චීන ජපන් නායකයෝ නිහඬතාව බිඳිති

ජපන් අගමැති ශින්සෝ අබේ සහ චීන ජනාධිපති ශී ජින්පින්ග්

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපන් අගමැති ශින්සෝ අබේ සහ චීන ජනාධිපති ශී ජින්පින්ග්

චීන ජනාධිපති ශී ජින්පින්ග් සහ ජපන් අගමැති ශින්සෝ අබේ බලයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම වරට දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ විය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ බීජිං නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව යි.

දූපත් කිහිපයක අයිතිය අරඹයා වසර දෙකක් තිස්සේ උත්සන්න වෙමින් පවතින කලාපීය මතභේද පිළිබඳව දෙරටේ නායකයන් මෙහිදී කතා බහ කිරීමට නියමිතයි.

චීනය පවසන්නේ මෙම දූපත් පුරාණයේ පටන් චීනයට අයිතිව තිබූ බව

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය පවසන්නේ මෙම දූපත් පුරාණයේ පටන් චීනයට අයිතිව තිබූ බව

මූලෝපායී වශයෙන් වැදගත් වන ප්‍රධාන දූපත් දෙකක් මේ වන විට පවතින්නේ ජපන් ආණ්ඩුවේ පාලනය යටතේය.

නමුත් චීනය පවසන්නේ මෙම දූපත් පුරාණයේ පටන් චීනයට අයිතිව තිබූ බව.

මීට අමතරව තායිවානය ද මෙම දූපත්වලට අයිතිවාසිකම් කියයි.

කෙසේ වෙතත් ලෝකයේ දෙවැනි සහ තුන් වැනි විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක අතර පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා වැදගත් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.