තාලිබාන් ව්‍යාපාරයෙන් සාම පණිවිඩයක්

තාලිබාන් ව්‍යාපාරයේ සැඟවී සිටින නායක මුල්ලා ඕමාර්ට ඇෆ්ඝනිස්තාන් ජනාධිපති අෂ්රෆ් ඝානි ප්‍රසිද්ධයේ ස්තුති කරයි.
ඇෆ්ඝන් නායකයා එවැනි පියවරක් ගත්තේ ආණ්ඩුව සහ තාලිබාන් ව්‍යාපාරය අතර සාකච්ඡා සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් මුල්ලා ඕමාර්ගේ එකඟතාව පළවීම සැලකිල්ලට ගනිමින්.

ඡායාරූප මූලාශ්‍රය, bbc
ඊඩ් උත්සවය නිමිත්තෙන් අදහස් පළ කළ ඇෆ්ඝන් ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ තාලිබාන් නායකයා විසින් මේ සතියේ නිකුත් කරන ලද පණිවුඩය සාමය පදනම් කර ගත් එකක් වූ බවයි.
ඇෆ්ගනිස්තානයේ පවතින දේශපාලන ධාරාවට එක්වීමට අවශ්‍යව ඇති නිසා තාලිබාන් සංවිධානය සෙසු කැරලිකාර කණ්ඩායම් වලින් වෙනස් වන බවයි ඔහු ප්‍රකාශ කළේ.




