ලෙබනනයේ පිපිරීම්: 'ඇසක් නැතිවුණ කෙනෙක් අනෙක් ඇසෙන් සටන් කරනවා'

Young Lebanese boys in blue shirts and yellow ties hold up paper with colour photocopied images of their school friend who was killed.
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරුවාදා ප්‍රහාරයෙන් මියගිය පිරිමි ළමයෙකුගේ ඡායාරූප පාසල් ළමුන් ඔසවාගෙන සිටින අයුරු
    • Author, ජෝයා බර්බෙරි සහ කැරීන් ටෝබේ
    • Role, බීබීසී පුවත් අරාබි, බේරූට්

ලෙබනනය පුරා පේජර් පුපුරා යාමෙන් මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය උත්සවවලට සහභාගි වීමට විශාල පිරිසක් රැස්ව සිටියදී දෙවන වරටත් පිපිරුම් ශබ්ද ද ඇසිණි. ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ වෝකි-ටෝකි පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් 450 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

එක් අවමංගල්‍ය උත්සවයකදී, ශෝකයට පත් වූවන් බීබීසී ය සමග කතා කරන විට නොසන්සුන් හා ප්‍රකෝපකාරී ස්වාභවයක් දිස්විය.

තමන් ප්‍රතිකාර කළ පුද්ගලයින්ගේ දරුණු තුවාල පිළිබඳව වෛද්‍යවරුන් විස්තර කර ඇත.

මේ අතර බේරූට් අගනුවර පුරා සිටින අපගේ කණ්ඩායම මෙම ප්‍රහාරය පිළිබඳ පසුවිපරම් කරමින් සිටියි.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ලෙබනනයේ පිපිරීම් වලින් සොයා ගත් වෝකි - ටෝකියක බීබීසී විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝව

ජෝයා බර්බෙරි බේරූට්හි ගොබේරි උපනගරයේ

පුපුරා යන පේජර් සමග එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පසුව සහ දෙවන රැල්ලෙන් පසු දුරකතන හෝ වෙනත් උපාංග භාවිත කරන පුද්ගලයින් පිළිබඳව සියලු දෙනා ම සැක කරති.

කුඩා පිරිමි ළමයෙකු ඇතුළු මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සිදුවෙමින් පවතින අතරතුර පිපිරුම් හඬක් ඇසුණු අතර මිනිසුන් භීතියට පත් විය. ජනතාව හිස් ලූ ලූ අත දිවීමට පටන් ගත්හ.

අපට අවමංගල උත්සවයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් සොයා යාමට සිදුවිය.

කෙසේ වෙතත්, අවමංගල්‍ය උත්සවය සහභාගිව සිටි ජනතාව සමග කතා කිරීමට සහ සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට මා හට හැකි විය.

අඟහරුවාදා පේජර් ප්‍රහාරවලින් මියගිය 11 හැවිරිදි පිරිමි ළමයෙකුගේ සහ හිස්බුල්ලා සාමාජිකයින් තිදෙනෙකුගේ අවමංගල්‍යයට සහභාගී වීමට ජනතාව විශාල වශයෙන් එහි රැස්ව සිටියහ.

A young boy with black hair and a red shirt, not in uniform, holds a picture of the boy killed and a yellow flag.
ඡායාරූප ශීර්ෂ වැකිය, සැප්තැම්බර් 18 බදාදා අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ පිරිමි දරුවෙක්

මරා දැමූ පිරිමි දරුවාගේ පින්තූරයක් පෙන්වමින් පිරිමින්, කාන්තාවන් සහ පාසල් සිසුන් පවා වීදි බැස, බැනර් සහ පෝස්ටර් අල්ලාගෙන සිටියහ.

සමහරු හිස්බුල්ලා සංවිධානයේ කහ කොඩි ද, සමහරු හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ රුව සහිත විශාල කළු කොඩි ද අතැතිව සිටියහ.

කාන්තාවෝ වින්දිතයන්ගේ මිනී පෙට්ටිවලට රෝස මල් පෙති විසි කළහ. පසුගිය කාලයේ හිස්බුල්ලා සාමාජිකයන්ගේ අවමංගල්‍ය කටයුතුවලට නිරත සහභාගි වූ මා වැනි අයට මෙම ස්ථානය ඉතා හුරුපුරුදුය.

