‘අකුරු නොදන්නා වැඩිහිටියන්ගෙන් බහුතරය කාන්තාවන්’

ඡායාරූප මූලාශ්‍රය, bb
මෙයින් අවුරුදු විස්සකට පෙර බේජිං කාන්තා සමුළුවෙන් අනතුරුව කාන්තාවන්ගේ සමාජ තත්වයේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම අදහස් පළ කරනු ලැබ තිබෙන්නේ ‘2015 වසරේ ලෝක කාන්තාවන්’("The World's Women 2015") නමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වාර්තාවක.
පසුගිය දශක දෙකක කාලය ඇතුළත කාන්තා අධ්‍යාපනයේ වර්ධනයක් මෙන්ම ඔවුන්ගේ ආයුෂ කාලයේ වැඩි වීමක් ද සිදු වූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එවැනි වර්ධනීය ලක්ෂණ දක්නට ඇතත් අනිත් අතින් කාන්තාවන්ට එරෙහි හිංසනය ප්‍රචණ්ඩ ක්‍රියා ආදිය තවමත් සිදු වෙමින් පවතින බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි.
වැටුප් විෂමතාව
සමාජය තුළ කාන්තාව කොන් කෙරෙන අවස්ථා ඇති අතර අකුරු නූගත් වැඩිහිටි ප්‍රජාවෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන් වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින්නේ.

ජගත් සංවිධානය පෙන්වා දෙන ආකාරයට තවත් ගැටළුවක් වන්නේ කාන්තාවන් සඳහා අඩු වැටුප් ගෙවීමයි.
ඉහත කී පස් අවුරුදු වාර්තාව ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක්වූ මහලේකම් බැන්කි මූන් ජගත් මට්ටමින් කාන්තාවන්ට සමාන සමාජ අවස්ථා සහතික කරනු ලැබීමේ දුෂ්කර අරගලයේ දී ජය ගත යුතු බොහෝ බාධක ඇති බවයි පෙන්වා දුන්නේ.
2030 වසර වන විට එම අරමුණ මුදුන් පත් කර ගනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කයයි.
දුෂ්කර අරගලයක්
ලෝක මට්ටමින් බලන විට කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු කාලයේ වයස අවුරුදු 64 පටන් 72 තෙක් වර්ධනය වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එසේම කාන්තාවන් විවාහ වීමේ වයස් කාලය වසරකින් වැඩි වී අතර එය අවුරුදු 25 ක් හැටියට ගණනය කරනු ලැබ ඇත.
එහෙත් දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාප වල දරු ප්‍රසූතියේ දී මරණය පත් වෙන මව් වරුන්ගේ සංඛ්‍යාවන් නරක මට්ටමක පවතින බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරයි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




