ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාව සමග අද (ජූලි 28වැනිදා) පැවති දෙවන T20 තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව සමග අද (ජූලි 28වැනිදා) පැවති දෙවන T20 තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් පළමුවෙන් පන්දුවට පහර දිමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

අද තරගය සඳහා දෙපිලේම එක් වෙනස්කමක් බැගින් සිදුකර තිබුණි.

ඉන්දීය කණ්ඩායම ශුබ්ම්න් ගිල් වෙනුවට සංජු සැම්සන් ද, ශ්‍රී ලංකාව ඩිල්ෂාන් මධුෂංක වෙනුවට රමේෂ් මෙන්ඩිස් ද කැඳවනු ලැබිය.

අදත් අසාර්ථක වූ මැද පෙළ

පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකට අද (ජුලි 28) පළමු කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට හැකි වුයේ ලකුණු 26ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 10කට දැවී ගියේය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක සමග එක්වී ලකුණු 54ක් එක් කිරීමට සමත් විය.

ලකුණු 32ක් රැස් කරමින් සිටියදී පැතුම් නිස්සංක දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර 9.3 කදී ලකුණු 80ක් ලෙස සටහන්ව තිබියදීය.

පැතුම් ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි කමිදු මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එක් කිරීමට සමත් විය.

කුසල් ජනිත් පෙරේරා විස්සයි 20 තරගයකදී රැස් කළ සිය 13 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 16 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ හර්දික් පාන්ඩ්යා ලකුණු අතර සිටි කමිදු මෙන්ඩිස් ලකුණු 26 කට සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 53 කට දවා ගැනීමට සමත් වුණි.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස් වුයේ පන්දු වාර 16ක් අවසානයේදී ලකුණු 139 කට කඩුලු 04ක් ලෙසය.

ශ්‍රී ලංකාව සමග අද (ජූලි 28වැනිදා) පැවති දෙවන T20 තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දසුන් ශානක සහ වනිඳු හසරංග කිසිදු ලකුණක් නොලබා දැවී ගියහ

කෙසේ වුවත් (ජුලි 27) තරගයේදී මෙන් ම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසාර්ථක විය.

අවසන් පන්දුවාර 05 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 31 කට දැවී ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 දී කඩුලු 09 ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 161ක් පමණි.

වර්ෂාව නිසා තරගය අත්හිටුවීම නිසා ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා පන්දු වාර 08 කදී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ෂාව නිසා ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා පන්දු වාර 08 කදී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය

වර්ෂාව නිසා වෙනස් වූ ඉලක්කය

ලකුණු 162ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ඉනිම පළමු පන්දු වාරයේදීම වර්ෂාව ඇද හැලීම නිසා අත්හිටුවීමට සිදුවිය.

පැයකට ආසන්න කාලයක් වර්ෂාව නිසා තරගය අත්හිටුවීම නිසා ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා පන්දු වාර 08 කදී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව ඉන්දියාව පන්දු වාර 6.3 කදී සිය ඉලක්කය පසුකර යෑමට සමත් වුවේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යෂස්වී ජායිස්වාල් පන්දු 15 කදී ලකුණු 30ක් රැස් කළේය.

පළමු T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 43ක ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් ලකුණු 43 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම (ජුලි 27) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් ලකුණු 43 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම (ජුලි 27) සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා 30,000 කට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා 30,000 කට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා 30,000 කට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටියහ

ඉන්දියාවේ පිතිකරණය සහ ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ශුබ්මන් ගිල් සහ යෂස්වී ජයිස්වාල් තම කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට ‍සමත් විය.

ඔවුන් දෙදෙනා පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 34ක් රැස් කරගෙන සිටි ශුබ්මන් ගිල් ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, ලකුණු 40ක් රැස් කරගෙන සිටි යෂස්වී ජයිස්වාල්, වනිදු හසරංග ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඉක්මන් කඩුලු දෙකක් දැවී ගියද ඉන්දීය කණ්ඩායමේ නායක සුර්යකුමාර් යාදෙව් සහ රිෂාබ් පාන්ට් එක්වී 03 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පන්දු 26 කදී වේගවත් ලකුණු 58ක් රැස් කරගෙන සිටි සුර්යකුමාර් යාදෙව් දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය

නැවත වරක් ක්‍රියාත්මක වූ මතිෂ පතිරණ හර්දික් පාන්ඩ්යා, රියාන් පරාග් සහ රිෂාබ් පාන්ට් ගේ කඩුලු ද දවා ගැනීමට සමත් වුණි.

ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වන ලදී.

තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩ පන්දු කිහිපයක් අතහරිනු ලැබූ අතර ඉන්දීය පිතිකරුවන් එහි වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 40 කට කදුලු 04ක් දවා ගන්නා ලදී.

කලකට පසුව සාර්ථකවූ ආරම්භය

ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අද තරගයේදී සමත් වුණි.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු වාර 8යි පන්දු 04 කදී ලකුණු 84ක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 15 වන පන්දු වාරය යැවීමට පැමිණි අක්සාර් පටෙල් ලකුණු 79ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක ද, ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ඉනිමේ 15 වන පන්දු වාරය යැවීමට පැමිණි අක්සාර් පටෙල් ලකුණු 79ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක ද, ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සමත් විය

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළේය.

කෙසේ වුවත් පන්දු 27 කදී ලකුණු 45ක් රැස් කර සිටියදී කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 56ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 15 වන පන්දු වාරය යැවීමට පැමිණි අක්සාර් පටෙල් ලකුණු 79ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක ද, ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සමත් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 149 කට කඩුලු 03ක් ලෙසයි.

චරිත් අසලංක සහ දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියහ.

ඉන්දීය පන්දු යවන්නන් ගෙන් එල්ලවූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 07 ලකුණු 21ක් ඇතුළත දැවි යන ලදී.

ඒ අනුව පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 170 කට සිමා වුයේ තරගයෙන් ඉන්දියාවට ලකුණු 43ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

පන්ද යැවීමේදී රියාන් පරාග් ලකුණු 05 කට කඩුලු 03ක් මෙන්ම අර්ශදිප් සිං සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 149 කට කඩුලු 03ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රීඩකයින්ගේ ආබාධ මැද ලෝකශූර ඉන්දීය කණ්ඩායමට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?

T20 ලෝකශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (ජුලි 27) රාත්‍රියේ ආරම්භ වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම තරග සංචාරය දෙපිලටම ඉතා වැදගත් එකක් වන්නේ නව නායකයින් දෙදෙනෙකු මෙන්ම නව පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ ක්‍රීඩා කරන බැවින් ය.

T20 ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 8 වැනි ස්ථානයේය.

තරගාවලියට පෙර ක්‍රීඩකයින්ට ඇතිවූ ආබාධ

ඉන්දීය තරග සංචාරය ආරම්භ කිරීමට දින දෙකක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුගේ දායකත්වය කණ්ඩායමට අහිමිවී තිබේ.

ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ද, ඇඟිල්ලේ අස්ථි බිඳීයාමක් හේතුවෙන් නුවන් තුෂාරට ද කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවීම ය.

ඒවෙනුවට ආදේශක ක්‍රීඩකයින් ලෙස අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුෂංක ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇත.

මේ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු රෝහල්ගත කර ඇති අතර ඔහු වෙනුවට රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ චමීර සහ නුවන් තුෂාර ශ්‍රී ලංකාවට අහිමි වීම ඉන්දියාවට එරෙහි සංචාරයේදී ප්‍රබල පාඩුවක් බව ය.

"චමීරගේ අත්දැකීම අපට අහිමිවීම ලොකු පාඩුවක්. මොකද T20 තරගවලදී සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න හොඳ එක්ස්පිරියන්ස් එකක් තියෙන්න ඕන."

"ළඟදි ක්‍රීඩා කරන්න ජාතික කණ්ඩායමට එක්වුණත් නුවන් තුෂාර IPL, LPL තරගාවලි වගේම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා හොඳට දක්ෂතා දක්වලා තියෙනවා. මේ දෙන්නගේ අහිමිවීම කණ්ඩායමට ලොකු පාඩුවක්." ඔහු පැවසුවේය.

IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීම් අතරතුර

LPL දක්ෂතා නිසා සංචිතයට එක්වූ ක්‍රීඩකයින්

පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දුට ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය.

දිනේෂ් චන්දිමාල් දිගු කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පමණක් ක්‍රීඩා කරනු ලැබූ අතර, ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් T20 තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2022 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ය.

එමෙන්ම කුසල් ජනිත් පෙරේරා අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් T20 තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවය.

පසුගිය මාර්තු මාසයේදී බංගලාදේශයට එරෙහි T20 තරගාවලියට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු මෙවර ඉන්දීය සංචාරය සඳහා කැඳවනු ලැබීය.

මේ අතර නවක තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන චමිදු වික්‍රමසිංහට ද ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවෘත වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

පසුගියදා අවසන් වූ LPL තරගාවලියේ දී නැගී එන යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබුවේද චමිදු වික්‍රමසිංහ ය.

