දේශපාලනයේ කාන්තා නියෝජනය : සැමියන්, පියවරුන්, සහෝදරයන් මියයාමෙන් පසු ජාතික දේශපාලනයට පිවිසුණු කාන්තාවෝ

 දකුණු ආසියානු රටවල් වල ජාතික තලයේ සාර්ථක වූ හෝ දැවැන්ත චරිත ලෙසින් ඉස්මතුව ඇති බහුතරයක් කාන්තාවන් සිය සැමියා, පියා හෝ පිරිමි සහෝදරයන් මිය යාමෙන් පසුව ඔවුන් වෙනුවට ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට පැමිණි අයවලුන් වීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජනගහනයට සාපේක්ෂව කාන්තා මහජන නියෝජිතවරියන් දේශපාලනය තුළ නියෝජනය නොවීමය.

යුරෝපය සහ එක්සත් ජනපදය වැනි රටවල් මේ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත් කරගෙන තිබෙන නමුත්, අප්‍රිකානු හා ආසියානු රටවල් තවමත් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටියි.

ස්වාධීන කාන්තාවකට දේශපාලනයට පැමිණ ජාතික තලය දක්වා පිවිසීමට දැවැන්ත බාධක රැසක් ඇති දකුණු ආසියානු කලාපය යනු කාන්තාවන් රාජ්‍ය නායකයන් ලෙස පත් වූ පළමු රටවල් වීම ද විශේෂත්වයකි.

එවැනි අවස්ථා තිබියදීත් තවමත් කාන්තාවන් දේශපාලනයට පැමිණීම මෙම රටවල්වල සැලකිය යුතු තරම් අඩු මට්ටමක පවතින්නේ ඇයි?

එහිදී නිරීක්ෂණය කළ හැකි එක් කරුණක් වන්නේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා දකුණු ආසියානු රටවල් වල ජාතික තලයේ සාර්ථක වූ හෝ දැවැන්ත චරිත ලෙසින් ඉස්මතුව ඇති බහුතරයක් කාන්තාවන් සිය සැමියා, පියා හෝ පිරිමි සහෝදරයන් මිය යාමෙන් පසුව ඔවුන් වෙනුවට ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට පැමිණි අයවලුන් වීමයි.

එනම් කාන්තාවකට දේශපාලනයට පැමිණීමට විවිධ සංස්කෘතිකමය හා සමාජීය බාධක රැසක් පැවතියද, දකුණු ආසියානු කලාපයේ කාන්තා දේශපාලනයේ දැවැන්ත චරිත බොහොමයකට සිය බලගතු දේශපාලන පවුල් පසුබිම් තම දේශපාලන ගමන තීරණය කිරීමට දැවැන්ත ලෙස උපකාර වී තිබෙන බවය. එවැනි පවුල් පසුබිමක් නොමැති අයට එය ඉතා දුෂ්කර මාර්ගයක් වී තිබෙන බව ට එය සාක්ෂි සපයයි.

ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය, මුස්ලිම් රාජ්‍යක පළමු රාජ්‍ය නායිකාව වැනි වාර්තා දකුණු ආසියාව තුළ පවතින නමුත්, මෙම කාන්තාවන් දේශපාලනය පැමිණ ඇත්තේ දේශපාලනයේ නිරත වී සිටි සිය පවුලේ ප්‍රධාන පිරිමි සාමාජිකයා මිය යාමෙන් පසුවය.

ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, පෞර්ෂය, කැපවීම, ශක්තිය, දේශපාලන බුද්ධිය හා අනෙකුත් බොහෝ කාරණා ඔවුන්ගේ දේශපාලන ගමන් මගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කළ ද දකුණු ආසියාවේ සුලභව දැකිය හැකි මෙම තත්වය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ද එසේම පවතින්නකි.

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ආසන්න වශයෙන් 23 දෙනෙකු පමණ බලයට පත් වීමට එම තත්වය අවශේෂ උපකාරයක් සපයා තිබෙන අතර අගමැති ධූර දෙකක් හා ජනාධිපති ධූරයක් ද ඒ අතර වේ.

ලොව පළමු අගමැතිනිය

"මැතිණි" යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලාංකිකයින් අමතන සිරිමා බණ්ඩාරනායක, එසේත් නැතිනම් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 1960 දී ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත් වන්නේ ලොව පළමු අගමැතිනිය ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මැතිණි" යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලාංකිකයින් අමතන සිරිමා බණ්ඩාරනායක, එසේත් නැතිනම් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 1960 දී ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත් වන්නේ ලොව පළමු අගමැතිනිය ලෙසයි.

"මැතිණි" යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලාංකිකයින් අමතන සිරිමා බණ්ඩාරනායක, එසේත් නැතිනම් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 1960 දී ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත් වන්නේ ලොව පළමු අගමැතිනිය ලෙසයි.

