ට්‍රම්ප්ගේ ප්‍රතිඥාවෙන් පසු TikTok ඇමෙරිකාව තුළ යළිත් වැඩ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
TikTok එක්සත් ජනපදයේ මිලියන 170 ක පරිශීලකයින් වෙනුවෙන් සිය සේවා නැවත ආරම්භ කර තිබේ.
ඒ, තමන් ජනාධිපති ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු TikTok සමාජ මාධ්‍ය සඳහා ඇමෙරිකාවේ පනවා ඇති තහනම අත්හිටුවමින් සහන කාලයක් ලබා දීම සඳහා විධායක නියෝගයක් නිකුත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.
ජාතික ආරක්ෂක හේතු මත එය තහනම් කිරීමේ නීතියක් බලාත්මක වීමෙන් පසුව, සෙනසුරාදා සවස, චීනයට අයත් TikTok යෙදුම ඇමෙරිකානු පරිශීලකයින් සඳහා ක්‍රියාකිරීම අත්හිටුවන ලදී.
මීට පෙර TikTok තහනම් කිරීමට සහය දුන් ට්‍රම්ප්, තහනම ප්‍රමාද කිරීමට සහ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා වැඩි කාලයක් ලබා දෙන බවට ඉරිදා පොරොන්දු විය. TikTok පසුව පැවසුවේ තමන් "සේවාව නැවත යථා තත්වයට පත් කිරීම" සඳහා ක්‍රියා කරන බවයි.
යෙදුම නැවත ක්‍රියා කිරීමට පටන් ගැනීමෙන් පසුව මිලියන ගණනක් පරිශීලකයින් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන පණිවිඩයක් එහි දිස්විය. සමාගම නිවේදනයක් නිකුත් කරමින්, "පැහැදිලිභාවය සහ සහතිකය ලබා දීම" වෙනුවෙන් ජනාධිපති ධූරය භාර ගන්නා ට්‍රම්ප්ට ස්තූතිය පළ කළ අතර TikTok එක්සත් ජනපදයේ තබා ගැනීම සඳහා දිගුකාලීන විසඳුමක් ලබා ගැනීමට ඔහු සමග කටයුතු කරන බව ද පැවසීය.
TikTok හි ප්‍රධාන විධායක නිලධාරී ෂෝ චිව් අද පැවැත්වෙන ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තමන් සතු සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි අදහසක් පළ කරමින් ට්‍රම්ප් ඉරිදා මෙසේ පැවසීය: "TikTok අඳුරු වීමට ඉඩ නොදෙන ලෙස මම සමාගම්වලින් ඉල්ලා සිටිමි! නීතියේ තහනම් කිරීම් ක්‍රියාත්මක වීමට පෙර කාලය දීර්ඝ කිරීමට මම සඳුදා විධායක නියෝගයක් නිකුත් කරමි, එවිට අපට අපගේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගත හැකි ය."
TikTok හි මව් සමාගම වන Bytedance, තහනම වළක්වා ගැනීම සඳහා තම ඇමෙරිකානු මෙහෙයුම් විකිණීමට අවශ්‍ය නීතියක් මීට පෙර නොසලකා හැරියේ ය. මෙම නීතිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද අතර ඉරිදා සිට බලාත්මක විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දැනටමත් ක්‍රියාත්මක වන නීතියක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට ට්‍රම්ප්ට ඇති නීතිමය අධිකාරිය කුමක් ද? යන්න පැහැදිලි නැත. නමුත් ඔහු විධායක නියෝගයක් නිකුත් කළහොත් ඔහුගේ රජය තහනම ක්‍රියාත්මක නොකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙය ඔහුගේ පෙර ස්ථාවරයෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වූ තත්ත්වයකි. ට්‍රම්ප් ටික්ටොක් තහනමට සහය දුන් නමුත් මෑතකදී ඔහු යෙදුම සඳහා "විශේෂ තැනක්" ප්‍රකාශ කර ඇති අතර, පසුගිය වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඔහුගේ වීඩියෝ වේදිකාවට ආකර්ෂණය වූ බිලියන ගණනක් නැරඹුම් ගැන ඔහු පවසයි.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය දැනටමත් පවසා තිබෙන්නේ, තම ධූරයේ අවසාන පැය කිහිපය තුළ නීතිය ක්‍රියාත්මක නොකරන බවත්, ඒ වෙනුවට එන ට්‍රම්ප් පරිපාලනය යටතේ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන බවත් ය.
එහෙත්, ඉරිදා ප්‍රවේශය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පෙර, සෙනසුරාදා සවස TikTok සිය සේවාවන් ඉවත් කර තිබිණි.
මෙම කෙටි වීඩියෝ සහිත වේදිකාව එහි මිලියන ගණනක් ඇමෙරිකානු පරිශීලකයින් අතර අතිශයින් ජනප්‍රිය වී තිබේ. එය තරුණ ඡන්දදායකයින් වෙත ළඟා වීමට ඇමෙරිකානු දේශපාලන ව්‍යාපාර සඳහා වටිනා මෙවලමක් බව ද ඔප්පු වී තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී සම්මත කරන ලද නීතියට අනුව, එහි චීන හිමිකරු වන ByteDance එහි ඇමෙරිකානු මෙහෙයුම් අලෙවි නොකරන්නේ නම්, යෙදුමේ ඇමරිකානු අනුවාදිත යෙදුම් ඇප්සටෝර් සහ වෙබ් සත්කාරක සේවාවලින් ඉවත් කිරීමට සිදු විය.
