අසභ්‍ය හැකරුන් අමිතාබ්ගේ ට්විටර් පිටුවේ

ඡායාරූප මූලාශ්‍රය, Twitter

බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ ට්විටර් ගිණුමට අසභ්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යන හැකරුන් ඇතුළු වී තිබේ.

හැකරුන් විසින් අමිතාබ් බච්චන්ගේ ට්විටර් පිටුව මත 'අසභ්‍ය' වෙබ් අඩවි හා සම්බන්ධ තොරතුරු පළ කරනු ලැබ ඇති අතර මේ වන විට ඔහුගේ ට්විටර් ගිණුම යථා තත්වයට පත් කොට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty

තම ට්විටර් පිටුවට හකරුන් ඇතුළු වී ඇති බව සඳහන් වන්නේ අමිතාබ් බච්චන් විසින් පසුව නිකුත් කරනු ලැබූ ට්විටර් පණිවුඩයකයි.

තමටා මෙවැනි දෑ අවශ්‍ය නොමැති බවත් යළි මෙවැනි තත්වයක් ඇති නොකරන ලෙසත් සුපිරි නළුවා හැකරුන්ට අනතුරු හඟවා සිටියි.

හකරුන් කවුදැයි යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැති අතර ඉන්දීය සිනමා ලෝලීහු ලක්ෂ ගණනක් දිනපතා බච්චන්ගේ ට්විටර් පිටුවට පිවිසෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty

සුපිරි නළු බච්චන් විසින් තම වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ තොරතුරුද සිය ට්විටර් ගිණුම ඔස්සේ දිනපතා තම රසිකයන් සමග බෙදා හදා ගනියි.