ඊශ්‍රායල් ලෙබනන් ආක්‍රමණය: පවතින අවුල් ජාලය මැද ලෙබනන් හමුදාව ඇත්තේ කොහෙද?

    • Author, කරීන් ටෝර්බි
    • Role, බීබීසී පුවත් - බේරූට්
  • කියවීමේ කාලය: මිනිත්තු 5
A Lebanese army soldier gestures at the scene of a reported pager explosion in Saida in southern Lebanon on 18 September 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා ඉලක්ක කර සිදුකරනු ලැබූ පුද්ගලික ඉලෙක්ට්‍රොනික උපාංග පිපිරීම් මාලාවකින් පසුව, සැප්තැම්බර් 18 වැනිදා පේජර් පුපුරා ගිය ප්‍රදේශය ආරාක්ෂා කරන ලෙබනන් හමුදා සොල්දාදුවෙක්

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මුල් බැසගත් ඊශ්‍රායලය සහ සටන්කාමී හිස්බුල්ලා කණ්ඩායම අතර ඇති මතභේදයට හේතුව ඔවුන් පැහැදිලිව ම අර්ථ දක්වා ඇති වෙනස් ස්ථාවරයන් දෙක ය.

ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීමේ උත්සාහයක් ලෙස හිස්බුල්ලා විසින් ඊශ්‍රායලයේ පිහිටි ස්ථාන දිගින් දිගටම ඉලක්ක කරමින් සිටින අතරතුරේ දී, අසල්වැසි ලෙබනනයේ සිට හිස්බුල්ලා විසින් තම රටට එල්ල කරන තර්ජනය තුරන් කිරීමට අධිෂ්ඨාන කර ඇති බව ඊශ්‍රයලය පවසයි.

පසුගිය මාස 11 තුළ දෛනික දේශසීමා එදිරිවාදිකම් පිළිබඳ ආතතිය දෙපාර්ශවය විසින් ම තව දුරටත් වැඩි කර තිබේ.

2006 වසරෙන් පසු ප්‍රථම වතාවට දැන් ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමක් සිදුවෙමින් පවතින බැවින්, බොහෝ දෙනා විසින් අසනු ලබන්නේ, ලෙබනන් හමුදාව මේ සියල්ල මැද සිටින්නේ කොතැනද? මෙය සිදුවීම වැළැක්වීමට ඔවුන් කළේ කුමක්ද යන්න පිළිබඳව ය.

Lebanese army forces prepare to destroy in a controlled explosion a communication device found on the ground in southern Lebanon, between the villages of Burj al Muluk and Klayaa, on 19 September 2024, after hundreds of pagers and walkie-talkies used by Hezbollah exploded across Lebanon in unprecedented attacks that spanned two days

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ලෙබනන භූමියේ තිබී හමු වූ සන්නිවේදන උපකරණයක් පිපිරවීමට ලෙබනන් හමුදා සූදානම් වන්නේ පේජර් දහස් ගණනක් පිපිරී දින දෙකකට පසුව සහ වෝකි ටෝකි පිපිරී දිනයකට පසුව ය

ලෙබනනය ආරක්ෂා කරන්නේ හිස්බුල්ලා ද? ලෙබනන් හමුදාව ද?

බැලූ බැල්මට ම, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා වෙනත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති හිස්බුල්ලා [සංවිධානය] සහ ඊශ්‍රායලයේ එදිරිවාදිකම්වලට ලෙබනන් හමුදාව සම්මුඛ නොවී සිටීම ප්‍රධාන තැනක් ගෙන ඇත. න්‍යායාත්මකව, ජාතියේ සතුරාට එරෙහිව සටන් කිරීම හමුදාවේ කාර්යය වන අතර ඊශ්‍රායලය නිල වශයෙන් ලෙබනනයේ සතුරා වේ.

නමුත් ලෙබනන් හමුදාවට එවැනි ගැටුමක් සඳහා අවශ්‍ය උපකරණ සහ අවි ගබඩාවක් නොමැත.

ඊශ්‍රායල් හමුදාව ශක්තිමත් ලෙස සන්නද්ධ වී ඇති අතර, විවාදයට තුඩු දෙන ආකාරයෙන් මූල්‍යමය සහ වඩාත් උසස් අවි ගබඩා යන දෙකෙන්ම බටහිර බලවතුන්ගේ සහය [ඊශ්‍රායලයට] හිමි ය.

ඊට අමතරව, ඊශ්‍රාලයට තර්ජනයක් එල්ල කළ හැකි කුමන ආකාරයේ හෝ නවීන ආයුධ රජයකට අත්පත් කරගැනීම වළක්වාලමින් එක්සත් ජනපදය නිරන්තරයෙන් සක්‍රීය ලෙස ආණ්ඩු පීඩනයට පත්කරමින් සිටින බවට උසස් නිලවල සිටි නිලධාරීන් ලබා දුන් වාචික සාක්ෂි මගින් පිටුබලය ලැබූ පුළුල් විශ්වාසයක් පවතියි.

2020 දී විනාශකාරී බේරූට් පොහොර කම්හල පුපුරා යාමෙන් බරපතල වූ ගැඹුරු ආර්ථීක අර්බුදය ලෙබනන් හමුදාවට වඩාත් නරක තත්ත්වයක් ඇති කළේ ය. අරමුදල් හිඟ වීම එහි කාර්යයමණ්ඩලයට ඉන්ධන වැනි ඉතා ම මූලික මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද බලපානු ලැබීය.

