බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට රාජ ද්‍රෝහී චෝදනා

බංගලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියා

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බංගලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියා

රාජ ද්‍රෝහී චෝදනාවක් සම්බන්ධයෙන් බංගලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

එක්දහස් නවසීය හැත්තෑ එක වසරේ පැවති බංග්ලාදේශ නිදහස් සටන පිළිබඳව හිටපු අගමැතිවරිය විසින් පළ කරනු ලැබූ අදහස් හේතුවෙන් ඇයට එරෙහිව නඩු පවරා ඇත.

බංගලාදේශයේ වත්මන් අගමැතිනිය ෂෙයික් හසීනා

ඡායාරූප මූලාශ්‍රය, focus bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, බංගලාදේශයේ වත්මන් අගමැතිනිය ෂෙයික් හසීනා

දේශපාලන උවමනාවන් මත හිටපු අගමැතිනි ඛලීඩා සියාට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි ඇයගේ ආධාරකරුවන් පවසන්නේ.

බංගලාදේශයේ වත්මන් අගමැතිනිය ෂෙයික් හසීනා සහ හිටපු අගමැතිනිය ඛලීඩා ෂියා අතර පවතින දේශපාලන කඹ ඇදිල්ල එරට දේශපාලන ක්‍ෂේත්‍රය පුරා දක්නට ලැබේ.