ඉන්දීය කණ්ඩායමේ නවකයින් සහ ප්‍රබලයින් කවුද ?

රෝහිත් ෂර්මා, විරාට් කෝලි සහ රවින්ද්‍ර ජඩේජා T20 ක්‍රීඩාවට සමුදීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී නව ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

එහිදී IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත.

ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිතිකරණ අංශයෙන් ලෝකයේ අංක 2 හි පසුවන ඉන්දීය කණ්ඩායමේ නායක සුර්යකුමාර් යාදෙව් සහ ශ්‍ර‌ේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන යෂස්වී ජායිස්වාල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය සංචාරයට ඇතුළත්ව සිටිති.

එමෙන්ම T20 පන්දු යැවීමේ අංශයෙන් ICC ශ්‍රේණිගත කිරීම් හි 13 වන ස්ථානයේ පසුවන අක්සාර් පටෙල් සහ 18 වන ස්ථානයේ පසුවන රවී බිෂ්නෝයි ඉන්දීය සංචිතයට නම් කර තිබේ.

එමෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවන් වන ෂිවම් ඩුබේ, ශුබ්මන් ගිල්, රින්කු සිං සහ සංජු සැම්සන් ශ්‍රී ලංකාවට එරෙහි T20 සංචාරය සඳහා නම් කර ඇති ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිති.

IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත

'ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම අමාරු නැහැ'

ඉන්දීය කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල විය හැකි අභියෝගය කුමක් විය හැකිදැයි බීබීසී සිංහල ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කලොත් ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම අසීරු නොවන බව ය.

"ඕනෑම තරගාවලියක් ක්‍රීඩා කරන්නේ දිනන්න. නිකම් තරගාවලියෙන් බේරෙන්න නෙමේ."

"අනිත් එක මම විශ්වාස කරන්නේ මේ කණ්ඩායමට උපරිම හොඳින් සෙල්ලම් කළොත් ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම අමාරු නැහැ."

"අපි පිළිගන්න ඕන ඉන්දියාව ලෝකයේ ඉන්න හොඳම කණ්ඩායම් වලින් එකක් කියලා. ඒක පැහැදිලියි ඔවුන් T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම හරහා."

"හැබැයි ඒක ඉතිහාසය. ඒගොල්ලන් දින්නා ඉතිහාසයේදී. නමුත් තරගය දවසේ හොඳින් ක්‍රීඩා කරන අය තමයි තරගය දිනන්නේ. ඉතිහාසයේ තොරතුරු හරි ප්‍රතිඵල අරන් වර්තමානය තීරණය කරන්න බැහැ."

"මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය සඳහා ක්‍රීඩා කරන්න අවශ්‍යයි." ඔහු පැවසුවේය.

'භානුකට ඕනෑම වෙලාවක තරගයක් වෙනස් කරන්න පුළුවන්'

මෙවර LPL තරගාවලියේදී ලකුණු අතරට පැමිණි භානුක රාජපක්ෂට ඉන්දීය තරග සංචාරයේදී අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ජුලි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් උපුල් තරංග කියා සිටියේ මෙවැන්නකි.

"විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට යන්න කලින් වගේම ඊට පස්සෙත් අපි භානුක එක්ක කතා කළා."

"භානුක තවම අපේ ප්ලෑන් එකේ ඉන්නවා." ඔහු පැවසීය.

භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු කියා සිටියේ කෙටි කාලයක් තුළ තරගයක් වෙනස් කිරීමට හැකියාවක් ඇති පිතිකරුවෙකු ලෙස තමන් භානුක දකින බවය.

"භානුක රාජපක්ෂ කියන්නේ ඕනෑම වෙලාවක ගේම් එකක් වෙනස් කරන්න පුළුවන් පිතිකරුවෙක්."

"ඒ කියන්නේ එක පන්දු ඕවරයක් ඇතුළත දී හයේ පහරවල් 2-3ක් වුනත් ගහන්න පුළුවන් පිතිකරුවෙක් ලංකාවේ ඉන්න. එහෙම ගහන්න පුළුවන් පිතිකරුවන් අපිට හරි අඩුයි."

"ඒ නිසා මම හිතනවා භානුකව ඕකට ඇතුල් කළා නම් ඔහුට පුළුවන් වේවි වෙනසක් කරන්න."

"අපි දැක්කානේ LPL එකේදී ගාල්ල පරාජයට පත්වුනත් භානුක තරගයේ දී බැට් කළ විදිහ. ඒ නිසා මම හිතනවා ඔහු කණ්ඩායමේ ඉන්න තිබ්බා කියලා." රොෂාන් අබේසිංහ පැවසීය.

