ඊශ්‍රායලය සූදානම් වන්නේ ලෙබනන් ආක්‍රමණයකට ද?

2024 සැප්තැම්බර් 25 වන දින දකුණු ලෙබනනයේ මර්ජායුන් සිට පෙනෙන පරිදි, දකුණු ලෙබනනයේ ගම්මාන ඉලක්ක කරගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ ස්ථානයෙන් දුමාරයක් ගලා යයි. Smoke billows from the site of an Israeli air strike that targeted southern Lebanese villages, as seen from Marjaayoun, southern Lebanon, on 25 September 2024

ඡායාරූප මූලාශ්‍රය, STR/EPA-EFE/REX/Shutterstock

    • Author, ඕමාර් හසන්
    • Role, බීබීසී පුවත් අරාබි

ලෙබනනයට එල්ල කෙරෙන ඊශ්‍රායලයේ නවතම ප්‍රහාර ගොඩබිමින් හමුදා ප්‍රවිෂ්ට වීමේ සූදානමක් විය හැකි බව හමුදා ප්‍රධානියෙක් පවසයි.

"ඔබට ඉහළින් යන ජෙට් යානාවල ශබ්දය ඇහෙනවද; අපි මුළු දවස පුරාම ප්‍රහාර එල්ල කරනවා. ඒ ඔබට ගොඩබිමින් ඇතුළු වෙන්න ඉඩ සලසා දෙන්න වගේම හිස්බුල්ලාව අඛණ්ඩව පහතට හෙලන්න," යැයි හෙර්සි හැලෙවි හමුදාවන්ට පැවසීය.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මෑත කාලීන ගැටුම් උත්සන්න වීම බොහෝ දෙනෙකුට සිහිගන්වන්නේ 2006 යුද්ධයයි, ප්‍රබල ගුවන් ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිම් මෙහෙයුම් දියත් කළේය.

2023 ඔක්තෝම්බර් 7 වන දින හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව, සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර වේගවත් කළ අතර දෙපාර්ශවය අතර වසරක් පුරාවට අඛණ්ඩව ගැටුම් පවතී.

එබැවින් ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීමට තීරණය කරන්නේ නම්, මෙම ආක්‍රමණය කෙබඳු විය හැකිද, සහ එසේම ඊශ්‍රායලය එහි රැඳී සිටීමට සහ භූමිය පාලනය කිරීමට උත්සාහ කරයි ද?

ලෙබනනයට ගොඩබිමින් ඇතුළු වීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හිස්බුල්ලා සංවිධානය සමඟ උග්‍රවන සටන් හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ සිය නිවෙස්වලින් ඉවත් කර ඇති 60,000 පමණ පදිංචිකරුවන් ආරක්ෂිතව ආපසු ගෙන ඒමට කිහිප අවස්ථාවකදීම ප්‍රතිඥා දී තිබේ.

එම පදිංචිකරුවන්ට හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන තර්ජන අවම කිරීම සඳහා ඊශ්‍රායලය කිසියම් ආකාරයකින් ලෙබනනයට ඇතුළු වීමට අදහස් කරන බව සැප්තැම්බර් 25 වැනි බදාදා පැහැදිලි විය.

"අද, අපි අඛණ්ඩව ගහනවා, අපි නවත්තන්නේ නැහැ; හැම තැනකටම අපි දිගටම පහර දෙනවා. අරමුණ හරිම පැහැදිලියි - උතුරේ පදිංචිකරුවන් නැවත ආරක්ෂිතව නිවාසවලට යැවීමට ඉඩ සලසා දීමයි." හෙර්සි හැලෙවි හමුදාවන්ට පැවසුවේය.

"උපාය මාර්ගික මෙහෙයුමක් කිරීමට සූදානම්, එයින් අදහස් කරන්නේ ඔබේ සපත්තු සතුරු භූමිය දෙසට, හිස්බුල්ලාගේ විශාල හමුදා මුරපොලවල් සකස් කර ඇති ගම්වලට ඇතුළු වනවා" ඔහු හමුදාවට පැවසීය.