මෙම නීතිය මගින් රටේ තම පරිශීලකයින් සඳහා ඇති භාෂණයේ නිදහස උල්ලංඝණය කරන බවට TikTok ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කර තිබිණි.
මෙම නීතිය ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙපාර්ශවයේ ම සහය ඇතිව සම්මත කරන ලද අතර මෙම සතිය මුලදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් ඒකමතිකව තහවුරු කරන ලදී.
"TikTok චීන කොමියුනිස්ට් පක්ෂයේ බලය සහ බලපෑම අපේ ම ජාතියට, අපේ නාසයට යටින් ව්‍යාප්ත කළා," ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී පැවසීය. නමුත් තහනම යථා තත්ත්වයට පත් කිරීමට ට්‍රම්ප් දරන උත්සහයට සහය දක්වන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට ඔහු තේරී පත්වූ ජනාධිපතිවරයාට යටත් වූ බවක් පෙනෙන්නට තිබිණි.
"රාජ්‍ය ලේකම් ධුරයට මා තහවුරු කළහොත්, මම ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කරනවා," ඔහු පසුගිය සතියේ Punchbowl මාධ්‍යයට පැවසීය.
ඉරිදා උදෑසන ට්‍රම්ප් මැදිහත් වීමෙන් පසුව, සෙනෙට් බුද්ධි කමිටු සභාපති, ආකැන්සාස්හි රිපබ්ලිකන් සෙනෙට් සභික ටොම් කොට්න්, ට්‍රම්ප් සමග ඇති සම්බන්ධය බිඳ දැමුවේ, ටික්ටොක් වෙත ඉන්ටර්නෙට්හි රැඳී සිටීමට උදව් කරන ඕනෑ ම සමාගමක් නීතිය කඩ කිරීමක් බව පවසමිනි.
"කොමියුනිස්ට් පාලනය යටතේ පවතින TikTok සඳහා සත්කාරකත්වය සපයන, බෙදා හරින, සේවා සපයන හෝ වෙනත් ආකාරයකින් පහසුකම් සපයන ඕනෑ ම සමාගමකට නීතිය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන සිය ගණනක විනාශකාරී වගකීම්වලට මුහුණ දිය හැකිය, DOJ වෙතින් පමණක් නොව, සුරැකුම්පත් නීතිය, කොටස් හිමියන්ගේ නඩු සහ රාජ්‍ය නීතිපති යටතේ ද එසේ කරන්න පුළුවන්," ඔහු සමාජ මාධ්‍යවල ලිවීය.
නීතියට පටහැනි විධායක නියෝගයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි ය.
ප්‍රාන්ත කිහිපයක් ද වේදිකාවට එරෙහිව නඩු පවරා ඇති අතර, එමගින් ජාතික වශයෙන් ලබා ගත හැකි වුව ද, දේශීය අධිකරණ බල ප්‍රදේශ විසින් TikTok තහනම් කිරීමේ හැකියාව විවෘතව පවතී.
"ඒක අඳුරුයි," ඔහු බීබීසීයට පැවසීය.
Truth මාධ්‍ය ජාලයේ සටහනක, ට්‍රම්ප් සමාගම් වගකීම්වලින් ආරක්ෂා කරන බවට පොරොන්දු වූ අතර, TikTok නැවත Apple සහ Google හි ලබා ගත හැකි වීමට දොර විවර කළේ ය.
"මගේ නියෝගයට පෙර TikTok අඳුරු වීම වැළැක්වීමට උදව් කළ කිසිදු සමාගමකට කිසිදු වගකීමක් නොමැති බව මෙම නියෝගයෙන් තහවුරු වෙනවා," තේරී පත්වූ ජනාධිපතිවරයා Truth Social ඉරිදා වැඩසටහනට පැවසීය.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග අතරතුර, සොලිසිටර් ජෙනරාල් එලිසබෙත් ප්‍රෙලෝගර් දැඩි ලෙස කියා සිටියේ විධායක නියෝගයකින් නීතිය අතීතයට බලපාන ලෙස වෙනස් කළ නොහැකි බව ය.
"නව ජනාධිපතිවරයා කුමක් කළත්, මෙම සමාගම් සඳහා එම යථාර්ථය වෙනස් කරන්නේ නැහැ," විනිසුරු සෝනියා සොටෝමයර් නඩු විභාගය අතරතුර පැවසුවා ය.
"ඒක හරි," ප්‍රෙලෝගර් පැවසීය.
ජාතික ආරක්ෂක ගැටලු සමනය කිරීම සඳහා සමාගම සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව පෙන්විය හැකි නම්, ජනාධිපතිවරයාට තහනම දින 90ක් දක්වා කල් දැමීමට ඉඩ සලසන විධිවිධානයක් නීතියේ ඇතුළත් බව මහාචාර්ය ටෝබියස් පැවසීය. නමුත්, එම කොන්දේසි සපුරා තිබේ ද යන්න පැහැදිලි නැතැයි ඔහු පැවසීය.
"ට්‍රම්ප්ට කළ හැකි හොඳ ම දෙය නම් කොංග්‍රසය සමග වැඩ කිරීම සහ නීතිය උල්ලංඝණය නොකර සිටීම හෝ කිසිදු ප්‍රශ්නයක් ඉතිරි නොකර සිටීමයි," ඔහු පැවසීය.
"ඒ විධායක නියෝගය දකින තුරු අපට තවත් මොන දේවල් දැන ගන්න පුළුවන් වෙයි ද කියලා මම දන්නේ නැහැ."














