ජිහාඩ් කැරැල්ලට යුරෝපීය කාන්තාවන් පන්සිය පනහක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එකතු වීම සඳහා බටහිර යුරෝපීය රාජ්‍යවලින් කාන්තාවන් පන්සිය පනහක් පමණ ඉරාකයට සහ සිරියාවට ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.
ජිහාඩ් කැරැල්ලට එක් වුණු කාන්තාවන් ගැන ස්වාධීන ආයතනයක් (Institute for Strategic Dialogue) සිදු කළ ප්‍රථම සමීක්ෂණය මෙය බවට විශ්වාස කෙරෙයි.
තම ජීවිතය අවදානමක තබමින් බටහිර යුරෝපීය කාන්තාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙම සමීක්ෂණය තුළින් ප්‍රශ්න කර තිබේ.
පෞද්ගලික මැසිවිලි සහ ජිහාඩ් කැරලිකරුවෙකු විවාහ කර ගැනීමට ඇති රුචිය ඇතුළු විවිධාකාර හේතූන් මත මෙම කාන්තාවන් එම තීරණයට එළැඹ ඇති බව ඉහත කී වාර්තාව සඳහන් කරයි.
පවතින අවදානම පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට බොහෝ කාන්තාවන් අපොහොසත් වී ඇති නමුත් ඔවුන්ට යළි සිය රට බලා පැමිණීමට නොහැකි තත්වයක් පවතින බවද එම වාර්තාවේ සඳහන් වෙයි.




