නොබෙල් ත්‍යාගය ක්ෂුද්‍ර RNA පර්යේෂකයන්ට

Profile pictures of Victor Ambros and Gary Ruvkun placed side by side. Victor is smiling with a head of grey curly hair while Gary is sporting darker hair tinged with grey and a dark brown moustache.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ජේම්ස් ගැලගර්
    • Role, සෞඛ්‍ය හා විද්‍යාව පිළිබඳ වාර්තාකරු

ක්ෂුද්‍ර RNA පිළිබඳ පර්යේෂණ සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඇමෙරිකානු විද්‍යාඥයන් වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රෆ්කුන් ට කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන 2024 නොබෙල් ත්‍යාගය පිරිනැමුණි.

ඔවුන්ගේ සොයාගැනීම් පෘථිවිය මත සංකීර්ණ ජීවය ඇති වූ ආකාරය සහ පුළුල් විවිධත්වයක් ඇති වෙනස් පටකවලින් මිනිස් ශරීරය සැකසී ඇත්තේ කෙසේදැයි පැහැදිලි කිරීමට උපකාරී වේ.

අප ද ඇතුළුව ජීවීන්ගේ අභ්‍යන්තරයෙන් පාලනය වන, ජාන විසින් ජීවයට නියමයන් ලබා දෙන ආකාරයට ක්ෂුද්‍ර RNA බලපෑම් කරයි.

ජයග්‍රාහකයෝ ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක් (පවුම් 810,000)ක් වටිනා මුදල් ත්‍යාගයක් බෙදා ගනිති.

මිනිස් ශරීරය තුළ ඇති සෑම සෛලයක ම අපගේ DNA තුළ ම අගුලු දමා ඇති, ස්වභාවික ජානමය තොරතුරු අඩංගු වේ.

කෙසේවුවත් අනන්‍ය ජානමය තොරතුරු සමඟ ආරම්භ වුවත් ආකෘතිය සහ කාර්යයන් අතින් මිනිස් සිරුරේ සෛල බොහෝ සෙයින් වෙනස් ය.

ස්නායු සෛලවල ඉලෙක්ට්‍රොනික ආවේගයන් හෘද සෛලවල රිද්මයානුකූල ස්ඵන්දනයෙන් වෙනස් ය. පරිවෘත්තීය බලාගාරයක් වන අක්මා සෛලය රුධිරයෙන් යූරියා පෙරන වකුගඩු සෛලයකින් වෙනස් ය. [ඇසෙහි] දෘෂ්ඨි පටලයේ ඇති ආලෝක සංවේදක සෛල, රෝගවලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිදේහ නිෂ්පාදනය කරන සුදු රුධිර සෛලවල හැකියාවන්ගෙන් වෙනස් වේ.

ජාන ප්‍රකාශනය නිසා සමාන ආරම්භක ද්‍රව්‍යයේ සිට බොහෝ විවිධත්වයක් මතුවීමට හැකි ය.

ක්ෂුද්‍ර RNA පළමුව සොයාගැනීම සහ විවිධ පටකවල ජාන වෙනස් ලෙස ප්‍රකාශ වන ආකාරය පාලනය කරන ආකාරය පළමුව සොයාගනු ලැබුවේ ඇමෙරිකානු විද්‍යාඥයන් විසින් ය.

වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව සඳහා ත්‍යාග ජයග්‍රාහයකයන් තෝරාගනු ලැබුවේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සභාව විසින් ය.

"ඔවුන්ගේ පෙරළිකාර සොයාගැනීම මිනිසුන් ඇතුළුව් බහුසෛලීය ජීවීන්ට ඉතා වැදගත් බවට පත්වන ජාන නියාමනය පිළිබඳ අලුත් ම මූලධර්මයක් හෙළිදරවු කරනවා. ක්ෂුද්‍ර RNA 1,000කට වැඩි ප්‍රමාණයකට මිනිස් ජානමය කේත දැන් දන්නවා," ඔවුහු පවසති.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ජාන ප්‍රකාශනය පාලනය කිරීමේ හැකියාව නොමැතිව ජීවියෙකු තුළ ඇති සියලු සෛල සර්වසම විය හැකි නිසා සංකීර්ණ ජෛවීය ආකාරයන් පරිණාමයට ශක්තිය ලබා දීමට ක්ෂුද්‍ර RNA සහය විය.

ක්ෂුද්‍ර RNA මඟින් සිදුවන අසාමාන්‍ය නියාමනයන් උපතින් ම එන ශ්‍රවණාබාධ හෝ අස්ථි ආබාධ සහ පිළිකා සහ ඇතැම් රෝග තත්ත්වයන්ට දායක විය හැකි ය.

එක් දරුණු උදාහරණයක් වන්නේ, පටක ගණනාවක් තුළ ම පිළිකා ඇති කිරීමට මූලිකත්වය ගන්නා සහ ක්ෂුද්‍ර RNAවලට බලපාන විකෘතියක් නිසා ඇතිවන DICER1 සින්ඩ්‍රෝමයයි.

