පෙෂාවර් සමූලඝාතනයට වසරක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාකිස්තානයේ පෙෂාවර් නගරයේදී මීට වසරකට පෙර සමූලඝාතනය කෙරුණු පාසල් දරුවන් ඇතුළු පිරිස් සිහි කොට ඝාතන සිදු වූ පාසලේ නිහඬ අනුස්මරණ උත්සවයක් පැවැත්විණ.
පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් මරණයට පත් 150 දෙනකු අතුරින් අති බහුතරය පාසල් ළමුන්.
හමුදාව විසින් පවත්වා ගෙන යනු ලැබූ රජයේ පාසලට තලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් ''ජාතිය කම්පා'' වූ බවයි අනුස්මරණ උත්සවයට එක් වූ පකිස්තාන අගමැතිවරයා කියා සිටියේ.
ප්‍රහාරයට ගොදුරු වී ජීවිතයෙන් වන්දි ගෙවූ පිරිස් හෙලූ සෑම ළේ බිඳුවකටම සාධාරණය ඉටු කරන බවටත් අගමැති නවාස් ෂරීෆ් එහිදී ප්‍රතිඥා දුන්නේය.
කිසිදිනක මතකයෙන් ගිලිහී නොයන තමා මුහුණ දුන් කම්පනය පිළිබඳ පාසල් දරුවන් සහ ගුරුවරු අදහස් දැක්වූහ.


ඡායාරූප මූලාශ්‍රය, AFP
ලාහෝර් නුවර ධාවනය වෙමින් තිබූ රථවාහන මිනිත්තු දෙකක කාලයක් මාර්ග සංඥා ඉදිරියේ නවතා දැමුණේ මරුමුවට පත් පිරිසට ගෞරව දැක්වීමක් වශයෙනි.
මේ අතර ප්‍රහාරයට ලක් වූ දරුවන්ගේ පාසල් නිල ඇඳුමට සමාන ඇදුමකින් සැරසී 'ජියෝ' රූපවාහිනී සේවයේ නිවේදක නිවේදිකාවෝ මරුමුවට පත් දරුවන් ඇතුළු පිරිස වෙත සිය ගෞරවය පුද කළහ.




