ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක: චීන ජනපති සමග දුරකතන සංවාදයකින් පසු තහවුරු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇනා ෆේගයි
- Role, වොෂිංටන් ඩීසී
අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට එකඟ වූ බවත්, ලබන වසරේ අග භාගයේදී චීන ජනාධිපති ෂී ජින් පිංට රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඔහු පැවසුවේ, ඔවුන් අතර අතර පැවති දුරකතන සංවාදයකදී මෙම එකඟතාවට එළඹුණු බව ය.
මාසයකට පමණ පෙර දකුණු කොරියාවේදී හමුවූ ට්‍රම්ප් සහ ෂී, වෙළෙඳාම, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම, ෆෙන්ටැනයිල් සහ තායිවානය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා සහ චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.
"චීනය සමග අපගේ සම්බන්ධතාව අතිශයින් ම ශක්තිමත්!" ට්‍රම්ප් Truth Social සමාජ මාධ්‍ය සටහනක ලිවීය.
"දෙරට ම සමානාත්මතාව, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව නිවැරදි දිශාවට ඉදිරියට යා යුතු අතර, ගම්‍යතාව පවත්වා ගත යුතු" බව චීනයේ නව රාජ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
දෙරටේ නායකයින් ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේ බුසාන්හිදී හමුවූ අතර, පසුව ඔවුන් තීරුබදු සඳහා තාවකාලික සහනයකට එකඟ විය. ෆෙන්ටැනයිල් ප්‍රවාහය අඩු කිරීම අරමුණු කර ගත් 20%ක තීරුබදු අඩකින් අඩු කිරීමට එක්සත් ජනපදය තීරණය කළේ ය.
චීන භාණ්ඩ සඳහා තීරුබදු තවමත් ක්‍රියාත්මක වන අතර එය 50%ට වඩා මඳක් අඩු ය.
"එතැන් සිට, චීන-ඇමෙරිකානු සම්බන්ධතාව සාමාන්‍යයෙන් ස්ථාවර හා ධනාත්මක ගමන් පථයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එය දෙරට සහ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගනු ලැබේ," චීන ප්‍රකාශයේ සඳහන් වේ.
ඉන්පසු එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා 100%ක අමතර තීරුබදු තර්ජනයක් ඉවත් කළ අතර, චීනය එහි නවතම දුර්ලභ පාංශු අපනයන පාලනයන් හඳුන්වා දීමේ සැලැස්ම ප්‍රමාද කළේ ය.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, සඳුදා ෂී සමග පැයක පමණ කාලයක් පැවති දුරකතන සංවාදයේදී වෙළෙඳ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ බව ය.
"චීන ජාතිකයන්ගෙන් අපට ලැබුණු දේවල් ගැන අපි සතුටු වෙනවා, ඒ වගේ ම ඔවුන්ටත් ඒ හැඟීම ම දැනෙනවා," ඇය පැවසුවා ය.
වෙළෙඳ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට අමතරව, ෂී සහ ට්‍රම්ප් රුසියාව විසින් යුක්‍රේනය සහ තායිවානය ආක්‍රමණය කරනු ලැබීම පිළිබඳ මාතෘකා ද සාකච්ඡා කළහ.
"පශ්චාත් යුද්ධ කාලීන ජාත්‍යන්තර එකඟතාව" වෙනුවෙන් චීනයේ දැක්ම සඳහා තායිවානය "චීනය යටතට නැවත පැමිණීම" අත්‍යවශ්‍ය බව ෂී ට්‍රම්ප්ට පැවසීය.
ස්වයංපාලිත තායිවානයේ ස්වෛරීභාවය පිළිබඳ දිගුකාලීන "උපායමාර්ගික අපැහැදිලි බව" සම්බන්ධයෙන් චීනය, එක්සත් ජනපද මිත්‍රයෙකු වන ජපානය සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට මුහුණ දී තිබේ.
මේ මස මුලදී ජපාන අගමැතිනි සනේ ටකයිචි පැවසුවේ, තායිවානයට එල්ල කරන ඕනෑ ම චීන ප්‍රහාරයක් ජපාන මිලිටරි ප්‍රතිචාරයක් ඇති කිරීමට හේතු විය හැකි බව ය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මෙම සංවාදය පිළිබඳව ඔහුගේ Truth Social සටහනේ තායිවානය ගැන සඳහන් කර තිබුණේ නැත.