සැප්තැම්බර් 23 වන සඳුදා, මෑත කාලීන ගැටුම් උත්සන්නවීම තීරණාත්මක මට්ටමකට පැමිණියේ ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත යැයි පවසමින් එල්ල කෙරුණ ප්‍රබල ගුවන් ප්‍රහාර රැල්ලකින් පුද්ගලයින් 550 කට වැඩි පිරිසක් මිය යාමත් සමගයි.

මේවන විට මිය ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් සහ වෛද්‍යවරුන් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් සිටින බව ලෙබනන් සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

දැනට ගුවන් ප්‍රහාර එල්ල වුවද, බොහෝ විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ ඊශ්‍රායලය නුදුරේදීම ලෙබනනයට ගොඩබිමින් හමුදාව යවනු ඇති බවයි.

ලෙබනනයේ ඊශ්‍රායල මෙහෙයුම් කෙබඳු වනු ඇතිද?

Rescue workers search in the rubble of a building complex hit in an Israeli strike in the heart of the Shia-dominated suburbs of Beirut on 13 August 2006 (AFP via Getty Images) සහන සේවකයින් 2006 අගෝස්තු 13 වන දින ෂියා ආධිපත්‍යය දරන බේරූට් තදාසන්න ප්‍රදේශයට එල්ල කෙරුණු ඊශ්‍රායල ප්ර්හාරයකිම් කඩා වැටුණු ගොඩනැගිලි සංකීර්ණයක සුන්බුන් සොයමින් (Getty Images හරහා AFP)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ගැටුමේ මෑත කාලීන උත්සන්න වීම, බොහෝ දෙනෙකුට 2006 වසරේ දෙපාර්ශවය අතර ඇතිවු දරුණු ගැටුම සිහිගන්වයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මීට පෙර ලෙබනනයේ පැවති යුද්ධවලදී ඊශ්‍රායලය සිය ගොඩබිම් මෙහෙයුම් වලදී විවිධ ක්‍රම අනුගමනය කර ඇත.

විය හැකි සිදුවීම් අවබෝධ කර ගැනීම සඳහා, 1982 සහ 2006 දී ඊශ්‍රායලය විසින් ලෙබනනයට කළ ආක්‍රමණ ගැන නැවත බැලීම වැදගත් වේ.

ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙබ් අඩවියට අනුව "1982 වසරේ දී ඊශ්‍රායල හමුදා ලෙබනනයට කඩා වැදුනේ පලස්තීන දේශසීමා හරහා සිදුවන ප්‍රහාර සහ වෙඩි තැබීම් උත්සාහයන් නැවැත්වීමට, ලෙබනනය තුළ සිරියානු පැවැත්ම සහ බලපෑම අවසන් කිරීම සහ "ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වන පරිදි ලෙබනනයේ වඩාත් මිත්‍රශීලී රජයක් පිහිටුවීමට සහාය වීම සඳහා ය."

එම අවස්ථාවේදී, පලස්තීනුවන්ට යසර් අරෆත් සහ ඔහුගේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) විසින් නායකත්වය දුන් අතර පලස්තීනය විසින් ඊශ්‍රායල රාජ්‍යය පිළි නොගත් අතර ඊශ්‍රායලය ද පලස්තීන රාජ්‍යයකට සහය දැක්වූයේ නොමැත.

දහස් ගණන් සොල්දාදුවන් සහ සියගණනක් ටැංකි සහ සන්නද්ධ වාහන ඊට සම්බන්ධ වූ අතර එය දැවැන්ත ආක්‍රමණයක් විය. ඊට ප්‍රබල ගුවන්, නාවික සහ කාලතුවක්කු ප්‍රහාර එකතු විය. ඊශ්‍රායල ජාතිකයන් විවිධ පෙරමුණු හරහා ඉදිරියට ගිය අතර සතියක් ඇතුළත ලෙබනන් අගනුවර වන බේරූට් නගරය වටකරමින් නගරයට ළඟා විය.

