කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පකිස්ථානය ක්‍රීඩා කරන තරගවල සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

India and Pakistan at the 2024 Women's T20 World Cup in Dubai

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සහ පකිස්ථානය අතර අවසන් වරට කාන්තා තරගාවලියක් පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඩුබායිහි පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ය
    • Author, ස්ටෙෆාන් ෂෙමිල්ට්
    • Role, ප්‍රධාන ක්‍රිකට් වාර්තාකරු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරග සැලසුම්කරණයට අනුව දෙරට අතර තරග ශ්‍රී ලංකාවේ ද පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වසර මුලදී පිරිමි චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා පකිස්ථානයට යාම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දෙරට සහභාගි වන තරගාවලි වෙනුවෙන් එම රටවලට පරිබාහිර වෙනත් ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට අවස්ථාව සැලසීය.

දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සැලසුම්වල කොටසක් ලෙස, මෙම කිසිදු රටක් ICC තරගාවලියක් සඳහා අනෙක් රටට නොයනු ඇත.

ඒ අනුව, සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ඉන්දියාවේ බැංගලෝර්, ගුවාති, ඉන්දෝර් සහ විශාකාපට්නම් නගර අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද එක් වීමට නියමිත ය.

පකිස්ථානය සහභාගි වන කණ්ඩායම් තරග හත සහ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයට කොළඹ නගරය සත්කාරකත්වය සපයනු ඇත. පකිස්ථානය අඛණ්ඩව තරගාවලිය තුළ රැදී සිටියහොත් අවසන් පූර්ව තරගය සහ අවසන් තරගයක් ද කොළඹදී පවත්වනු ඇත.

ඉන්දියාව සහභාගී වන ආරම්භක තරගය සහ පකිස්ථානය සහභාගි නොවන්නේ නම් අවසන් තරගය බැංගලූරුහිදී පැවැත්වේ. කණ්ඩායම් අටකින් සමන්විත තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2022 දක්වා ප්‍රමාද වූ නවසීලන්තයේ පැවති ඉකුත් අවසන් මහ තරගයේදී එංගලන්තය පරාජය කරමින් ඔස්ට්‍රේලියාව, ලෝක කුසලානය දිනා ගත්තේ ය.

නව තරග කාලසටහන යටතේ ඇති විය හැකි එක් ගැටලුවක් වන්නේ, කාලගුණය විය හැකි වන අතර, ඔක්තෝබර් මාසය ශ්‍රී ලංකාවේ වැසි අධික මාසවලින් එකකි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය මාසයේ දෙරට අතර ගැටුම් ඇතිවීමට පෙර පවා ඉන්දියාව සහ පකිස්ථානය ප්‍රධාන තරගාවලිවලින් පිට එකිනෙකා සමග ක්‍රීඩා කළේ නොමැත.

චැම්පියන්ස් කුසලානය හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් ආතතිය උත්සන්න විය. 2023 දී පිරිමි එක්දින ලෝක කුසලානය සඳහා පකිස්ථානය ඉන්දියාවට ගිය ද, මෙම වසර මුලදී ඉන්දියාව එවැනි අන්‍යෝන්‍ය සංචාරයක නිරත වූයේ නැත.

ICC විධිවිධානවල කොටසක් ලෙස, ඉන්දියාව ඔවුන්ගේ තරග ඩුබායිහිදී ක්‍රීඩා කළ අතර, සෑම තරගයක් ම එක ම ස්ථානයේ ක්‍රීඩා කිරීමෙන් පසු කුසලානය දිනා ගැනීමට සමත් විය.

මැයි මාසයේදී, දෙරට අතර දේශසීමාවේ හමුදා ප්‍රහාර මධ්‍යයේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ පකිස්ථාන සුපර් ලීග් යන තරගාවලි දෙක ම අත්හිටුවා නැවත ආරම්භ කරන ලදී. ප්‍රමාද වූ IPL අවසන් මහා තරගය අද (ජුනි 3 වැනි) අඟහරුවාදා පැවැත්වේ.

එක් රටක රජයක් තම කණ්ඩායමට අනෙක් රටේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග වැදීම සඳහා ඉඩ දෙනු ඇතැයි යන්න තවමත් අනුමාන කළ හැකි ය.

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා T20 ලෝක කුසලානයේ ආරම්භක තරගය ජූනි 12 වන දින එජ්බැස්ටන්හිදී පැවැත්වෙන බව ද නිවේදනය කර ඇත.

ඕවල්හිදී අවසන් පූර්ව වටය පැවැත්වෙන බව තහවුරු කර ඇත. අවසන් තරගය 2026 ජූලි 5 වන දින ලෝඩ්ස්හිදී පැවැත්වේ.