රුසියානු යානයක් යළිත් තුර්කියට ඉහලින්

ඡායාරූප මූලාශ්‍රය, AP
රුසියානු ගුවන් යානයක් යළිත් වරක් තුර්කි ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බව තුර්කිය පවසයි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා තුර්කියේ සිටින රුසියානු තානාපතිවරයා දෙවන වරටත් කැඳවා තිබේ.
සෙනසුරාදා දිනයේ දී ද තුර්කි ගුවන් කලාපය උල්ලංඝනය කළ රුසියානු ප්‍රහාරක යානයකට බාධා කර කලාපයෙන් ඉවත් කිරීමට තුර්කියට සිදු විය.
එය සිදු කරන ලද්දේ තුර්කි ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉහලට නැංවීමෙන්.

ඡායාරූප මූලාශ්‍රය,
මේ අතරතුර නේටෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රුසියාවෙන් ඉල්ලා සිටියේ ‘සිරියානු විරුද්ධ පක්‍ෂ කණ්ඩායම්වලට සහ සාමාන්‍ය වැසියන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර’ නතර කරන ලෙසයි.
තුර්කිය ඊට එරෙහි වී සිටින අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය කියා තිබුණේ රුසියාව පහර දෙන්නේ අයි එස් කැරලිකරුවන්ට නොව සිරියානු ජනාධිපතිවරයාගේ විරුද්ධවාදීන්ට බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
සිරියානු ජනාධිපතිවරයාට රුසියාවේ සහයෝගය දිගටම ලැබුණු අතර තුර්කියේ උදව් උපකාර ලැබෙන්නේ සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව සටන් වදින කැරලිකරුවන්ටයි.
2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මිය ගොස් ඇති පිරිස ලක්ෂ දෙකකට අධිකයි.
කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට නිසි සොයා බැලීමකින් තොරව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ට චෝදනා එල්ල වේ.