Israeli soldiers in armoured vehicles travel past houses as they pass through a village in the Bekaa Valley during the Israeli invasion of Lebanon, named Operation Peace for the Galilee in the Bekaa Valley, Lebanon, in June 1982 ඊශ්‍රායල හමුදා ලෙබනනය ආක්‍රමණය කිරීමේදී සන්නද්ධ වාහනවලින් බෙකා මිටියාවතේ ගමක ගෙවල් පසුකර ගමන් කරමින් ගමන් කරන විට, මෙම මෙහෙයුම ගලීලයට සාමය යනුවෙන් හැඳින්විය. 1982 ජුනි මාසයේ ලෙබනනයේ බෙකා මිටියාවතේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1982 ජූනි මාසයේදී ඊශ්‍රායල ලෙබනනය ආක්‍රමණය කරන විට ඊශ්‍රායල සොල්දාදුවන් සන්නද්ධ වාහනවල නැග බෙකා නිම්නයේ ගමක් හරහා ගමන් කරන අයුරු

1982 ආක්‍රමණය ගැන ලෝකය බැලුවේ කෙසේද?

ඊශ්‍රායලයට එරෙහිවූ පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත්ට සහ ඔහුට සහය දැක්වූ සිරියානු හමුදාවේ 2,000 කට ලෙබනනය හැර යාමට සිදු විය.

"දැන් ග්‍රීසිය බලා නැවෙන් යන අරෆත් මහතා ලෙබනනයේ රැඳී සිටීමේ විපත්තිදායක ප්‍රතිඵලයෙන් පසු ඔහුව භාර ගැනීමට කැමති වෙනත් අරාබි රජයක් සොයා ගනු ඇතැයි සිතිය නොහැක." යනුවෙන් එම කාලයේ සිටි බීබීසී වාර්තාකරුවෙකු පවසා තිබුණි.

කෙසේවෙතත්, ලොව පුරා රටවල් පුළුල් ලෙස ඊශ්‍රායලය හෙළා දකින ලදී, 1982 සැප්තැම්බර් මාසයේදී බේරූට්හි පලස්තීනුවන් සිය ගණනක් ක්‍රිස්තියානි අතුරු හමුදා විසින් සමූහ ලෙස ඝාතනය කරන ලද අතර ඊශ්‍රායල හමුදා කිසිවක් නොකළහ.

පසුකාලීනව එය සබ්රා සහ ෂටිල සමූහ ඝාතනය ලෙස හැඳින්වූ අතර, දින හතරකට පෙර ජනාධිපති ලෙස තේරී පත් වූ බෂීර් ගෙමායෙල් ඝාතනයට පළිගැනීමක් ලෙස එය එකල වාර්තා විය.

2006 දී ගොඩබිම් ආක්‍රමණය 1982 ට සාපේක්ෂව සීමිත වූ අතර සාපේක්ෂව මන්දගාමී විය, එය ලෙබනනය තුළ කිලෝමීටර් කිහිපයකට නොඅඩු නගර සහ අවට ප්‍රදේශවලට සීමා විය.

ඊශ්‍රායල දේශපාලන විශ්ලේෂක යෝආව් ස්ටේන් සැප්තැම්බර් 23 වැනිදා බීබීසී වෙත පැවසුවේ මීළඟ ගොඩබිම් ආක්‍රමණය 1982 සිදු වූ දෙයට සමාන වනු ඇතැයි තමා නොසිතන නමුත් එය මන්දගාමී, ප්‍රවේශම් සහගත සහ ගණනය කළ ආක්‍රමණයක් වනු ඇති බවයි.