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ බිරිඳ වන ඇය දේශපාලනය පිවිසෙන්නේ 1959 දී සිය සැමියාගේ ඝාතනයෙන් පසුවයි. මිය යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ බණ්ඩාරනායකගේ හිඩැස පිරවීමට සිරිමා බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියා ය.

දකුණු ආසියාවේ කැපී පෙනෙන චරිත

1960 දශකයේ දී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් තේරී පත් වූ කාල වකවානුවේ ම ඉන්දියාවේ පළමු සහ එකම අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූයේ ජවහර්ලාල් නේරු තුමන්ගේ දියණිය වූ ඉන්දිරා ගන්ධියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1960 දශකයේ දී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් තේරී පත් වූ කාල වකවානුවේ ම ඉන්දියාවේ පළමු සහ එකම අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූයේ ජවහර්ලාල් නේරු තුමන්ගේ දියණිය වූ ඉන්දිරා ගන්ධියි.

1960 දශකයේ දී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් තේරී පත් වූ කාල වකවානුවේ ම ඉන්දියාවේ පළමු සහ එකම අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූයේ ජවහර්ලාල් නේරු තුමන්ගේ දියණිය වූ ඉන්දිරා ගන්ධියි. නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු 1964 දී ඝාතනයට ලක් වූ අතර, පියාගේ කාර්‍යමණ්ඩල වල සේවය කරමින් සිටි ඉන්දිරා ගාන්ධි 1966 දී නිදහස් ඉන්දියාවේ තෙවන අග්‍රාමාත්‍යධූරයට පත් වූ අතර ඇය ඉන්දියාවේ මෙතෙක් පත් වූ පළමු හා එක ම අග්‍රාමාත්‍යවරියයි.

වරින් වර වසර පහළොවක් පමණ සිය ධූරයේ කටයුතු කළ ඇය 1984 දී ඝාතනය වන විටත් අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියා හ.

පකිස්තානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස 1988 දී පත් වූ බෙනාසීර් භූතෝ මුස්ලිම් පාලනයක් සහිත රටක පත් වූ පළමු රාජ්‍ය නායිකාවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්තානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස 1988 දී පත් වූ බෙනාසීර් භූතෝ මුස්ලිම් පාලනයක් සහිත රටක පත් වූ පළමු රාජ්‍ය නායිකාවයි.

පකිස්තානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස 1988 දී පත් වූ බෙනාසීර් භූතෝ මුස්ලිම් පාලනයක් සහිත රටක පත් වූ පළමු රාජ්‍ය නායිකාවයි. 1996 දී ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග හට ලෝක කුසලානය පිරිනමන්නේ බෙනාසීර් භූතෝ විසින් ය. ඇය පකිස්තාන මහජන පක්ෂයේ ආරම්භ සාමාජික හා හමුදා කුමන්ත්‍රණය නිසා 1979 දී ඝාතනයට ලක් වූ සුල්ෆිකාර් අලි භූතෝ අගමැතිවරයාගේ දියණියයි. බෙනාසීර් විවාහ වූයේ ද එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ වන අතර, 2007 දී ඇගේ ඝාතනයෙන් පසුව ඔහු ජනාධිපති ධූරයට ද පත් විය.

වර්තමාන බංගලාදේශ අගමැතිනිය වන ශෙයික් හසීනා ද එලෙස සිය පියාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පැමිණි කාන්තාවකි. ඇය බංගලාදේශයේ පළමු ජනාධිපතිවරයා වූ සහ බංගලාදේශයේ පියා ලෙස සැලකෙන ශෙයික් මුජිබර් රහුමාන්ගේ දියණියයි. 1975 දී සිදු වූ සිය පියාගේ ඝාතනයෙන් පසුව දේශපාලනය එක් වූ ශෙයික් හසීනා ලෝකයේ රාජ්‍ය නායිකාවක් ලෙස වැඩිම කලක් කටයුතු කරන කාන්තාවයි.

වර්තමාන බංගලාදේශ අගමැතිනිය වන ශෙයික් හසීනා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ රාජ්‍ය නායිකාවක් ලෙස වැඩිම කලක් කටයුතු කරන කාන්තාව වන වර්තමාන බංගලාදේශ අගමැතිනිය ශෙයික් හසීනා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ මෙරට ඉතිහාසයේ මෙතෙක් පත්ව ඇති එකම කාන්තා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරියන් දෙදෙනා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරියක් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

1994 දී පාර්ලිමේන්තු මැතිවරණයේ වාර්තාගත ජයක් ලබා අගමැති ධූරයට පත් ව සිටි ඇය,මීට පෙර සිය සැමියා වූ විජය කුමාරතුංගගේ දේශපාලන කටයුතුවලට සහය දක්වමින් සිටි අතර 1988 දී ඔහු ඝාතනය වීමෙන් පසුව ජාතික තලයේ දේශපාලනය පිවිසියා ය. ඇය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ දියණිය වූවා ය.

