'රේඩියෝ ෆ්‍රී යුරෝප්' ගුවන් විදුලියට තර්ජන

ඡායාරූප මූලාශ්‍රය, AP
අසර්බයිජානයේ ‘බකු’ අගනුවර සිය කාර්යාල වලට කඩා වැදුන බව ඇමෙරිකානු මූල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි ආයතනයක් පවසයි.
‘රේඩියෝ ෆ්‍රී යුරෝප් - රේඩියෝ ලිබර්ටි’ (Radio Free Europe - Radio Liberty) නම් එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පවසන්නේ, ‘රේඩියෝ අශාඩ්ලික්’(Radio Azadliq) නම් සිය අසර්බයිජාන් අංශයට කඩා වැදී කාර්ය මණ්ඩලයට ඉන් බැහැර වෙන මෙන් නියෝග කර ඇති බවයි.
මේ මාසය මුලදී එම අසර්බයිජාන් ගුවන් විදුලියේ මාධ්‍යවේදිනී කදිජා ඉස්මයිලෝවා (Khadija Ismayilova) අත් අඩංගුවට ගත් බවක් ද වාර්තා විය.
ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, මිනිසකු සිය දිවි හානිකර ගැනීම සඳහා පොලඹවන ලදැයි චෝදනා කරමින්.
අසර්බයිජාන් ජනාධිපති ප්‍රකාශක රමිෂ් මජ්දියෙෆ් (Ramiz Majdiyev) ප්‍රකාශයක් කරමින්, විදේශීය ආරක්ෂක අංශයක් සඳහා ක්‍රියාත්මක වෙන බවට ‘රේඩියෝ අශාඩ්ලික්’ (Radio Azadliq) ගුවන් විදුලියට චෝදනා කළේය.




