'වන ජීවීන් විකිණීමට ඇත'

ඡායාරූප මූලාශ්‍රය, Getty
ලෝකයේ වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව විශේෂ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ වෙළඳාම් කිරීම ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සිය කනස්සල්ල පළ කර තිබේ.
ගිබන් වර්ගයේ වඳුරන්, දුර්ලභ ඝනයේ වලස් වර්ග ඇතුළු වන සතුන් විකිණීම සඳහා මැලේසියාවේ කණ්ඩායම් කීපයක් ෆේස්බුක් අවවිය ඔස්සේ දැන්වීම් පළ කළ අවස්ථා සීයකට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් වන සතුන් නිරීක්ෂණය කරන වෙබ්ජාලයක් විසින් තොරතුරු සොයා ගනු ලැබ ඇත.
එම නිරීක්ෂණ ආයතනය පවසන්නේ මෙවැනි නීති විරෝධී සත්ව වෙළඳාම් ලෝකය පුරා පැතිර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Traffic
ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටියේ එවැනි වෙළඳාම් සිය වෙබ් අඩවිය ඔස්සේ පළ කරනු ලැබීම වැලක් වීමට අවශ්‍ය පියවර ගැනීමට සිය කාර්ය මණ්ඩලය පසුබට නොවන බවයි.
මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වුනු මෙම ෆේස්බුක් මිතුරු කණ්ඩායම් විසින් සෑම දිනකම මිනිත්තු තිහක කාලයක් තුල තුන්සීයකට අධික වන සතුන් ප්‍රමාණයක් සුරතලුන් ලෙස විකිණීම සඳහා දැන්වීම් පළ කර ඇති බව එම වන ජීවී නිරීක්ෂණ ආයතනය විසින් තොරතුරු හෙළි කර ගෙන තිබේ.
මෙලෙස විකිණෙන වන සතුන් අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ වන අතර මැලේසියානු නීතියට අනුව මෙම වෙළඳාම දඬුවම් ලැබිය හැකි වරදකි.
පුළුල් වේදිකාවක්
මේ වන විට එළිපිට සිදු කළ නොහැකි මෙම නීති විරෝධී වන සතුන් වෙළඳාමට ෆේස්බුක් අඩවිය පුළුල් වේදිකාවක් සපයන බවයි එම ආයතනය පවසන්නේ.
මැලේසියාව තුල සිදු වන මෙම වෙළඳාම් වැලක් වීම වෙනුවෙන් පියවර ගැනීමට එකඟ වී සිටින ෆේස්බුක් කාර්යමණ්ඩලය සහ මැලේසියානු බලධාරීන් වෙත නිරීක්ෂණ මගින් අනාවරණය කර ගත් තොරතුරු සියල්ල සැපයීමට කටයුතු කළ බවයි වනජීවි නිරීක්ෂණ ජාලයේ නිලධාරිණියක වන සාරා ස්ටෝනර් කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Traffic
මැලේසියාවේ වන සත්ව සහ ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුව කියා සිටියේ නිරීක්ෂණ ආයතනය ලබා දුන් තොරතුරු ඔස්සේ යමින් මේ වන විට වැටලීම් හතළිස් තුනක් සාර්ථක ලෙස මෙහෙයවා නීති විරෝධී වෙළෙන්දන් පනස් හතරක් අත්අඩංගුවට ගැනීමටත් වන සතුන් හැට හතක් පමණ නිදහස් කිරීමටත් සමත් වූ බවයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සහ ස්මාට් ජංගම දුරකථන මගින් ඕනෑම පුද්ගලයෙකුට වන සතුන් නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීමට විශාල ප්‍රමාණයේ වෙළඳපොළක් විවෘත කර ගැනීමට සැලසෙන පහසුව නිසා ලෝකයේ මෙවන් නීති විරෝධී වෙළඳාම් සඳහා උදා වී ඇති අවස්ථා සම්බන්ධයෙන් පරිසරවේදීහු බිය පළ කරති.








