෝලීන් ආකර්ෂණය කර ගැනීම අතින් අභියෝගයකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හඳුනා ගනු ලැබ ඇත.

එවැනි තත්වයක් යටතේ වඩාත් අඩු කාලයක් ගත වෙන ක්‍රිකට් ක්‍රීඩා ඉසවු කෙරෙහි බොහෝ දෙනෙක් යොමු වෙමින් සිටින අතර අත්හදා බැලීමක් වශයෙන් දවස් හතරේ ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහාත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ටෙස්ට් වරම් ලද අයර්ලන්ත කණ්ඩායම යෝජිත ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියට ඇතුළත් නොවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙස්ට් වරම් ලද අයර්ලන්ත කණ්ඩායම යෝජිත ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියට ඇතුළත් නොවෙයි

මී ලඟ ලෝක කුසලාන තරඟාවලිය 2019 වසරේ එංගලන්තයේ පැවත්වෙන අතර එකී අත්හදා බැලීමේ දවස් හතරේ ටෙස්ට් ක්‍රිකට් තරඟ එතෙක් පැවැත්වෙනු ඇත.

පසුගිය ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුන අතර, එය ආරම්භ වීමට පෙර 2016 දෙසැම්බර් මාසයේ දී සිම්බාබ්වේ සමඟ දවස් හතරේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට අවසර දෙන මෙන් දකුණු අප්‍රිකාව ඉල්ලීමක් කර තිබුණි.

"ටෙස්ට් තත්වය ලබා ගත් අලුත් ක්‍රිකට් කණ්ඩායම්වලට දවස් හතරේ තරඟ මගින් දීර්ඝ ඉණිම් ක්‍රීඩා කිරීමේ අවස්ථා ලැබෙනවා" ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පවසයි.

"එමගින් නවක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කුසලතා මුවහත් කර ගන්න අවස්ථාවක් උදා වෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් නවය සහ එම නවකයන් අතර පවතින පරතරය එමගින් අඩුකර ගන්න පුළුවන්" ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් වැඩිදුරටත් සඳහන් කළේය.

දිවා-රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දිවා-රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයක්

සබැඳි පුවත්;