ඇමරිකාවෙන් දුර්ලභ නිවුන් පැන්ඩා උපතක්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකා එක්සත් ජනපදයේ සත්ව උද්‍යානයක පැන්ඩාවෙක් නිවුන් පැටවුන් දෙදෙනකු බිහි කර තිබේ.
පසුගිය සතියේ මෙයික්සියාන්ග් නම් පැන්ඩා සත්වයා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු මෙම ගැහැණු සත්වයා පැටවුන් දෙදෙනෙකු සහිතව ගර්භනී අවස්ථාවේ සිටින බව සොයා ගැනීමට හැකි වූ බවයි වොෂින්ටන් නුවර ස්මිත්සොනියන් ජාතික සත්ව උද්‍යානයේ පාලකයෝ කියා සිටියේ.
පරීක්ෂණ ප්‍රතිපල වලට අනුව පැටවුන් දෙදෙනාම ඉතා සෞඛ්‍ය සම්පන්න තත්වයේ සිටින බවයි සත්ව උද්‍යාන පාලකයන් වැඩි දුරටත් කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වඳවී යාමේ තර්ජනයට ඉතා දරුණු ලෙස මුහුණ දී සිටින පැන්ඩා සත්වයන් සත්ව උද්‍යාන වලදී පැටවුන් බිහි කිරීම ඉතාමත් දුර්ලභ අවස්තාවක්.
ඇමරිකාවේ පැන්ඩාවන් ජීවත් වන සත්ව උද්‍යාන ඇත්තේ හතරක් පමණක් වන අතර එම පැන්ඩා සත්වයන් ගෙන්වා තිබෙන්නේද චීනයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
පැන්ඩා ගැහැණු සතෙකු ගැබ් ගැනීමට හැකි සරු කාලය වසරකටම දින දෙකකට හෝ තුනකට සීමා වීම හේතුවෙන් පවතින්නේ ඉතා පහළ ප්‍රජනන අනුපාතිකයකි.
මෙයික්සියාන්ග් පැන්ඩා එම සත්ව උද්‍යානයේ ම ජීවත්වන පිරිමි පැන්ඩාවකු ගේ සහ චීනයේ ජීවත්වන පිරිමි සතකුගේ ශුක්‍රානු කෘතීම ලෙස තැම්පත් කිරීමෙන් පසුවයි ගැබ් ගෙන තිබෙන්නේ.
පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වෙනු ඇති බවයි සත්ව උද්‍යාන පාලකයෝ පවසන්නේ.








