ත්‍රස්ත ප්‍රහාර ගැන බ්‍රසල්ස් නුවර අවදියෙන්

ඡායාරූප මූලාශ්‍රය, AP
බ්‍රසල්ස් කලාපය තුළ ඔනෑම මොහොතක සිදුවිය හැකි ඉතා දරුණු ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ පෙර සුදානම උපරිම මට්ටමින් පවත්වා ගෙන යාමට බෙල්ජියම පියවර ගෙන තිබේ.
බ්‍රසල්ස් නගරයේ භූගත ප්‍රවාහන පද්ධතිය ට අයත් දුම්රිය සේවා අවම වශයෙන් ඉරිදා වනතෙක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
පිරිස් විශාල වශයෙන් ගැවසෙන වෙළඳ මධ්‍යස්ථාන සහ සංදර්ශන පවත්වන ස්ථාන වැනි දේ මග හැර සිටින ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
බලධාරීන් විසින් පාපන්දු තරඟ ඇතුළු විශාල ලෙස ජනයා එකතු වෙන අවස්ථා අවලංගු කරන ලෙස උපදෙස් දෙනු ලැබ තිබේ.
විශේෂයෙන් ම පැරිස් නගරයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සන්නද්ධ කරුවන් පිලිබඳ පරීක්ෂණ වල දී වඩාත්ම අවධානය යොමු කොට ඇති ප්‍රදේශය වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරයි.
සන්නද්ධ කරුවන් ගෙන් එක් අයෙකු ලෙස සැලකෙන සලා අබ්දෙස්ලාම් (Salah Abdeslam) බෙල්ජියම වෙත පලා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.