‘උප නායකයෙක් කණ්ඩායමට නම් නොකළ හේතුව ‘

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීම සම්බන්ධයෙන් ද ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පසුගියදා මාධ්‍ය හමුවේදී නගන ලද පැනයකට පිළිතුරු දෙන ලදී.

එහිදී ඔහු පැවසුවේ නව T20 නායක චරිත් අසලංක සමගින් දිගු ගමනක් යෑමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බවය.

"වනිදු එක්ක අපි දිගු ගමනක් යන්න සැලසුම් කරලා තිබුණා. නමුත් ඔහු ලෝක කුසලානයෙන් පස්සේ අපිට දැනුම් දුන්නා නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි කියලා."

"ඒ අනුවයි අපි චරිත් අසලංක නායකත්වයට ගේන්නේ. චරිත් එක්ක ලොකු ගමනක් යන්න අපේ සැලස්මක් තියෙනවා."

"දැනට අපෙ ඉන්න සිනියර්ස්ලා කිහිප දෙනෙක් කලින් කැප්ටන්ලා හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඉන්දීය සංචාරයට අපි උප නායකයෙක් නම් කරලා නැහැ."

ඉදිරි තරග සංචාරවල දී උප නායකයෙක් නම් කරනකම් දැනට කණ්ඩායමේ ඉන්න සීනියර්ස්ලා චරිත්ට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා." තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

මේ අතර රොෂාන් අබේසිංහ පැවසුවේ ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක සුදුසු ලක්ෂණවලින් හෙබි අයෙකු බවට බොහෝ දෙනා පවසන බවය.

"චරිත් අසලංක තමයි මීළඟට නායකත්වයට හිටියේ වනිදුගෙන් පස්සේ. මම අහලා තියෙනවා ගොඩක් අය කියනවා චරිත් නායකත්වයට ඔබින ලක්ෂණ වලින් පිරුණු කෙනෙක් කියලා."

ඔහු තැන්පත් වගේම මාධ්‍යට කතා කරද්දී වගේම මම දැකල තියෙනවා ඔහු හැසිරෙන විදිහට නායකයෙක් විදිහට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. ඇත්තටම ඔහුට සුබ පතනවා ඒ ගමන යන්න ඉදිරියට." ඔහු පැවසීය.

කණ්ඩායමේ විනය ගැනත් අවධානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරමින් සුළු සුළු වෙනස්කම් කිහිපයක් කළ බව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසුරිය මාධ්‍ය හමුවේදී පැවසුවේය.

"ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. එතන ඉදලා ක්‍රීඩාව කරන් යන්න පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළා."

"මොකද මෙතන ඉන්න ක්‍රීඩකයින් දිහා බලාගෙන පිටි පස්සෙන් එන අලුත් ක්‍රීඩකයින් පැමිණෙන්නේ. ඔවුන්ට ආදර්ශයක් ලබා දීම වැදගත් වන්නේ." ඔහු පැවසුවේය.

විශේෂ පුහුණු පාඨමාලා දෙකක්

මේ අතර ඉන්දීය ක්‍රිකට් තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ පිතිකරණ සහ පෞර්ෂ්‍යත්ව පුහුණුවකට යොමු වීමට අවස්ථාව උදාවිය.

යුද්ධ හමුදාව විසින් මෙහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්‍යවශ්‍ය වන ජයග්‍රාහී මානසිකත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ වූ දේශනයක් පවත්වා තිබේ.

එමෙන්ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සුබින් බරුචාගේ මග පෙන්වීම යටතේ පැවති දින 7ක විශේෂ පුහුණු කඳවුරකට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වූ බව සනත් ජයසුරිය මාධ්‍ය හමුවේදී පැවසුවේය.

"සුබින් ඇවිල්ලා දවස් 7ක් අපේ ක්‍රීඩකයින්ට හොඳ පුහුණුවක් ලබා දුන්නා. "

"ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක හැටියට කටයුතු කරන කුමාර් සංගක්කාරට. මොකද සාමාන්‍යයෙන් එහෙම ඔවුන් තමන්ගේ පුහුණුකරුවන් රිලීස් කරන්නේ නැහැ."

"අනිත් එක මේ පුහුණුවීමේ අන්තිම දවස් දෙකට සියලුම ක්ලබ්ස්වල පුහුණුකරුවන් ආවා මේකට සම්බන්ධ වෙන්න."

"අපේ පිතිකරණයේ දුර්වලතා තියෙනවා. ඒක අපේ පිතිකරුවන් හදාගන්න ඕන ඉක්මනටම." සනත් ජයසුරිය පැවසීය.