ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත් කුමක් සිදුවිය හැකි ද? අනාවැකි 7ක්

    • Author, ෆ්‍රෑන්ක් ගාඩ්නර්
    • Role, ආරක්ෂක වාර්තාකරු

දින කිහිපයක් ඇතුළත ඉරානයට පහර දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානමින් සිටින බව පෙනෙන්නට තිබේ.

ප්‍රහාර එල්ල විය හැකි ඉලක්ක බොහෝදුරට පැහැදිලි නමුත් ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිත ය.

ටෙහෙරානය සමග අවසාන මොහොතේ හෝ ගිවිසුමකට එළඹිය නොහැකි වුවහොත් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහරදෙන ලෙස ඇමෙරිකානු හමුදාවට අණදීමට තීරණය කළහොත්, කුමක් සිදුවිය හැකි ද?

1. ඉලක්කගත ප්‍රහාර, අවම සිවිල් ජීවිත හානි මැද ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවීම

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) හමුදා කඳවුරු සහ ඔවුන්ගේ පාලනය යටතේ පවතින පැරාමිලිටරි හමුදාවක් වන බසිජ් ඒකකය - බැලස්ටික් මිසයිල දියත් කිරීමේ සහ ගබඩා කිරීමේ ස්ථාන මෙන් ම ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු ගුවන් සහ නාවික හමුදා සීමිත, ඉලක්කගත ප්‍රහාර එල්ල කරයි.

දැනටමත් දුර්වල වී ඇති පාලන තන්ත්‍රය පෙරළා දමමින් අවසානයේ ඉරානයට බාහිර ලෝකය සමග නැවත එක්විය හැකි අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයකට සංක්‍රමණය වීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙය ඉතා ශුභවාදී තත්ත්වයකි. කෙසේ වෙතත්, අතීතයේ බටහිර හමුදා මැදිහත්වීම්වලින් ඉරාකයට සහ ලිබියාවට සුමට සංක්‍රාන්තියක් රැගෙන ආවේ නැත. මන්ද ඉන් ඒකාධිපතිත්වය අවසන් වුව ද වසර ගණනාවක් පුරා දිවෙන අවුල්සහගත තත්ත්වයක් හා ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළේ ය.

2024 දී බටහිර හමුදා සහය නොමැතිව ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කරමින් තමන් විසින් ම සිදුකරන ලද විප්ලවයක් කළ සිරියාව, මේ වන විට වඩා හොඳ තත්ත්වයක පවතී.

2. රෙජීමය නොනැසී පවතිනු ඇතත් එහි ප්‍රතිපත්ති මධ්‍යස්ථ වීම

මෙය "වෙනිසියුලානු ආකෘතිය" හා සමාන වන අතර, එහිදී පාලන තන්ත්‍රය බලයේ රැඳී සිටියත් ශක්තිමත් ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රියාමාර්ග හේතුවෙන් එහි ප්‍රතිපත්ති මධ්‍යස්ථ කිරීමට බල කරයි.

ඉරාන ගැටලුවේදී, මෙයින් අදහස් කරන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජය බලයේ රැඳී සිටින බව ය. ඊට බොහෝ ඉරාන වැසියන් අකමැති වනු ඇත. නමුත් මැද පෙරදිග පුරා ප්‍රචණ්ඩකාරී සන්නද්ධ කණ්ඩායම්වලට දක්වන සහයෝගය සීමා කිරීමට, ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් නැවැත්වීමට හෝ සීමා කිරීමට මෙන් ම විරෝධතා මර්දනය ලිහිල් කිරීමට බල කෙරෙනු ඇත.

නමුත් මෙය වඩාත් ම සිදුවිය නොහැකි අවිනිශ්චිත අවසානය යි.

ඉස්ලාමීය ජනරජය වසර 47ක් පුරා වෙනස්වීමකට විරුද්ධ වී ඇති අතර දැන් එය වෙනස් කළ නොහැකි බව පෙනෙන්නට ඇත.

3. රෙජීමය බිඳ වැටීමෙන් පසු හමුදාව පාලනය අතට ගැනීම

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ සිදුවිය හැකි ප්‍රතිඵලය මෙය බව ය.

