'කියුබාව සමග ඇති වෙළඳ සීමා අවසන් කරමු' - ඔබාමා

ජනාධිපති ඔබාමා එක්සත් ජනපද කොන්ග්‍රසයේ වාර්ෂික සභාව අමතමින්

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඔබාමා එක්සත් ජනපද කොන්ග්‍රසයේ වාර්ෂික සභාව අමතමින්

ඇමරිකානු ජනතාවට වාසි සැලසෙන නව ආර්ථික ප්‍රතිපත්ති රැගෙන ඒමත් මුල්‍යමය කඩා වැටීම නවතා දැමීමත් යන ඉලක්ක සපුරා ගත යුතුව ඇති බව ඇමරිකානු ජනාධිපති ඔබාමා ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රසයේ වාර්ෂික දේශනයේ දී ප්‍රකාශ කළේය.

ඇතැම් පුද්ගලයන් ඉතා සුළු ප්‍රමාණයේ බදු ගෙවීම හෝ තවත් සමහරුන් මුළුමනින් ම බදු නොගෙවා සිටීම ට හේතු වන බදු ක්‍රමයේ ඇති දුර්වලතා වෙනස් කිරීමට ද ඔහු ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය සේවා පරිපාලනය විසින් අත්පත් කරගනු ලැබූ ප්‍රගතිය මෙන්ම මුල්‍ය සහ ආගමන කටයුතු රෙගුලාසි තර්ජනයට ලක් කෙරෙන ඔනෑම ප්‍රවේශයක් නිෂ්ප්‍රභා කිරීමට කටයුතු කරන බවට ද ජනාධිපති ඔබාමා ප්‍රතිඥා දුන්නේය.

විදේශ ප්‍රතිපත්තිය ගැන සඳහන් කරමින් “ඉස්ලාම් රාජ්‍යය” ට එරෙහිව යුධ හමුදා යෙදවීමේ බලය ලබාදෙන යෝජනාවක් සම්මත කරගන්නා ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටි ඇමරිකානු ජනාධිපතිවරයා කියුබාව සමග පවතින වෙළඳ සීමාවන් අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටියේ.