දේශගුණ විපර්යාස ජය ගැනීමට තීරණාත්මක සාකච්ඡා

දේශගුණික විපර්යාස ජය ගැනීම සඳහා එක් වී කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රතිඥා දී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශගුණික විපර්යාස ජය ගැනීම සඳහා එක් වී කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රතිඥා දී තිබේ

ඉහළ යමින් තිබෙන ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා සම්මුතියකට පැමිණීමේ අරමුණින්, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.

රටවල් 147ක නායකයන් සමුළුව ඇමතීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන ද ප්‍රංශය බලා ගොස් තිබේ.

කාබන් දහනය හේතුවෙන් මිහිතලයට විෂ වායු එක් වීම අවම කිරීම සඳහා සම්මුතියකට ළඟා වීමේ අරමුණින් රටවල් 195 ක නියෝජිතයන් එක් වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පැරිස් නුවර බලා පැමිණි ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් නුවර බලා පැමිණි ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි

දේශගුණික විපර්යාස ජය ගැනීම සඳහා එක් වී කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ප්‍රතිඥා දී තිබේ.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, දුගී රටවලට වඩා සංවර්ධිත රටවල් මිහිතලයට එක් කරන විෂ වායු වැඩි වශයෙන් කප්පාදු කළ යුතු බවයි.

පැරිස් නුවර බලා පැමිණි ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.