පාලන තන්ත්‍රය අප්‍රසාදයට පත්ව ඇති අතර විරෝධතා එය දුර්වල කර ඇතත්, වත්මන් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා බලගතු ආරක්ෂක ජාලයක් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

විරෝධතා හරහා පාලන තන්ත්‍රය පෙරළා දැමීමට මෙතෙක් අසමත් වීමට ප්‍රධාන හේතු වන්නේ, ඔවුන්ට සහය දක්වන පක්ෂවල බිඳී යාමක් සිදුවී නොමැති වීමත්, පාලනයේ සිටින පිරිස් බලයේ රැඳී සිටීම සඳහා අසීමිත බලය සහ කෲරත්වය භාවිත කිරීමට සූදානම් වී සිටීමත් ය.

ඕනෑ ම ඇමෙරිකානු ප්‍රහාරයකින් පසු ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ ව්‍යාකූලත්වය මත ඉරානය බොහෝදුරට ඉරාන විප්ලවවාදී හමුදා නායකයින්ගෙන් සමන්විත ශක්තිමත්, හමුදා රජයක් විසින් පාලනය කරනු ලබනු ඇතැයි සිතිය හැක.

4. පළිගැනීමක් ලෙස ඉරානය ඇමෙරිකානු හමුදාවන්ට සහ අසල්වැසියන්ට පහර දීම

"තම ඇඟිල්ල ට්‍රිගරය (තුවක්කුවේ කොකා) මත තබාගෙන ඇති" බවත් ඕනෑ ම ඇමෙරිකානු ප්‍රහාරයකට එරෙහිව පළිගැනීමට සූදානම් බව ඉරානය සපථ කර තිබේ.

ඉරානයට එක්සත් ජනපද නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ බලය සම කළ නොහැක, නමුත් එයට තවමත් එහි බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි ය. බොහෝ ඒවා ගුහාවල, භූගත හෝ දූරස්ථ කඳු බෑවුම් තුළ සඟවා ඇත.

බහරේන් සහ කටාර් වැනි ගල්ෆ් කලාපයේ රටවල ඇමෙරිකා එක්සත් ජනපද කඳවුරු පිහිටා ඇති අතර, ජෝර්දානය හා ඊශ්‍රායලය වැනි ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රහාරයකට උදව් කළ බව විශ්වාස කරන රටවල ප්‍රධාන යටිතල පහසුකම්වලට ඉරානයේ ඉලක්කය යොමු විය හැකි ය.

2019 දී ඉරානයේ සහය ලත් ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් සෞදි ඇරම්කෝහි පෙට්‍රෝ රසායනික පහසුකම්වලට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සෞදි රාජ්‍යය ඉරාන මිසයිලවල බලපෑමකට කෙතරම් ලක්ව ඇත්දැයි පෙන්නුම් කළේ ය.

ඉරානයට එරෙහි ඕනෑ ම ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයක් තමන්ට ද බලපානු ඇතැයි යන බියෙන් ඉරානයට ආසන්නව පිහිටි ඇමෙරිකානු මිත්‍ර පාර්ශවික ගල්ෆ් අරාබි රාජ්‍යයන් ඉතා කනස්සල්ලට පත්ව සිටිති.

5. ඉරානය ගල්ෆ් කලාපයේ බිම්බෝම්බ අටවමින් පළිගත හැකි ය

1980-88 ඉරාන-ඉරාක යුද්ධයේ සිට, ඉරානය නැව් මාර්ගවල බෝම්බ ස්ථානගත කළ අතර රාජකීය නාවික හමුදාවේ බෝම්බ ඉවත් කරන යාත්‍රා මගින් ඒවා ඉවත් කිරීමට උපකාර කරන ලදී. මෙය ගෝලීය නැව්ගත කිරීම සහ ඉන්ධන සැපයුම් සඳහා දීර්ඝ කාලයක සිට තර්ජනයක් වී ඇත.

ඉරානය සහ ඕමානය අතර පටු හෝමූස් සමුද්‍ර සන්ධිය තීරණාත්මක සන්ධිස්ථානයකි. ලෝකයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයනයෙන් 20% ක් පමණ සහ තෙල් හා තෙල් අතුරු නිෂ්පාදනවලින් 20-25% අතර ප්‍රමාණයක් සෑම වසරක ම මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

වේගයෙන් මුහුදු බෝම්බ යෙදවීමේ අභ්‍යාස ඉරානය විසින් සිදුකර ඇත. එසේ කළහොත් අනිවාර්යයෙන් ම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට එය බලපෑමක් එල්ල කරනු ඇත.

6. ඉරානය පළිගැනීමක් ලෙස ඇමෙරිකානු යුද නැවක් ගිල්වා දැමීම

ගල්ෆ්හි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා කපිතාන්වරයෙකු පැවසුවේ, ඔහු කනස්සල්ලට පත්වන එක් ප්‍රධාන තර්ජනයක් වන්නේ "සමූහ ප්‍රහාර" බව ය.

