ඕස්ට්‍රේලියාවේ සරණාගත ළමුන් නිදහස් පරිසරයකට

ඕස්ට්‍රේලියාව තුළ ඇති අනවසර සංක්‍රමණිකයන් සඳහා වූ තාවකාලික රැඳවුම් කඳවුරු වල රඳවාගෙන සිටි අවසාන සරණාගත ළමයා ද නිදහස් කළ බව එරට රජය පවසයි.
මේ අනුව මෙසේ නිදහස් කළ ළමුන්ට ඔවුන්ගේ සරණාගතභාවය ලබාගැනීම පිලිබඳ අයැදුම් පත් සලකා බලන තුරු නිදහසේ ඔබ මොබ ඇවිද යාමට අවසර ලැබෙන ප්‍රජා රැඳවුම් ඒකක වල ගත කළ හැකි වේ.

ඡායාරූප මූලාශ්‍රය,
මෙම ළමුන්ගේ දෙමව්පියන් ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පාළු පැසිෆික් දුපතක් වන නාවුරු වෙත යැවීම නවතාලීම සඳහා මානව හිමිකම් සංවිධාන ක්‍රියාකරමින් සිටිති.
කෙසේවුවද තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ.




