පැය විසි හතරට සරණාගතයන් 12,000

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය පැය විසි හතරක කාලය තුළ ස්ලෝවේනියාවට දොළොස් දහසකට අධික සරණාගතයන් පිරිසක් පැමිණ ඇති බව එරට පොලිසිය පවසයි.
යුරෝපා සංගමයේ සරණාගතයන් වෙනුවෙන් වූ කොමසාරිස් ස්ලෝවේනියාවට පැමිණීමත් සමගයි මෙම දත්ත ඉදිරිපත් වී තිබෙන්නේ.
සීත කාලය පැමිණීමත් සමග තත්වය ඉතා නරක අතට හැරෙමින් තිබෙන බවයි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සයිබීරියාව සහ ක්‍රොයේෂියාව අතර දේශ සීමා පසු කිරීමේ බලාපොරොත්තුවෙන් මේ වන විට සංක්‍රමණිකයන් දහස් ගණනක් එම ප්‍රදේශයේ පවතින දැඩි සීතල මධ්‍යයේ රැදී සිටිති.
මීට අමතරව ග්‍රීසියට ලඟා වීමේ බලාපොරොත්තුවෙන් බෝට්ටුවකින් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කළ එකම පවුලේ සාමාජිකයන් හත් දෙනෙකුගේ අවමංගල්‍ය උත්සවයක් ලෙබනනයේ දී පැවැත්විණ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිය ජීවිතය බේරා ගැනීමට සමත් වූ බෝට්ටුවේ ගමන් කළ සරණාගතයෙක් කියා සිටියේ තම ගැබිනි බිරිඳ සීතල ඉවසා ගැනීමට නොහැකිව සිය ඇකයේ මිය යන අයුරු බලා සිටීමට තමන්ට සිදු වූ බවයි.
මිය ගිය හත් දෙනා අතර දරුවන් දෙදෙනෙකුද සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.




