පහර දී මරා දැමුණු තරුණිය: පොලිසියේ එකොළහකට සිර දඬුවම්

විසිඅට හැවිරිදි ෆර්කුන්දා නමැති තරුණිය කුරානයේ පිටපත් පුලුස්සා දැමූ බවට කාබුල් පල්ලියේ මුල්ලාවරයකු විසින් චෝදනා එල්ල කර ඇති අතර ඉන් පසු කෝපයට පත් පිරිසක් මිය යන තෙක් ඇයට පහර දී ඇයගේ සිරුර පුළුස්සා දමා තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, විසිඅට හැවිරිදි ෆර්කුන්දා නමැති තරුණිය කුරානයේ පිටපත් පුලුස්සා දැමූ බවට කාබුල් පල්ලියේ මුල්ලාවරයකු විසින් චෝදනා එල්ල කර ඇති අතර ඉන් පසු කෝපයට පත් පිරිසක් මිය යන තෙක් ඇයට පහර දී ඇයගේ සිරුර පුළුස්සා දමා තිබුණි

ප්‍රකෝපකාරී කණ්ඩායමක් විසින් පහර දී මරා දැමුණු තරුණියකගේ දිවි ආරක්ෂා කිරීමට අපොහොසත් වූ පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට ඇෆ්ගනිස්තාන අධිකරණයක් වසරක සිර දඬුවම් නියම කරයි.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් චෝදනා ලැබ සිටි එකොළොස් දෙනෙකු නිදහස ලබා තිබේ.

කුරානයේ පිටපතක් පුළුස්සා දැමූ බවට සාවද්‍ය චෝදනා ලත් ෆකුන්ඩා නමැති තරුණිය පහර කෑමට ලක් වූයේ පසුගිය මාර්තු මාසයේදීයි.

පොලිස් නිලධාරීන්ට ලබා දුන් කෙටි දඬුවම ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විසින් හෙළා දැක තිබේ.

ඝාතනයට සම්බන්ධ වූ සිව් දෙනකුට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර තවත් අට දෙනකුට වසර දාසයක සිර දඬුවම් නියම කරණු ලැබීය.