වේගවත් හා පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කරනවා වෙනුවට ඊශ්‍රායලයට දකුණු ලෙබනනයේ නගර එකින් එක අල්ලා ගනු ඇති බව ඔහු යෝජනා කළේය. එය 2006 දී සිදු වූ දෙයට සමාන වනු ඇත, නමුත් ලෙබනන් භූමියේ අභ්‍යන්තරයේ පිහිටි ලිටානි ගඟට ළඟා වේ. ලෙබනනයේ වැදගත් ප්‍රදේශ පාලනය කිරීමට ලිටානි ගඟ දිගු කලක් තිස්සේ දෙපාර්ශවයටම වැදගත් කලාපයක් වී ඇත.

ස්ටර්න් ඔහුගේ අනාවැකිය සඳහා පදනම් කර ඇත්තේ දකුණු ලෙබනනයේ නගරවල හිස්බුල්ලා දිගු කලක් පැවතීම මත වන අතර එමගින් ඊශ්‍රායලය මෙම නගර අල්ලාගෙන ඉක්මනින් ඒවායින් පිටවීම වැළැක්විය හැකිය.

හමුදා විශ්ලේෂක සහ හිටපු ජෙනරාල් හිෂාම් ජාබර් තර්ක කරන්නේ ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කළහොත් ඊශ්‍රායල හමුදා දිගු කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි නොපෙනෙන බවයි.

ඔහු පවසන පරිදි "2006 වසරේ සිදුකළ ආක්‍රමණයේදී ඊශ්‍රායලය එහි රැඳී සිටීමට උත්සාහ කිරීමේ ප්‍රතිවිපාක අත්විඳ ඇත," දැන් සිදුවිය හැකි ඕනෑම ආක්‍රමණයක් බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගනු ඇත.

ඊශ්‍රායලයේ ලෙබනන් ගොඩබිම් මෙහෙයුම ඉතා පටු විය හැකි, දේශසීමා ආශ්‍රිත මෙහෙයුම් වලට සීමා වනු ඇතැයි ජබර් අපේක්ෂා කරයි. ඊශ්‍රායලය විසින් දිනකට නොවැඩි කාලයක් සිදු කළ හැකි සෑම වැටලීමක් සමඟම සීමිත ප්‍රදේශ එයට ඇතුළත් වේ.

ඊශ්‍රායලය ගොඩබිම් ආක්‍රමණය පිළිබඳ වන විකල්පය වෙනුවට ඝාතන මෙහෙයවීම් සහ සයිබර් ආරක්ෂණ මෙහෙයුම් සමගින් ගුවන් ප්‍රහාර තීව්‍ර කරනු ඇතැයි ජබර් අපේක්ෂා කරයි.

Lt Gen Herzi Halevi talking to troops on the border with Lebanon

ඡායාරූප මූලාශ්‍රය, Israel Defense Forces

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හෙර්සි හලේවි හමුදාවන්ට පවසා ඇත්තේ 'සතුරු ප්‍රදේශයට ගොඩබිමින් ඇතුළු වීමට' සූදානම් වීම සඳහා ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරන බවය

ආක්‍රමණය කෙසේ විය හැකිද?

ඊශ්‍රායල භූමි මෙහෙයුම් "ලෙබනන් දේශසීමා නගරවල ඉතා සීමිත ප්‍රදේශවලට" සීමා වනු ඇතැයි ජාබර් අපේක්ෂා කරයි, නමුත් ඊශ්‍රායලය අනෙකුත් ලෙබනන් ප්‍රදේශවල "කොමාන්ඩෝ මෙහෙයුම්" වලට සමාන මෙහෙයුම් සිදු කරනු ඇතැයි ඔහු ප්‍රතික්ෂේප නොකළේය.

අනෙක් අතට, ගොඩබිම් මෙහෙයුමේ භූමි ප්‍රමාණය දකුණු ලෙබනනය, එනම් "ලෙබනන්-ඊශ්‍රායල් දේශසීමා සහ ලිටානි ගඟ අතර වූ ප්‍රදේශය" ඇතුළත් වනු ඇතැයි ස්ටර්න් අපේක්ෂා කරයි.