සමහර දෙමව්පියෝ ළමයි ද රැගෙන පැමිණ සිටියහ.

සිදු වූ දෙය මනුෂ්‍යත්වයට එරෙහි විශාල අපරාධයක් බව ඔවුන් විශ්වාස කරන නමුත් එය ඔවුන්ගේ ප්‍රතිරෝධය සහ අධිෂ්ඨානය ශක්තිමත් කරනු ඇතැයි ජනතාව මට පැවසූහ.

ඔවුන්ගේ ස්වරය විරෝධ සහගත එකකි. විශාල ශබ්ද විකාශන යන්ත්‍රවලින් යාඥා විකාශනය වූ අතර සමහර දරුවන් බාලදක්ෂ ඇඳුම්වලින් සැරසී 11 හැවිරිදි පිරිමි ළමයාට සමුදීම සඳහා අවමංගල උත්සවයට පැමිණි සිටියහ.

Women in black hold trays of pink white and red rose petals
ඡායාරූප ශීර්ෂ වැකිය, රෝස මල් පෙති සහිත තැටි රැගත් කාන්තාවන් එම පෙති වින්දිතයින්ගේ මිනී පෙට්ටිවලට විසි කළහ

ඔහු ප්‍රතිචාර දැක්වූයේ: "හැමෝම කවුරුහරි කෙනෙක්ව දන්නවා. ලොකු වේදනාවක් තියෙනවා, ශාරීරිකව සහ මානසිකව."නමුත් මෙක අපට හුරු පුරුදු දෙයක්, අපි අපගේ ප්‍රතිරෝධය දිගටම කරනවා," යනුවෙනි.

අවමංගල්‍යයේදී මා අසල සිටි 45 හැවිරිදි කාන්තාවක් ඇගේ මුහුණේ දුක්මුසු සිනහවකින් යුතුව මා හට කියා සිටියේ: "මේක අපිව තවත් ශක්තිමත් කරනවා, ඇසක් නැතිවෙච්ච ඕනෑම කෙනෙක් අනෙක් ඇසෙන් සටන් කරනවා, අපි සියල්ලෝම එකට ඉන්නේ".

Two school boys hold up signs with the dead boy's image
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනයට ලක්වූ දරුවා දිවිපිදූ විරුවෙකු ලෙස ජනාතාව විසින් හඳුන්වනු ලැබූහ

කැරීන් ටොබී බේරූට් හි මවුන්ට් ලෙබනන් රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ...

උදෑසන රෝහල ඉදිරිපිට සෙනග එක්රැස්ව සිටි නමුත් සාපේක්ෂව සන්සුන් විය, බොහෝ ඥාතීන් තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අරමුණින් රෝහලෙන් පිටත රැඳී සිටියහ.

පිපිරීම් වලින් අනතුරුව තුවාලකරුවන් රැගෙන එන විට රෝහල පුරා ඇඬීම් හා කෑගැසීමෙන් දෝංකාර දීමත් සමග තත්ත්වය ඊයේ රාත්‍රියට වඩා ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ගනු ලැබීය.

Professor Elias Warrak, Mount Lebanon Hospital University Medical Center, Beirut on 18 September 2024
ඡායාරූප ශීර්ෂ වැකිය, අක්ෂි ශල්‍ය වෛද්‍ය මහාචාර්ය එලියාස් පවසන්නේ සිය වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් ප්‍රමාණයට වඩා වැඩි ඇස් ප්‍රමාණයක් එක් රාත්‍රියක් තුළ ලබා ගත් බවය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මවුන්ට් ලෙබනන් රෝහලේ විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ අක්ෂි වෛද්‍යවරයකු වන මහාචාර්ය එලියාස් සමග කතාබස් කිරීමට මා හට අවස්ථාව ලැබුණු අතර අඟහරුවාදා දහවල් ඔහු දුටු දෙය බියකරු සිහිනයක් යැයි ඔහු පැවසීය. ඔහු කියා සිටියේ ‘ඒක මගේ ජීවිතේ නරකම දවස’ යනුවෙනි.

කාර්යාලයේ සන්සුන්ව වාඩි වී සිටි ඔහු මට මෙසේ පැවසීය: "අවාසනාවකට ඊයේ රාත්‍රියේ මට වෛද්‍යවරයෙකු ලෙස මගේ මුළු වසර 25 ක වෘත්තීය ජීවිතයේදී කළාට වඩා ඇස් ඉවත් කිරීමට සිදු වුණා."

