Nurofen: පාරිභෝගිකයා නොමග යවලා -අධිකරණයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නියුරොෆෙන් (Nurofen) වේදනා නාශක ඖෂධ පෙළක් වෙළඳපොළෙන් ඉවත් කරන ලෙස ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් නියෝග කර තිබේ.
අධිකරණය කියා සිටියේ මෙම වේදනා නාශක ඖෂධය නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යය සමාගම පාරිභෝගිකයන් නොමග යවා ඇති බවයි.
එක් එක් වේදනාවන් සඳහා විශේෂිත වූ ඖෂධ ලෙස හුවා දක්වමින් නියුරොෆෙන් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කර ඇත.
නමුත් ඉරුවාරදය (migraines) වැනි වේදනාවක් දෙදෙනෙකුට එක හා සමානව ඇති නොවන බවයි විශේෂඥයන් පවසන්නේ.

මෙම විශේෂිත වේදනා නාශක පෙළ වෙළඳ පොළට නිකුත් කර ඇත්තේ සාමාන්‍ය නියුරොෆෙන් වේදනා නාශකයකට වඩා දෙගුණයකින් පමණ වැඩි මිලක් සහිතවයි.
නමුත් ඒවාහි ක්‍රියාකාරිත්වය සාමාන්‍ය නියුරොෆෙන් වේදනා නාශකයකට වඩා වෙනස් නොවන බව විශේෂඥයන් අධිකරණයට දැනුම් දී තිබේ.
නියුරොෆෙන් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම (Reckitt Benckiser) පවසන්නේ මෙම අධිකරණ නියෝගය ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වන අතර බ්‍රිතාන්‍යය ඇතුළු වෙනත් රටවලට අදාළ නොවන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
කෙසේ නමුත් අධිකරණ නියෝගය පිළිගන්නා බව එම සමාගම පවසන අතරම ඔවුන් කියා සිටින්නේ ‘පාරිභෝගිකයන් නොමඟ යවා නැති’ බවකි.
මෙම නියුරොෆෙන් (Nurofen) වේදනා නාශක ඖෂධ පෙළ ඉරුවාරදයට, කොන්දේ කැක්කුමට, කාන්තාවන්ගේ ආර්තව වේදනාවට සහ ආතති හිසරදයට වෙන වෙනම නිෂ්පාදනය කර ඇතත් ඒ හැම නිෂ්පාදනයකම ඇත්තේ එකම ක්‍රියාකාරී ඖෂධය (ibuprofen lysine 342mg) බව සමීක්ෂකයෝ අධිකරණයට දැනුම් දුන්හ.
මෙම ඖෂධ පෙළේ ඇසුරුම් පමණක් එකිනෙකට වෙනස් නමුත් එහි ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් ඇති බව සනාථ වී නැත.
මෙම විශේෂිත නිෂ්පාදන පෙළ ඕස්ට්‍රේලියානු වෙළඳ පොලෙන් ඉවත් කිරීම සඳහා මාස තුනක කාලයක් අධිකරණය ලබා දී තිබේ.

![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)






