චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් දසලක්ෂ පන්සියයක්

අග්‍රාමාත්‍යවරයා ගේ චීන සංචාරය ශ්‍රී ලංකා -චීන සබඳතා පිලිබඳ සුභදායි බලාපොරොත්තු දැනටමත් රැගෙන විත් ඇති බවයි පැවසෙන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍යවරයා ගේ චීන සංචාරය ශ්‍රී ලංකා -චීන සබඳතා පිලිබඳ සුභදායි බලාපොරොත්තු දැනටමත් රැගෙන විත් ඇති බවයි පැවසෙන්නේ

චීන ශ්‍රී ලංකා සබඳතා තවත් තර කරමින් චීන අග්‍රාමාත්‍යවරයා විසින් චීන යුවාන් මිලියන පන්සියයක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගේ චීන සංචාරය ශ්‍රී ලංකා -චීන සබඳතා පිලිබඳ සුභදායි බලාපොරොත්තු දැනටමත් රැගෙන විත් ඇති බවයි චීනයේ සිට සංදේශය සමග දුරකථනය සාකච්ඡාවකට එක් වෙමින් බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ මාධ්‍යවේදී චන්දන තිලකරත්න ප්‍රකාශ කළේ.

වරාය නගරය

එහිදී සබඳතා තවත් සමීප කර ගනු වස් ශ්‍රී ලංකාවේ සංචාරයකට එන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට අනුව ලබන වසරේ දී චීන අග්‍රාමාත්‍ය ලී කොන් චාං ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

චීන යුවාන් මිලියන පන්සියයක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන යුවාන් මිලියන පන්සියයක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධව මතු වී ඇති ගැටලුව විසඳාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගේ චීන සංචාරය කවරාකාරයෙන් බලපාන්නේදැයි සංදේශය විමසා සිටි අවස්ථාවේ මාධ්‍යවේදී චන්දන තිලකරත්න පැවසුවේ වරාය නගර ව්‍යාපෘතිය ඇනහිටීම ශ්‍රී ලංකාව හා චීනය යන රාජ්‍යයන් දෙක අතර ප්‍රශ්නයක් සේ සැලකිය නොහැකි බවයි.

“මේක ශ්‍රී ලංකාව තුළ දේශපාලන ප්‍රශ්නයක් වුණා බොහෝ දුරට. නමුත් චීන රජය ඉතාම පැහැදිලිව නව රජයේ අරමුණු හඳුනාගෙන තිබුණ. නව රජයක් බලයට පත් වූ පසු ගන්නා වූ තීරණ පිළිබඳව ඉවසිල්ලෙන් බලාසිටියා කියන ඒක පැහැදිළි වුණා.චීනයේ රජයට සම්බන්ධ කිසිවෙක් මේ සම්බන්ධව කිසිදු අහිතක් පළ කරලා තිබුනෙ නැහැ. යනුවෙන් පැවසූ ඔහු දුෂණ වංචා සහ විනිවිදභාවය පිළිබඳව චීන රජය දැඩි අවධානයක් යොමුකර ඇති බවයි ප්‍රකාශ කළේ.

වරාය නගරය පිලිබඳ ගැටලුකාරී තත්වයක් ඇති නම් චීන රජය පාර්ශවයෙනුත් ඒ පිලිබඳ අවධානය යොමුකරනු ඇතිබවයි ඔහු පැවසුවේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වරාය නගරය පිලිබඳ ගැටලුකාරී තත්වයක් ඇති නම් චීන රජය පාර්ශවයෙනුත් ඒ පිලිබඳ අවධානය යොමුකරනු ඇතිබවයි ඔහු පැවසුවේ

බටහිර බලවතුන්

ශ්‍රී ලංකාවේ වර්තමාන රජය චීනය ඇතුළු පෙරදිග සබඳතා අත්හැර බටහිර බලවතුන්ගේ පාර්ශවයට නැඹුරුවීම පිළිබඳව රජයට එල්ලවන චෝදනා පිලිබඳ කිනම් ස්ථාවරයක් දරන්නේදැයි විමසූ විට චන්දන තිලකරත්න පවසා සිටියේ තමාගේ අත්දැකීම් අනුව චීනය කිසිම රටක් කෙරෙහි අහිතකින් කටයුතු නොකරන බවයි.

යම් රටක් බටහිර රටවල් සමග සබඳතා වැඩිපුර පැවැත්වීම තුලින් චීන සබඳතාවලට හානියක් සිදුවේ යැයි තමා නොසිතන බවයි ඔහු අවධාරණය කළේ.