ඉන්දීයාවේ විභාග වංචාවක් - 300 අත් අඩංගුවට

විභාග ප්‍රශ්න පත්‍ර වංචාවක් සම්බන්ධයෙන් ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ බලධාරීන් විසින් තුන්සිය දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
බලධාරීන් මෙම තීන්දුව ගෙන ඇත්තේ සිසුන්ට උත්තර පත්‍ර ලබා දෙන දර්ශන අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟයි.
අත් අඩංගුවට ගත් බොහෝ දෙනෙක් සිසුන්ගේ දෙමව්පියන්.

සිසුන් 750 ට වැඩි සංඛ්‍යාවක් විභාග ශාලාවලින් නෙරපා දමා ඇති අතර විභාග මධ්‍යස්ථාන හතරක ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග අවලංගු කොට තිබේ.
තට්ටු කිහිපයකින් යුත් විභාග ශාලාවක තාප්ප උඩින් පිරිසක්, සිසුන්ට ලිඛිත උත්තර පත්‍ර ලබා දෙන ආකාරය, වීඩියෝ දර්ශන සහ ජායාරූප වලින් දැක්වෙන අතර ඒවා අන්තර් ජාලය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතී.

එම සිසුන්ගෙන් උත්තර පත්‍ර ලබාගෙන වෙනත් සිසුන් කොපි කරන ආකාරයත් එම දර්ශනවලින් පෙන්නුම් කෙරේ.