උපායශීලි හේතුන් මත ඊශ්‍රායල් හමුදාව ලිටානි වලට උතුරින් වූ ඇතැම් ප්‍රදේශවලට ගොඩබිමෙන් ඇතුල්වී පසුව ඉවත්ව යෑම හෝ එහි වූ සීමාවට පසුපස වූ ප්‍රදේශයට ගුවනින් ගොඩබැසීම යන කාරණා ඔහු ප්‍රතික්ෂේප නොකළේය. අනාගතයේදී සාකච්ඡා වලදී වාසියක් ඇති කර ගැනීමේ අරමුණින් ඊශ්‍රායලය ලෙබනනයේ අභ්‍යන්තර ප්‍රදේශවලට ඇතුල්විය හැකි බව ඔහු යෝජනා කරයි.

1982 යුද ආක්‍රමණයේ ප්‍රධාන ඉලක්ක තුනක් කෙරෙහි අවධානය යොමු කළ අතර ඉන් දෙකක් වුයේ නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නය දෙසට සහ මධ්‍යම ගලීලයේ කඳුකරය ලෙස හැඳින්වෙන ප්‍රදේශයටය, තෙවන ඉලක්කය වුයේ දකුණේ සිට බේරූට් දක්වා වූ වෙරළබඩ මාර්ගය විය.

දකුණු සිදොන් නගරයට උතුරින් පාබල සෙබළුන් සහ සන්නද්ධ වාහන නාවික ගොඩබෑමක් සිදු කිරීම ද ආක්‍රමණයට ඇතුළත් විය.

ආක්‍රමණයේ අරමුණු කුමක් වේවිද?

1982 යුද්ධයේ සහ එහි භූමි මෙහෙයුම්වල ප්‍රකාශිත ඉලක්කය වූයේ, දකුණු ලෙබනනයේ පලස්තීන සටන්කාමීන්ගේ රොකට් සහ කාලතුවක්කුවල ඵලදායී පරාසයෙන් උතුරු ඊශ්‍රායලයේ නගර ඉවත් කිරීම උදෙසා ඔවුන් ලෙබනන්-ඊශ්‍රායල දේශසීමෙවෙන් කිලෝමීටර 40ක් (සැතපුම් 25ක්) පසුපසට තල්ලු කිරීම ය.

ඊශ්‍රායලයේ අතිරේක අරමුණ වුයේ බෙරුට් හි පිහිටි පලස්තීන විමුක්ති සංවිධානයේ මුලස්ථානය ඇතුළු යටිතල පහසුකම් විනාශ කිරීම සහ සිරියානු හමුදා ලෙබනනයෙන් පිටතට එලවා දැමීමයි.

1982 දී ඊශ්‍රායල ප්‍රහාරය දකුණු ලෙබනනයට පමණක් සීමා නොවී, බෙකා නිම්නය, චෞෆ් කඳුකරය සහ බෙරුට් ඇතුළු විශාල ප්‍රදේශයක් ඊට ඇතුළත් විය.

හිෂාම් ජාබර් විශ්වාස කරන්නේ පටු පරාසයක ගොඩබිම් ආක්‍රමණය- හෝ සීමිත ආක්‍රමණ - දිගු කාලීනව අවම සමස්ත යුද බලපෑමක් ඇති කළ හැකි බවයි.

අනෙක් අතට, ස්ටර්න් විශ්වාස කරන්නේ, ඊශ්‍රායලය ප්‍රධාන වශයෙන්, දකුණු ලෙබනනයට ඇතුළු විය හැකි ඕනෑම ආක්‍රමණයක් හරහා, හිස්බුල්ලා සටන්කාමීන් ලිටානි ගඟෙන් උතුරට ප්‍රධාන හේතු දෙකක් නිසා පසුපසට තල්ලු කිරීම අරමුණු කරගනු ඇති බවයි.

"ඊශ්‍රායල නගර දෙසට කෙටි දුර රොකට් ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට සහ උතුරු ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් නැවත ඇතිවීම වැළැක්වීමටයි."