A graphical outline of a human body that shows the bones inside in blue with a swirl of genetic code in the background, evoking the idea our bodies arise from the genetic information inside

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

70 හැවිරිදි මහාචාර්ය ඇම්බ්‍රෝස් මැසචූසෙට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන අතර, 72 හැවිරිදි මහාචාර්ය රෆ්කුන් හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

දෙදෙනාම C. elegans නම් ඒකච්ඡන්ද පණුවෙකු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යයනය සිදු කළ හ.

ඔවුන් සමහර සෛල වර්ග වර්ධනය කිරීමට අසමත් වූ පණුවාගේ විකෘති ස්වරූපයක් අත්හදා බැලූ අතර, අවසානයේදී පණුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වූ කුඩා ප්‍රවේණික ද්‍රව්‍ය හෝ ක්ෂුද්‍ර RNA කොටස් මත වාසය කළහ.

එය ක්‍රියාත්මක වන ආකාරය මෙසේයි:

  • ජාන හෝ ජානමය නියමයන් අපේ DNA තුළ ඇතුළත් වේ
  • එය messenger RNA හෝ සරළ ව mRNA ලෙස හඳුන්වන පිටපතක් අපගේ සෛල විසින් සාදනු ලබයි. (කොවිඩ් එන්නත්වලින් ඔබට මෙය මතකයේ තිබිය හැකිය.)
  • එය සෛලයේ න්‍යෂ්ටියෙන් පිටතට ගමන් කර නිශ්චිත ප්‍රෝටීනයක් සෑදීම ආරම්භ කිරීමට සෛලයේ ප්‍රෝටීන සාදන කම්හලට නියම කරයි.
  • නමුත් ක්ෂුද්‍ර RNA messenger RNAට ඇලී සිට බාධාකරමින් එය ක්‍රියාත්මක වීම නවත්වයි.
  • ක්ෂුද්‍ර RNA සාරයෙන් සෛලය තුළ ජාන ප්‍රකාශ වීම වළක්වා තිබේ.

වැඩිදුර පරීක්ෂණ පෙන්වූයේ මෙය පණුවන්ට පමණක් අනන්‍ය වූවක් නොව පෘථිවිය තුළ ජීවයේ මූලික සංඝටකයන් බවයි.

ඩබ්ලින් නගර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යානෝෂ් හෙලර් පැවසුවේ ත්‍යාගය මහාචාර්ය ඇම්බ්‍රෝස්ට සහ මහාචාර්ය රෆ්කුන්ට ගිය බව ඇසීමෙන් ඔහු "අතිශයින් සතුටු වූ" බවයි.

"ක්ෂුද්‍ර හරහා ජාන නියාමනය සඳහා වූ ඔවුන්ගේ පුරෝගාමී කාර්යය අපස්මාරය වැනි විනාශකාරී රෝග සඳහා නව ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පර්යේෂණ කිරීමට මඟ පෑදුවා. ඒ වගේ ම අපේ සෛල තුළ සිදුවන දේ තදින් ම පාලනය කරන අපූරු යන්ත්‍රයක් වෙත අපේ ඇස් යොමු කළා."

පෙර ජයග්‍රාහකයන්

2023 - mRNAකොවිඩ් එන්නත වෙත ගෙන ගිය තාක්ෂණය දියුණු කිරීම වෙනුවෙන් කැටලින් කරිකෝ සහ ඩෲ වයිස්මන්

2022 - මානව පරිණාමය පිළිබඳ ඔහුගේ අධ්‍යනයන් වෙනුවෙන් ස්වන්තේ පේබෝ

2021 - ශරීරය ස්පර්ෂය සහ උෂ්ණත්වය සංවේදනය කිරීම පිළිබඳ ඔවුන්ගේ කාර්යය වෙනුවෙන් ඩේවිඩ් ජූලියස් සහ ආදම් පතපූටියන්

2020 - හෙපටයිටිස් C වෛරසය සොයාගැනීම වෙනුවෙන් මයිකල් හෝර්ට්න්, හාවි ඇල්ටර් සහ චාල්ස් රයිස්

2019 - සෛලවල සංවේදනය සහ ඔක්සිජන් මට්ටම්වලට අනුවර්තනය සොයාගැනීම වෙනුවෙන් සර් පීටර් රැට්ක්ලිෆ්, විලියම් කේලින්, ග්‍රේග් සිමෙන්සා

2018 - ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය භාවිත කරමින් පිළිකාවට එරෙහිව සටන් කරන ආකාරය සොයාගැනීම වෙනුවෙන් ජේම්ස් පී. ඇලිසන් සහ තසුකු හොන්ජෝ

2017 - ශරීර සර්කැඩියානු රිද්මය හෝ ශරීර ඔරලෝසුව දිගටම පවත්වාගෙන යන්නේ කෙසේදැයි විසඳීම වෙනුවෙන් ජෙෆ්‍රි හෝල්, මයිකල් රොස්බෑෂ්සහ මයිකල් යංග්

2016 - කසළ ප්‍රතිචක්‍රීයකරණය මඟින් සිල සෞඛ්‍ය සම්පන්නව සිටින ආකාරය සොයාගැනීම වෙනුවෙන් යොෂිනොරි ඔසුමි