1994 ජනාධිපතිවරණය යනු මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලම් එක කළ ජනාධිපතිවරණයකි. එහි විවිධ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූවා මෙන් ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට මරාගෙන මැරෙන ප්‍රහාර ද එල්ල විය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයා වූ, එවකට විපක්ෂ නායක ගාමිණී දිසානායක එම ප්‍රහාරයකින් මිය ගිය අතර, හිස් වූ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරඟ කළේ ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායකයි.

මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරිනියන් දෙදෙනාම සිය සැමියාගේ අභාවයෙන් පසුව ජාතික තලයේ දේශපාලනයට පිවිසි වැන්දඹුවන් වීම විශේෂත්වයකි.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුළු ඡන්ද ප්‍රමාණයෙන් 62% ක් ලබාගනිමින් අතිවිශාල ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ පළමු සහ මෙරට ඉතිහාසයේ මෙතෙක් පත්ව ඇති එකම ජනාධිපතිවරිය බවට පත්විය. එසේම ඇය මේ දක්වා පත්ව ඇති රටේ දෙවන අගමැතිනිය ද වේ.

ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිඳ වූ ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Archives

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිඳ වූ ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් අනතුරුව දිවයින පුරා පැවති මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මහජන නියෝජිතයන් තෝරාගන්නා ලදි.

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිඳ වූ ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.

1931 දී පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන අතර මහජන ඡන්දයෙන් පත් වූ පළමු මහජන නියෝජිතවරිය ද වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සැමියා, පියා හෝ සහෝදරයාගේ හිඩැස පුරවන්න ආ තවත් මන්ත්‍රීවරියන්

1977 දී ඩබ්. එම. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ අමරා පියසීලි රත්නායක

1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ

1982 දී බන්දුලහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ දයා සේපාලි සේනාධීර

1987 දී පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කීර්තිසේන අබේවික්‍රම ඝාතනය වූ පසු ඔහුගේ සහෝදරිය කීර්තිලතා අබේවික්‍රම

1983 දී කේ.ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ රාසමනෝහරි පුලේන්ද්‍රන්

1993 දී ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි

2000 දී එම්. එච්. එම්. අෂ්‍රොෆ්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ ෆේරියල් අෂ්‍රොෆ්

1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ සුරංගනී එල්ලාවල

1991 මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්

2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුහේ බිරිඳ විජයකලා මහේෂ්වරන්

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ජාතික දේශපාලනයට පිවිසි ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ඡායාරූප මූලාශ්‍රය, Hirunika Premachandra| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ජාතික දේශපාලනයට පිවිසි ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්

2020 පැවති මහ මැතිවරණයෙන් පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ මත්‍රීවරියන් 12 දෙනෙකු සිටින අතර එයින් මන්‍ත්‍රීවරියන් හතරදෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියන් ය.

මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙකු ම සිය පවුලේ සාමාජිකයෙකු මිය යාමෙන් පසුව දේශපාලනයට පිවිසි අයයි. මේ අතරින් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැමිණි කාන්තාවකි. ඒ හැරුණු විට සිය පවුලේ කෙනෙකු මිය යාමෙන් පසු දේශපාලනයට පිවිස වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතවරියන් පහත පරිදි ය.

2008 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ

2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි මුදිතා ප්‍රිශාන්ති

2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ මංජුලා දිසානායක

2022 දී ගාමිණී අතුකෝරළගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ සහ 2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

ඡායාරූප මූලාශ්‍රය, Rohini Wijeratne Kavirathna| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ සහ 2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)

සැමියා වෙනුවට ආ බිරින්දෑවරු

සැමියාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවල සහ මන්ත්‍රී සැමියන්ට විවිධ හේතු නිසා ඉල්ලා අස් වන්නට, මැතිවරණ පරාජය වන්නට සිදු වූ අවස්ථාවල ඔවුන් වෙනුවට පැමිණි මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

ඒ අතුරින් පිලිප් ගුණවර්ධනගේ බිරිඳ කුසුමසිරි ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්නගේ බිරිඳ වූ තමරා ඉලංගරත්න, ක්ලිෆර්ඩ් රත්වත්තේගේ බිරිඳ වූ මල්ලිකා රත්වත්තේ වැනි චරිත කැපී පෙනෙයි.

විවියන් ගුණවර්ධන, නිරූපමා රාජපක්ෂ වැනි දේශපාලන පසුබිම සහිත පවුල්වලින් පැමිණි කාන්තා නියෝජිතවරියන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.