"මට අවම වශයෙන් වින්දිතයින්ගේ එක් ඇසක්වත් බේරා ගැනීමට ඕනෑ වුණා (ඔවුන්ගේ පෙනීම සුරැකීමට) සමහර අවස්ථාවල මට ඒක බැරිවුණා, මූනිස්සම් කෙලින්ම ඇස්වල ගැඹුරට ම ගිහිල්ලා නිසා මට ඇස් දෙකම ඉවත් කරන්න සිද්ධ වුණා."

සිය කාර්යාලයේ දී මා සමඟ කතා කරන අතරතුර, වෛද්‍ය වරක් සන්සුන් බවක් පෙන්වුවද, ඔහු ඉතා කණගාටු වූ අතර, සිදු වූ දේ සහ ඔහු දුටු දේ ගැන මෙනෙහි කළේය.

ඔහු මෙසේ පැවසීය: "එක ඉතාම අමාරූ වුණා. බොහෝ රෝගීන් වයස අවුරුදු විසි ගණන්වල තරුණයෝ. සමහර අවස්ථාවල මට ඇස් දෙකම ඉවත් කරන්න වුණා. මගේ මුළු ජීවිත කාලය තුළම මම ඊයේ දැක්කා වගේ දෙයක් දැකලා නෑ."

ඔහු පැය 24කට ආසන්න කාලයක් අඛණ්ඩව තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරමින් සිට ඇත්තේ ඉතා කෙටි විවේකයක් පමණක් ලබමිනි.

Mount Lebanon Hospital University Medical Center reception, with people entering
ඡායාරූප ශීර්ෂ වැකිය, මවුන්ට් ලෙබනන් රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇතුළු වීමේ දොරටුව බදාදා දිවා කාලයේ සන්සුන් ස්වභාවයක් ගනු ලැබීය

මේ අතර, වෛද්‍ය වරක් වින්දිතයන්ගේ ඥාතීන්ට සහ පවුල්වල සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට ප්‍රශංසා කළේ ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ය.

පුද්ගලයන් 3000 ක් පමණ තුවාල ලබා තිබේ. - ඔවුන්ගෙන් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

දෙවන පිපිරුම් රැල්ලෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Lines of traffic and people outside the Lebanese American University Medical Centre
ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාල ලැබූ බොහෝ දෙනෙක් අඟහරුවාදා රාත්‍රියේ ප්‍රතිකාර සඳහා ලෙබනන් ඇමරිකානු විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගියහ

ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය පැවසුවේ, එම පේජර් උපකරණ “විවිධ හිස්බුල්ලා ඒකක සහ ආයතනවල සේවකයන්ට” අයත් වූ බවත් තම සටන්කාමීන්ගේ මරණ තහවුරු කරන බවත්ය. ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා මෙන් මෙම හිස්බුල්ලා කණ්ඩායමද මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා නඟා තිබේ. ඊශ්‍රායල හමුදාව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

පිපිරීම් සිදුවූ වහාම මම තවත් වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ කතා කළෙමි.

"එක හරිම සංවේදීයි, සමහර දැකපු දේවල් හරිම බිහිසුණුයි," රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මා හට පැවසීය. බොහෝ තුවාල සිදුව ඇත්තේ, ඉණ, මුහුණ, ඇස් සහ අත් මට්ටමේ බව ඔහු පැවසීය.

මට කිව්වා: "විපතට පත්වූවන් බොහෝ දෙනෙකුගේ ඇඟිලි අහිමි වෙලා, සමහර සිද්ධිවල ඇඟිලි සියල්ල ම."

සත්‍ය වශයෙන් ම සිදුවූයේ කුමක් ද යන්න ගැන සිතා ගැනීමට නොහැකිව මුළු රටම කම්පනයකට හා අවිශ්වාසයකට පත්ව තිබේ.

එය පරිමාණයෙන් හා ස්වභාවයෙන් පෙර නොවූ විරූ බවත්, අදහාගත නොහැකි සිදුවීම්වලට පුරුදු වී සිටින රටකට පවා තේරුම් ගැනීමට අතිශයින් දුෂ්කර බවත් මට පැවසිය හැකිය.