දිල්ලි සමූහ දූෂණය: බාලවයස්කාරයා නිදහස්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මීට තුන් වසරකට පෙර දිල්ලි නුවර සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයට සම්බන්ධ එක් පුද්ගලයෙකු නිදහස් කිරීමට එරෙහිව යළිත් විරෝධතා පැවැත්වුණි.
ඉන්දීය පොලිසිය මැදිහත් වී මෙම උද්ඝෝෂකයන් විසුරුවා හැර තිබේ.
නිදහස ලැබූ පුද්ගලයා මෙම ස්ත්‍රී දූෂණයට සම්බන්ධ වන විට දා හත් වැනි වියේ පසු වූ හෙයින් ඔහුට එරෙහි නඩු විභාගය සිදු වූයේ බාල වයස්කාරයන් වෙනුවෙන් පවතින නීතිය යටතේයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
බාල වයස්කාරයෙකුට ලබා දිය හැකි තුන් අවුරුදු උපරිම සිර දඬුවම විඳි ඔහු නිදහස් කර පුණ්‍යායතනයකට භාර දී ඇත්තේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ අවදානමක් පවතින බැවිනි.
මොහු නිදහස් නොකරන ලෙස ඉල්ලා සිය ගණනක් වීදි බැස සිටි නිසා දිල්ලි නුවර තත්වය නොසන්සුන් බවයි වාර්තාකරුවන් පවසන්නේ.
දිල්ලි නුවර බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් වූයේ වෛද්‍ය ශිෂ්‍යාවක වන අතර එහි දී ඇති වූ තුවාල නිසා ඇය මිය ගියාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව පුරා විරෝධතා ගණනාවක් දියත් වූ අතර ස්ත්‍රී දූෂණයට එරෙහිව පවතින නීතිය දැඩි කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබුණි.
තවත් හතර දෙනෙකු මෙම සමූහ දූෂණයට වැරදිකරුවන් වූ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.








