ජනාධිපති ඔබාමා පිය උරුමය සොයා

ඡායාරූප මූලාශ්‍රය,
සිය කෙන්යා සංචාරය නැගෙනහිර අප්‍රිකාවේ ත්‍රස්තවාදයට එරෙහි ඇමෙරිකානු කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන බව ජනාධිපති බරක් ඔබාමා පවසයි.
ජනාධිපති ඔබාමා එම ප්‍රකාශය කළේ සිය කෙන්යා සංචාරයට පෙර බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී.
කෙන්යාව ජනාධිපති බරක් ඔබාමාගේ පිය පාර්ශ්වයේ මුල් භූමිය වන අතර ඔහු එරටෙහි සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
කෙන්යාවේ පවතින දූෂණ අපචාර සහ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීම් පිළිබඳව මෙන්ම සමලිංගික සබඳතා රිසි ජනයාට එරෙහිව නඩු පවරනු ලැබීම් ආදියට එරෙහිව සිය සංචාරයේදී නයිරෝබි බලධාරීන්ට කෙලින්ම කියා සිටින බවයි ඇමෙරිකා එක්සත් ජනපද නායකයා බීබීසියට ප්‍රකාශ කළේ.
අද (24) කෙන්යාවේ නයිරෝබි නගරයට ලඟා වෙන ඇමෙරිකානු නායකයා අනතුරුව ඉතියෝපියාවේ දී අප්‍රිකානු සංගමය අමතා කතා කිරීමට ද නියමිතයි.
‘මම කෙන්යාවේ සහ ඉතියෝපියාවේ සංචාරයක නිරත වූ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා පමණක් නොව අප්‍රිකානු සංගමය ඇමතීම මගින් සමස්ත මහාද්වීපය අමතා කතා කළ පළමුවැනි එක්සත් ජනපද නායකයා ද වෙනවා’ බරක් ඔබාමා බීබීසී සාකච්ඡාවේ දී සඳහන් කළේය.
තුවක්කු සංස්කෘතිය

තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ඔබාමා ඇමෙරිකානු සමාජය තුල මුල්බැසගත් තුවක්කු සංස්කෘතිය පාලනයකට යටත් කරනු ලැබීම අතින් තමා ගත් උත්සාහය පල නොදැරීම සම්බන්ධයෙන් සිය බලාපොරොත්තු සුංවීමත් පළ කළේය.
ජනාධිපති ඔබාමාගේ සාකච්ඡාවෙන් පැය දෙකකට පසුව ලුසියානා ප්‍රාන්තයේ තුවක්කු කරුවෙක් සිනමා ශාලාවක දී දෙදෙනකුට වෙඩි තබා මරා දමා තමාටද වෙඩි තබා ගත් බවක් වාර්තා විය.
කෙසේ වුවද,තම පාලන අවධිය ඇතුළත ඇමෙරිකානු සමාජයේ වාර්ගික සබඳතාවන්හි වර්ධනයක් සිදු වූ බව ජනාධිපති ඔබාමා පවසයි.
වෙනත් ජාත්‍යන්තර ප්‍රවණතා
බීබීසිය සමඟ පැවැත්වූ සිය දීර්ඝ සාකච්ඡාවේ දී එක්සත් ජනපද නායකයා තවත් ජාත්‍යන්තර ප්‍රධාන මාතෘකා කීපයක් ගැනත් සිය අවධානය යොමු කළේය.

ලෝක බලයක් සඳහා එක්සත් රාජධානිය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතු යන්න ඔහුගේ අදහසයි.
ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, කොන්ග්‍රස් මණ්ඩලය විසින් එය අනුමත කරනු ඇතැයි සිය විශ්වාසය පළ කළේය.
එසේම ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පරාජය කිරීම සඳහා සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.