Soldiers secure the area after leaders of the Popular Front for the Liberation of Palestine group are reported killed by an Israeli airstrike in the Kola area of Beirut, Lebanon on 30 September 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන විමුක්තිය සඳහා වූ ජනප්‍රිය පෙරමුණ නැමති කණ්ඩායමේ නායකයන් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් බේරූට්හීදී මිය ගිය බව වාර්තා වීමෙන් පසුව ප්‍රදේශය ආරක්ෂා කරන ලෙබනන් සොල්දාදුවන්

ලෙබනන් හමුදාවට එක්සත් ජනපද ආධාර

දේවල් වඩාත් සංකීර්ණ වන්නේ, හිස්බුල්ලා විසින් තම විශාලතම සතුරා ලෙස සලකන එක්සත් ජනපදය, ලෙබනන් හමුදාවේ ප්‍රධාන ආධාරකරු වීම නිසා ය. කාලයක් වොෂින්ටනය ලෙබනන් හමුදා සාමාජිකයින්ගේ සොච්චම් වැටුප් ගෙවීම සඳහා ද දායක වී ඇත.

නමුත් එම ආධාර වාහන, උපාංග සහ තනි ආයුධවලට සීමා වී ඇති අතර ඔවුන් ඊශ්‍රායලයට සපයන ආධාර සමඟ සැසඳිය නොහැකි ය.

මේ අතර සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයට එරෙහි ලෙබනන් හමුදාවේ උදාසීනත්වය කලාපයේ අනෙක් සියලු ජාතික හමුදාවන්ට සමාන බවයි.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ (UNIFIL) ලෙබනන් රජයේ හිටපු සම්බන්ධීකාරකවරයෙකු වන ජෙනරාල් මෞනීර් ෂහීඩ් පවසන්නේ, "ඊශ්‍රායල් සතුරාට අභිමුඛ වීමට ලෙබනන් හමුදාවට හෝ අරාබි හමුදාවට හැකියාවක් නෑ," යනුවෙනි.

"ගාසා තීරයේ දී සිදු වූවාට සමාන ගරිල්ලා යුද්ධයක් හැර ඊශ්‍රායලය සමඟ වෙනත් සටනක් සුදුසු නෑ."

Lebanese army soldiers talk while standing guard at the entrance of a hospital in Beirut on 17 September 2024 (AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පේජර් පුපුරා ගිය දිනයේ ලෙබනන් හමුදා සොල්දාදුවන් බේරූට්හි රෝහලක පිවිසුම ආරක්ෂා කරමින්

"අද වන විට අභ්‍යන්තර තත්ත්වය දුර්වල නිසා ලෙබනන් හමුදාවේ භූමිකාව වෙන්නේ අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වාගෙන යාම. ලෙබනනයේ හිස්බුල්ලා ආධාරකරුවන් මිලියන බාගයක් හිස්බුල්ලා විරෝධී ප්‍රදේශවල අවතැන්වීම, ආරක්ෂාව පිළිබඳ නොසන්සුන්තාවයක් සහ සමහරවිට සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි ඝට්ටනයක් නිර්මාණය කරනවා," ලෙබනන් හමුදාවේ විශ්‍රාමික ප්‍රධානියෙකු වන ඛලීල් එල් හෙලූ පවසයි.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමෙන් පසුව, රට තුළ සිටින විවිධ කණ්ඩායම් අතර ආතතියක් ඇති වීමට වැඩි ඉඩක් ඇති "සංවේදී" යැයි සැලකෙන ප්‍රදේශවලට ලෙබනන් හමුදාව වැඩි වශයෙන් යොදවා ඇත.

රට තුළ සිවිල් සාමය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග දිගට ම ගන්නා බව අවධාරණය කරමින් "ජාතික එකමුතුව පවත්වාගෙන යාමට පුරවැසියන්ගෙන්" ඉල්ලමින් ලෙබනන් හමුදාව පසුගිය ඉරිදා නිවේදනයක් ද නිකුත් කළේ ය.

Lebanese army soldiers stand guard in the road near a hospital in Beirut

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙබනන් හමුදා සොල්දාදුවන් බේරූට්හි රෝහලක් අසල ආරක්ෂාවට යොදවා සිටින අයුරු

ලෙබනන් හමුදාව ඊශ්‍රායලයට එරෙහිව සටන් කරනවා ද?

එසේනම්, වත්මන් එදිරිවාදිකම් තුළ හමුදාවට කාර්යයභාරයක් තිබේ ද? ප්‍රභල [කාර්යයභාරයක්] නොමැත.

කෙසේනමුත්, දකුණේ සැලකිය යුතු සංඛ්‍යාවක් හමුදාව සිටිති.

මුරපොළක් පසුකරමින් සිටි මෝටර් සයිකලයක් ඉලක්ක කිරීම අතරතුරේ දී ඊශ්‍රායල් ඩ්‍රෝන ප්‍රහාරයකින් ලෙබනන් හමුදා සොල්දාදුවෙකු මිය ගිය බව ලෙබනන් හමුදාව මෑතක දී නිවේදනය කළේ ය.

එසේම, ඕනෑම අනාගත සටන් විරාමයක දී දකුණේ දැවැන්ත හමුදාවක් යෙදවීමට මැදිහත්වීම, මෑතක දී ලෙබනන් අගමැති විසින් ඉඟි කරනු ලැබූ දෙයකි.

කෙසේවෙතත්, මේ සියල්ලට එයට අනන්‍ය වූ අභියෝග ගණනක් ඇතුළත් වනු ඇත. ඔවුන්ට තවත් සාමාජිකයින් අවශ්‍ය අතර, දැන් හමුදාවට නොමැති වැඩි මූල්‍ය අරමුදල් ප්‍රමාණයක් ද අවශ්‍ය වේ.