ළමා දූෂකයන්ගේ ලිංගික ශක්තිය බෙලහීන කළ යුතුයි - අධිකරණයක්

ඡායාරූප මූලාශ්‍රය,
ළමා අපචාර මැඩලීමට පවතින නීති අසමත් වී ඇති බැවින් ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට පියවර ගත යුතු බව ඉන්දීය අධිකරණයක් ප්‍රකාශ කරයි.
මදුරාසි මහාධිකරණ විනිසුරු එන් කිරුබාකරන් ඒ බව ප්‍රකාශ කෙළේ පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකු ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින්.
දූෂණයට ලක් වූ දැරියන් තිදෙනකු පිළිබඳ මේ මස ආරම්භයේ වාර්තා වූ අතර එම සිදුවීම් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය.
දිල්ලි අගනුවර සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීති තර කිරීමට ඉන්දියාව පියවර ගත්තේ දෙවසරකට ඉහතදීයි.

එනමුත් දරුවන් සහ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්දියාවේ නන්දෙසින් වාර්තා වේ.
වර්තමානය වන විට සමූහ ළමා දූෂණ ඉන්දියාව පුරා අසන්නට ලැබෙන බව පැවසූ විනිසුරු එන් කිරුබාකරන් ‘එවැනි තර්ජනයන්ට විසඳුම් ලබා දීමට නීතිය අසමත් නම්, උසාවියට බෑ කර බාගෙන නිහඬව, නොසෙල්වී බලා ඉන්න’ යනුවෙන් කියා සිටියේය.
‘ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට කටයුතු කළොත් ඉන් ඓශ්වර්යමත් ප්‍රතිඵල ලැබෙනු ඇති බව අධිකරණයට විශ්වාසයෙන් කියන්න පුළුවන්’ විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවේය.




