බදු පැහැර හරින බවට ඕස්ට්‍රේලියානු අගමැතිට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඕස්ට්‍රේලියාවේ නව අගමැති මැල්කම් ටර්න්බුල්(Malcolm Turnbull) බදු පැහැර හරින බවට එරට විපක්ෂයේ ලේබර් පක්ෂය චෝදනා කරයි.
අගමැති මැල්කම් ටර්න්බුල් කෝටිපති ව්‍යාපාරිකයෙකි.
අගමැතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් බදු ගෙවනු ලැබීමෙන් වැළකීම නුසුදුසු බවයි ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ සෙනේට් සභික සෑම් ඩස්තියරි (Sam Dastyari) පවසන්නේ.
නීතිය අනුව බලන විට අගමැතිවරයාගේ ක්‍රියාව පවතින නීතියට පටහැණි නැතත් ඔහු ‘කෙයිමන් අයිලන්ඩ්ස්’(Cayman Islands) බදු සහනය පාවිච්චියට ගැනීම උචිත නොවන බවයි ලේබර් පක්ෂයේ සෙනේට් සභිකයා පවසන්නේ.
නීතියෙන් බේරීම
අගමැති මැල්කම් ටර්න්බුල් සිය ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් කියා සිටියේ, සිය ක්‍රියා මාර්ගය ඇමතිවරුන් විසින් පිළිපැදිය යුතු රෙගුලාසි මගින් අනුමත කෙරෙන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, b
එසේම සිය ආයෝජන වලට ඕස්ට්‍රේලියානු භූමියේ දී බදු ගෙවන බවත් අගමැතිවරයා පවසයි.
අගමැති මැල්කම් ටර්න්බුල් බැංකු ආයෝජකයකු වශයෙන් ක්‍රියා කළ ව්‍යාපාරිකයෙකි.
ඔහුගේ ආයෝජන වටිනාකම ඩොලර් දශ ලක්ෂ 150 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.
සීරෝ බදු සහනයක්
18000 කට අධික ව්‍යාපාරික සමාගම් කෙයිමන් දූපත්වල 0% බදු සහනයෙන් වාසි ලබති.
‘කෙයිමන් අයිලන්ඩ්ස්’ බටහිර කැරිබියානු සාගරයේ බ්‍රිතාන්‍ය පාලනය සහිත දූපත් කීපයකි.
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ විග්‍රහය අනුව ‘කෙයිමන්' දූපත්වල 0% බදු සහනය අද ලෝකයේ වාර්තාගත දැවැන්තම බදු අපචාරයයි.








