දික්කසාද වූ ඉන්දීය කතුන්ට ලිංගික තහංචි

ඡායාරූප මූලාශ්‍රය, AFP
අනාචාරයේ හැසිරීම,දික්කසාද වූ කාන්තාවකට සිය සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කරන සාධකයක් බව දකුණු ඉන්දියාවේ අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.
ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම තීන්දුව අදාළ නඩුවේ කරුණු හා සසඳන විට නෛතික වශයෙන් සාධාරණීකරණය කළ හැකි නමුත් විනිශ්චය ප්‍රකාශ කිරීමට යොදා ගෙන තිබෙන භාෂාව අනුමත කළ නොහැකි බවයි.
විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ ප්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවක් සිය හිටපු සැමියාගෙන් නඩත්තු මුදල් ලබා ගැනීමට නම් දික්කසාදයෙන් පසුව බ්‍රහ්මචාරී ලෙස හැසිරිය යුතු බවයි.

ඉන්දියානු පවුල් නීතියට අනුව කාන්තාවක් අනාචාරයේ හැසිරීමෙන් දිකසාදය තීන්දු වෙයි නම් ඇයට සිය හිටපු සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට හැකියාවක් නැත.
බ්‍රහ්මචාරී දිවියක්
මෙම තීන්දුවට අදාළ නඩුවේ පවුල් අධිකරණය විසින් දික්කසාදය තීන්දු කර තිබුනේ කාන්තාව අනාචාරයේ හැසිරීම යන හේතුව මත බැවින් එම කාන්තාවට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ඉන්දියාවේ නීතියට අනුව නිවැරදි තීන්දුවකි.
කෙසේ වෙතත් විනිසුරු වරයා විසින් ඇයට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව පමණක් නොව කාන්තාවක් සිය දික්කසාදයෙන් පසු බ්‍රහ්මචාරී දිවියක් ගත නොකරන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කිරීම විවේචනයට ලක්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP GETTY
මෙම තීන්දුව ඉදිරි දික්කසාද නඩු වලටද බලපාන අතර විනිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශය ඉදිරි නඩු වලදී විනිසුරුවරයන් පදනමක් ලෙස යොදා ගැනීම තුලින් සැමියාගේ වැරදි මත දික්කසාද වන කාන්තාවකට පවා සිය සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට නම් සිය ජීවිතයට තනිව මුහුණ දෙමින් බ්‍රහ්මචාරී දිවියක් ගත කිරීමට නෛතිකව කෙරෙන බලපෑම සාධාරණ නොවන බවයි ක්‍රියාධරයෝ පෙන්වා දෙන්නේ.
විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ දික්කසාදයකින් පසු විවාහය තුල සිය සැමියා වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ආකාරයෙන්ම හිටපු සැමියාගෙන් පසු වෙනත් කිසිදු පුද්ගලයෙකු හා ලිංගිකව හැසිරෙන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නඩත්තු ලබා ගන්නා අතරතුර දී ඇය විසින් තවත් පිරිමියෙකු හා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වුවොත් එය ඇයගේ නඩත්තු මුදල් ගෙවීම අත්හිටවීමට හේතුවක් වනු ඇති බවයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම නඩු තීන්දුව ඉතා බියජනක තත්වයක් ඇති කරන අසාධාරණ අනතුරු ඇගවීමක් බවයි.








