'පැනමා ලිපිගොණු': අයිස්ලන්ත අගමැති ඉල්ලා අස්වෙයි

‘පැනමා ලිපි ගොණු’ සම්බන්ධයෙන් පැන නැගුනු දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන් (Sigmundur Gunnlaugson) ඉල්ලා අස්වී ඇත.
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ‘පැනමා පේපර්ස්’ නමින් එළිදැක්වුණු පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු පිලිබඳ දත්ත ඇතුළත් ලිපිගොණු වල අයිස්ලන්ත අගමැතිවරයාගේ නමත ද ඇතුලත් වී තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවී තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය,
ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳවයි අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල වූයේ.
එහෙත් ස්වීඩන් රුපවාහිනියේ සාකච්චාවක දී ඔහුට එරෙහිව ඇති චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. විදේශ සමාගම් සමග සම්බන්ධතා තිබුණු නමුත් තමන්ගේ පවුලේ වත්කම් හා බදු සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළිකර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෙසේවුවද දහස් ගණනක් ජනතාව වී දී බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පවත්වන ආකාරයයි අද උදෑසන සිට දකින්නට ලැබුණේ