ඉරානය තනි හෝ බහු ඉලක්ක වෙත මෙතරම් අධි පුපුරනසුලු ඩ්‍රෝන යානා සහ වේගවත් ටෝපිඩෝ බෝට්ටු දියත් කරන්නේ මෙතැනදී ය. එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රබල සමීප ආරක්ෂක වළලුවලට පවා ඒවා සියල්ල නියමිත වේලාවට තුරන් කිරීමට නොහැකි වේ.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ නාවික හමුදාව දීර්ඝ කාලයක් පුරා ගල්ෆ් කලාපයේ පැවති සාම්ප්‍රදායික ඉරාන නාවික හමුදාව වෙනසකට ලක් කර ඇති අතර, එහි ඇතැම් අණ දෙන නිලධාරීන් ෂා රජුගේ කාලයේ ඩාර්ට්මූත්හි පුහුණුව ලබා ඇත.

Iran's naval crews have focussed much of their training on unconventional or "asymmetric" warfare, looking at ways to overcome or bypass the technical advantages enjoyed by their primary adversary, the US Navy's Fifth Fleet.

ඉරාන නාවික කණ්ඩායම් ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික නොවන හෝ "අසමමිතික" යුද්ධ උපක්‍රම පිළිබඳ පුහුණුව ලබා ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පස් වන බලඇණියේ තාක්ෂණික මෙවලම්වලට මුහුණ දීම සඳහා ක්‍රම සොයමින් සිටිනවා."

ඇමරිකානු යුද නැවක් ගිල්වා එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු අල්ලා ගනු ලැබුවහොත් ඉන් ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි අපහසුතාවක් ලක්වනු ඇත.

සිදුවෙතැයි විශ්වාස කළ නොහැකි වුව ද, ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ඇමෙරිකානු යුද නෞකාවක් වන USS Cole, 2000 දී ඒඩන් වරායේදී අල්-කයිඩා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දැඩි ලෙස හානි‍යට ලක් වූ අතර, එහිදී නාවිකයින් 17 දෙනෙක් මිය ගියහ.

ඊට පෙර, 1987 දී ඉරාක ප්‍රහාරක ජෙට් යානා නියමුවෙකු විසින් ඇමරිකානු යුද නෞකාවක් වන USS Stark වෙත අත් වැරදීමකින් Exocet මිසයිල දෙකක් එල්ල කරනු ලැබූ අතර, එම ප්‍රහාරයෙන් නාවිකයින් 37 දෙනෙක් මිය ගියහ.

7. රෙජීමය බිඳ වැටීම සහ අවුල්සහගත තත්ත්වයකට පත්වීම

මෙය කටාර් සහ සෞදි අරාබිය වැනි අසල්වැසියන්ට සැබෑ තර්ජනයක් සහ විශාල කනස්සල්ලක් ගෙන දෙන සිදුවීමකි.

සිරියාව, යේමනය සහ ලිබියාව මුහුණ දුන් සිවිල් යුද්ධ මෙන් කුර්දි, බලොකිස් සහ අනෙකුත් සුළු ජාතීන් රට පුරා අවම බලයක් මධ්‍යයේ තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීමට උත්සහ කරන විට එය ජනවාර්ගික අර්බුදයක් කරා ගොස් සන්නද්ධ ගැටුමක් දක්වා පැතිර යා හැකි අවදානමක් ද පවතී.

මැදපෙරදිග බොහෝ දෙනෙකු, විශේෂයෙන් ඊශ්‍රායලය, ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ බිඳවැටීම ගැන සතුටු වනු ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළුව කලාපයේ සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලය ප්‍රධාන තර්ජනයක් ලෙස සලකයි. නමුත් මිලියන 93ක ජනතාවක් සිටින රටක් අවුල් ජාලයකට ඇද වැටෙනු දැකීමට කිසිවෙකු කැමති නැත, එමගින් මානුෂීය සහ සරණාගත අර්බුදයක් නිර්මාණය වනු ඇත.

විශාලතම අවදානම නම්, ඉරානය ආසන්නයේ විශාල හමුදාවක් රැස්කර ඇති ජනාධිපති ට්‍රම්ප් අපවාදයෙන් බේරීම සඳහා ඉරානයට පහර දීම, අවිනිශ්චිත හා භයානක ප්‍රතිඵල සහිත යුද්ධයක් ආරම්භ කිරීමක් විය හැකි ය.