මක්කම වන්දනාකරුවෝ 700 වැඩි පිරිසක් පෑගී මිය යති

ඡායාරූප මූලාශ්‍රය, AP
මක්ක්කම වන්දනාවේ ගිය ඉස්ලාමීය බැතිමතුන් අතරින්, තෙරපී පයට පෑගීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව අඩු තරමින් 717වත් වන බව මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා විය.
වාර්ෂික හජ්ජි වන්දනාවේ නිරත වෙමින් සිටි එම වන්දනාකරුවන් විශාල පිරිසක් තෙරපී වැටී පයට පෑගීමෙන් මරණයට පත්ව ඇති බවයි සෞදි අරාබියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, S. ARABISTAN SIVIL SAVUNMA MUDURLUGU
මරණයට පත්වූවන් හැරුණ විට තවත් 863 දෙනෙකු පමණ වූ වන්දනාකරුවන් පිරිසක් තුවාළ ලැබ ඇත.
මීනා නගරයේ
සෞදි අරාබියේ නිලධාරීන් ප්‍රකාශ කාරණ ආකාරයට අනතුර සිදු වී තිබෙන්නේ වන්දනාකරුවන් ‘මක්කම’ ශුද්ධ නගරය අසළ පිහිටි ‘මීනා’නගරයට එක්රොක් වූ අවස්ථාවේ.
මෙවර හජ්ජි වන්දනාව සඳහා ලොව බොහෝ රටවලින් විසි ලක්ෂයකට අධික ඉස්ලාමීය බැතිමතුන් මක්කම කරා ලඟා වී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මක්කම මහා පල්ලිය අසළ සවිකර තිබුණ යෝධ දොඹකරයක් කඩාවැටීමෙන් මේ මාසය මුලදී මෙවර වන්දනාව ආරම්භයේදීම තවත් හජ්ජි වන්දනාකරුවන් සීයකට අධික පිරිසක් මරණයට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, AP
හජ්: බිහිසුණු අනතුරු
2015: 700කට අධික පිරිසක් තෙරපී, පයට පෑගී මිය ගොස් ඇත.
2006: 364 දෙනෙකු තෙරපීමට ලක් වී මිය ගොස් ඇත.
1997: 343 දෙනෙකු ගින්නකට හසු වී මිය ගිය අතර 1,500ක් තුවාල ලබා තිබේ.
1994: 270ක් පයට පෑගී මිය ගොස් ඇත.
1990: 1,426 දෙනෙකු තෙරපී මිය ගියේ මක්කම පිහිටි උමගක් තුළ දී.
1987: 400ක් මිය ගියේ ඉරාන හිතවාදී උද්ඝෝෂකයන් මැඩපැවැත්වීමට සෞදි බලධාරීන් මැදිහත් වීමෙන්.








