රානා ප්ලාසා චිත්‍රපටයේ තහනම ඉවතට

2013 වසරේ බංග්ලාදේශයේ කඩා වැටුණු රානා ප්ලාසා ඇඟලුම් කම්හල සම්බන්ධයෙන් නිර්මාණය වූ වාර්තාමය වෘතාන්ත චිත්‍රපටයකට එරෙහිව පනවා තිබූ වාරණයක් ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ලෝකයේ සිදුවූ ඉතා අවාසනාවන්ත සහ දරුණු කාර්මික ව්‍යසනයක් වශයෙන් හඳුන්වනු ලබන රානා ඇඟලුම් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එක්දහස් එකසීයකට අධික පිරිසක් මිය ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
චිත්‍ර පටයේ යොදා ගෙන තිබුණු ඇතැම් නැරඹීමට අපහසු සංවේදී රූප රාමු මගින් බංග්ලාදේශ ඇඟලුම් ක්ෂේත්‍රයේ කීර්ති නාමයට හානි සිදු වන බවට එල්ලවූ චෝදනා මතයි වාරණය පනවා තිබුණේ.
රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටීමෙන් දින දාහතකට පසු සිදු කෙරුණු සෙවුම් මෙහෙයුම් වලදී රේෂ්මා අක්තාර් නම් තරුණියකගේ දිවි ගලවා ගැනීමට සෙවුම් කණ්ඩායම් සමත් වුනි.
රානා සමාගමේ ඇඟලුම් සේවිකාවක් වූ දහනම හැවිරිදි රේෂ්මා අක්තාර්ගේ ජීවිත කතාව වටා ගෙතුණු චිත්‍රපටයේ ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ රූගත කෙරුණු දර්ශන ද ඇතුළත් කර තිබේ.




